" පුතා පරිස්සමෙන් යන්න . Airport එකට ඔයාව ගන්න මිස්ටර් කිම් එයී. "
පුංචි මගේ ඔලුව අත ගාලා කියද්දී එයාටත් හග් එකක් දීලා පැත්තකට වෙලා අපි දිහා බලන් හිටිය අයියා ගේ ඇගට පැනලා බදාගත්තේ එයාත් අනික් පැත්තට මාව බදා ගනිද්දී .
" ඔයා ගිහාම මම ආතල් එකට හරි රණ්ඩු කරන්නේ කා එක්කද හයියෝ . "
අයියා බොරුවට හුල්ලද්දි මම එයාව බදාගෙන ඉද්දිම පිට හැපුවේ අයියා එයාපෝට් එක කියලා නොබලා කෑගහද්දී .
" කන්න එපා යකෝ..... තවුසේ වැස්සියෙක් වගේ එල්ලිලා බැහැපන් බිමට. "
" බෑ බහින්නේ නෑ. මේ අයියා ඔයත් යන් කෝ. "
මම මූණත් බෙරි කරන් කියද්දී අයියා මගේ ඔලුව අතගාලා නලලට හාදුවක් දුන්නා. කොච්චර ගහගත්තාත් අපි දෙන්නාට දෙන්නා හරි ආදරේ . අපි අපේ ආදරේ පෙන්න ගන්නේ එහෙම තමා පොඩි කාලේ ඉදන්.
" ඇයි දැන් උබගේ අසාවනේ. මාව මොකටද. ගිහින් එහේ සුදු හුනෙක් සෙට් කරගනින්. "
කාටද මේ අපහාස. හයියෝ .
" මේ අයියා මේ සුදු හූනා කියන්න එපා. මිනිස්සුන්ට ගරු කරලා කතා කරන්න. තවුසේ හරි ලස්සන එකා වගේනේ රැවුලත් වවන් ගෝරිල්ලෙක් වගේ. වෙලාවට මාස්ක් එකක් කියලා එකක් දාන්නේ කැත වහගන්න. "
මම කියද්දී අයියා පිපිරෙන්න ගත්තේ එයාගේ ලස්සන සැවුලට පණ වගේ ආදරේ නිසා. ඒකට අපහාස කරනවට පොඩ්ඩක්වත් කැමති නෑ. එහෙමෙයි කියලා මම කටවහන් ඉන්නෙත් නෑ.
අයියා ව අවුස්සලා පොඩි පොඩි ආතල් ගන්නවා." මේ ඔයී මේ තවුසේ ව එයාපෝට් එකට ගෙනිහින් දාන්න මම දවස් තුනක් තෙල් පොලිමේ ඉදලා තෙල් ගහන් අවේ . එකයි රැවුල කපන්න බැරි උනේ. දුක අමාරු නොබලා තෙල් ටික ගහන් ආවේ තවුසේ ව කොරියාවට යවලා මට සැනසීමෙන් ඉන්න. පලයන් කෝ වද නොදී. "
මේ යකා පෙනේද යටි කුට්ටු වැඩ. මහා බලු වැඩ අයිසේ ඔව්වා.
" යනවා තමා එන්නේ නෑ ආයි මම ඔප්පෙක් සෙට් කරන් එහෙට වෙලා ඉන්නවා. "
" ඕ පප්පෙක් සෙට් කරන් එහෙම හිටපන් උබව එපා. "
හිත ඇති මාව එහෙම ලේසීයෙන් එලව ගන්න. මම යන්නේ නෑ එහෙම.

ESTÁS LEYENDO
Hello ... | KNJ | [ Completed ]
Fanficකොරියාවට ඉගෙන ගන්න එන තරුණියක් . ඇයට අහම්බෙන් හම්බෙන අපූරු මිතුරෙක්. ඇයගේ ජීවිතයට පැමිණෙන අහංකාර තරුණයෙක්. බාදක රැසක් අතරින් ගලා යන ආදර කතන්දරයක්. හිමි අහිමිවීම් , දුක් කරදර අතරින් ගලා යන ඔහුගේ හා ඇයගේ ආදර කතාන්දරය කෙසේ වේවීද Completed ..... 🥀🥀�...