chapter 5❄️

391 82 55
                                    

නම්ජූන් කියන්නේ කවුද මුරණ්ඩු ඩදබ්බර ටිකක් ආඩම්බරකාරයෙක් කිව්වොත් හරි . ඒත් මීට අවුරුදු ගානකට කලින් හිටිය නම්ජූන් හරිම ආදරණීයයි. ඒ ආදරණීය නම්ජූන් යම් සිදුවීමක් එක්කම වැලලිලා ගියේ හරි පුදුම විදිහට. නම්ජූන් රට පවා දාලා ගියේ ඒ හේතුව නිසා.

නමුත් හිත කොණක සැගවිලා ඉන්න ආදරණීය නම්ජූන් නැවතත් හුස්ම ගන්න පටන් අරන් කියලා නම්ජූන්ටම තේරෙන්න ගියේ කෙටි කාලයයි.

Namjoon pov .........

කිම් නම්ජූන් ඔව් ඒ මම . මන් ටිකක් මුරණ්ඩු චරිතයක් කිව්වොත් හරි . මගේ මල්ලිට උනත් දඩුවම් කරන්න මම දෙපාරක් හිතන්නේ නෑ. මම නපුරුයි වෙන්න ඇති . මම ආසයි තනියම ඉන්න. එතකොට ජීවිතේට දුකක් නෑ. ඒත් මගේ හිත මට පාලනේ කරගන්න බෑ.

නේහා. එයා මට කෙනෙක්ව මතක් කරනවා. මගේ එකම ආදරේ මාව බේරගන්න ගිහින් මගේ ඉස්සරහාම මැරුණ මගේ ආදරේ . සෝනා සෝනාගේ පිස්සු වැඩ හිනාව හැසිරෙන විදිහ ඔක්කොම අඩුවක් නැතුව නේහාත් කරනවා.

ඒ ඇස් මගේ වටේ කැරකෙද්දි මට මාව පාලනේ කරගන්න බැරිවෙලා යන්නේ ඇයි කියන්න මම දන්නේ නෑ. ඒත් මං දන්නවා ඒ හැගීම මොකක්ද කියන්න. ඒත් මං කැමති නෑ ආපහු ඒ හැගීමට ඉඩ දෙන්න. මම ආදරේ කරන්නේ සෝනට විතරයි . ඒත් මගේ හිත නේහාටම ඇදිලා යන්නේ එයා මගේ සෝනා වගෙ හැසිරෙන් නිසාද කියන්න මම දන්නේ නෑ. ඇත්තටම මම දන්නේ නෑ මම ඒ වෙලාවට ඒ කෙල්ලට සලකන විදිහවත්.

මගේ කේන්තිය මම හැමදාම වගේ එයාගේ පිටින් යැව්වා. වරදක් නොකරත් ඒ අහිංසක කෙල්ලට මම බැන්නා.

අද කොල්ලෙක් එක්ක නේහා ඉන්නවා දකිද්දී මට හුගක් තරහා ගියා. මම බැන්නා හුගක් නරක විදිහට. මට මාව පාලනය කර ගන්න බැරි උනා. දුකක්ද තරහාක්ද කියන්න මම දන්නේ නෑ.


එදා නේහාට බැනපු දවසේ ඉදන් අද වෙනක්න් එයා මගේ මූණ දිහාවත් බලන්නේ නෑ. මම එදා එයාට කතා කරපු විදිහ වැරදි . අනික ඒ කොල්ලා බලෙන් නේහාව කිස් කරන්න ගියා මිසක් නේහා නෙවේ ඒ දේ කරන්න ගියේ. ඒත් අන්තිමට මම කෙල්ලට හුගක් නරක විදිහට බැන්නා.

දැනට සති දෙකක් වෙනවා එයා මාව මග අරින්න පටන් අරන්නේ. මගේ හිතට මහා අමුතු දුකක් දැනෙනවා උනත් මට ඔනේ කරලා තිබ්බේ මේක නේද කියලා මම හිත හදාගත්තා. ඒත් මට එයාගෙන් සමාව ගන්න ඔනේ. දුරදිග නොබලා එදා බැන්නට. ඒත් මගේ ආඩම්බර හිත එකට හරස්කපනවා.

Hello ... | KNJ | [ Completed ] Donde viven las historias. Descúbrelo ahora