Fault ❗ (48)

4K 724 675
                                    

ටේහියුන්ග් පිජාමා එක ඇඳගෙන පහුවෙනිදාට වැඩට යන්න ඕන සූට් එකත් ඒ ගමන්ම තෝරන්න ඕන කියලා තීරණය කරේ උදේට ඇඳුම් හොය හොයා කරදර වෙන්න උවමනාවක් නොතිබ්බ නිසායි..

ඇඳුම් ශොප් එකක් වගේ තියෙන ක්ලොසෙට් එක වටේ ටේහියුන්ග් විනාඩි පහකට කිට්ටු වෙන්න කාලයක් ඇවිද්දත් එයාට හිතට අල්ලන විදිහේ ඇඳුමක් හොයා ගන්න බැරි උනා වගේම තුන් හතර පාරක් ඇන්ද ඇඳුම් ආයේ අඳින්න තිබ්බ අකමැත්ත නිසාම ටේහියුන්ග් අවසානේ ක්ලොසෙට් එකෙන් එලියට ආවේ අජුම්මාට කියලාවත් ඇඳුමක් තෝර ගන්න අදහසෙනුයි....

නමුත් ක්ලොසෙට් එකෙන් එලියට එනවාත් එක්කම ටේහියුන්ග්ගේ ඇහැ  ඉබේම වගේ ඇඳ තිබ්බ පැත්තට ගියේ එතන කාගේ හරි චායාවක් තියෙනවා වගේ දැක්ක නිසා....

කිසිම සද්දයක් නොකර ටේහියුන්ග් ඇඳ ලඟ තමන්ට පිටුපාලා ඉන්න ජන්කුක්ට අඩි පහලවක් විතර දුරින් ඉදන් හිටගෙන එයාගේ හඬ අවදි කරා....

🐯: ඔයා මොනාද ඔතන කරන්නේ ?

ටික වේලාවක් නිශ්ශබ්දව හිටියේ එකේ ප්‍රතිඵල විදිහට ටේහියුන්ග්ගේ තොල් අතරින් ඒ වචන එලියට ආවේ වෙනදා තියෙන කට හඬටත් වඩා තරමක් ගැඹුරු වෙලා....

ටේහියුන්ග්ගේ ටිකක් නපුරු පාටට පිට උන කට හඬට ගැස්සිලා ගිය ජන්කුක් ඊගාවට කරේ ටේහියුන්ග් හීනෙන්වත් නොහිතපූ විදිහේ වැඩක්....

සලාං 🖼️💥

ටේහියුන්ග්ගේ ඇස් ඉස්සරහාම තමන් අවුරුදු ගානක් පණ  වගේ රැක්ක ඒ පින්තුරේ බිම වැටිලා වීඳුරුව පවා ෆ්‍රෙම් එකෙන් එලියට එන ගමන් හැම පැත්තට විසිරෙද්දි ටේහියුන්ග්ට දැනුනේ එයාගේ හුස්ම ටික පවා හිර වෙලා යනවා වගේ හැඟීමක්.....

🐯: උබ මොකක්ද කරේ....!!!

ජන්කුක්ට නපුරු වෙන්න කිසිම උවනාවක් ටේහියුන්ග්ගේ තුන් හිතකවත් නොතිබුනාත් ටේහියුන්ග්ගේ කටින් "උබ" කියන වචනේ එච්චර සැරෙන් පිට උනේ ටේහියුන්ග්ටත් නොදැනීමයි.....

ඒ අතර මුලු කාමරේම දෙදරන්න කෑගහපූ ටේහියුන්ග්ගේ කට හඬට බය උන ජන්කුක් ගැහෙන කකුල් වලින් ඉක්මනින් ටේහියුන්ග්ගේ පැත්තට හැරෙනවාත් එක්කම එයාගේ හදවත තවත් එලියට පනින්න ආවේ වේගෙන් හුස්ම ඉහල පහල දාන ගමන් ගිනි පිට වෙන ඇස් වලින්  තමන් දිහා කේන්තියෙන් බලන් ඉන්න ටේහියුන්ග්ව දැකලා....

Bratty kid     (Completed ✅)Where stories live. Discover now