අද මන් හාෆ් ඩේ ....
අපේ එකීගෙ වැඩ වලට ගිය පලියට මගෙ වැඩ පාඩු කරන් බෑනෙ ....
අනික මන් මෙ අහින්සක ජීවිත එක්ක කරන්නෙ සෙල්ලමක් නෙමෙනෙ ...
මගෙ පොඩි හරි පරක්කුවකින් එයාලගේ
ජීවිත තීරණය වෙන්න පුළුවන්....
එයාල හොස්පිටල් එකේ ඉන්න කාලෙ ඇතුලත ඒ ජීවිතවල වගකීමෙන් කොටසක් මගෙ උරහිස් උඩත් තියනවා කියලා මන් අමතක කරල බැනෙ නේද ...ඉතින් මන් අද ආවෙ මගෙ ඉන්න පොඩිම පේශන් ගැන බලන්න හිතාගන ... සාමාන්යයෙන් නම් එයාව දෙන්න ඕන ළමා රෝග ඩොක්ටර් කෙනෙක්ට . ඒවුනාට එයාගෙ කේස් එක ටිකක් සීරියස් හින්දා මට බාරගන්න කියලා ඩිරෙක්ටර් බෝඩ් එක කිව්වා ...
අනේ එයා තාම හුගක් චූටියි .... යන්තම් මාස දෙකක් උනා විතරයි ...
එයා ලැබෙන්න ඉන්න කාලෙ ඒ දෙමාපියො මොනතරම්නම් බලාපොරොත්තු තියන් ඉන්න ඇතිද ....
එහෙම එකේ තමන්ගෙ දරුවගෙ හදවතේ සිදුරක් නම් .... ඒකත් මේ පැටියගෙ එකක් මදිවට තුනක්ම ....
සමහර සිදුරු තියනවා කාලෙත් එක්කම වැහිලා යන ...
ඒත් 100% ක් හොදවෙනකන් අපිට උනත් කියන්න අමාරුයි මොකද්ද වෙන්න යන්නෙ කියලා ..
Xia Mowi එයාගෙ නම ....
චූටිම චූටි පුතු පැටියෙක් .... ඒ දෙමාපියන්ගෙ පළවෙනි දරුවා ....
ඉතින් මන් කියනවත් වගේ ජීවිතේ කියන්නෙම වේදනාවක් නෙමෙද ...
ඒ අම්මට දරුවට කිරි ටිකක් දීගන්න ... ආදරෙන් සිපුමක් තියන්න ...
වඩාගන්න තරන් තාම වාසනාවක් ලැබුනෙ නෑ ....
විසබීජහරණය කරපු බෝතලේකට ඒ අම්ම පුරවල දුන්න කිරි බෝතලේ අර චූට්ටකට නැති රෝස පාට කටෙන් උරවද්දි මන් පුදුම ලෝභකමකින් බලන් ඉන්නෙ ...ඇත්තටම මේ ලෝකෙ අංගසම්පූර්ණ නැති දරුවො කීදෙනෙක් ඇතිද ....
මාස දහයක් නොකරන කැපකිරීම් කරලා දහසක් බලාපොරොත්තු තියන් ඒ අම්මයි තාත්තයි පැටියෙක්ව ලෝකෙට ගේන්නෙ මොන තරන් නම් ආදරේකින්ද සෙනෙහසකින්ද .....
ඒත් එකම එක තත්පරේකින් ඒ හැම හීනයක්ම තමන්ගෙ ඇස් ඉදිරිපිටම කඩන් වැටෙද්දි ඒ වේදනාව දරාගන්න පුලුවන් මොන අම්මටද ...
ඒකයි හේතුව මන් ඒ පුංචි කිරිකැටියගෙ ජීවිතේ වෙනුවෙන් මේ තරන් මහන්සි වෙන ...
එයානම් මේ මොකුත් දන්නෙ නැතුව තාරා පස්සත් උඩදාන් දොයි ....
ඒත් එයාගෙ නින්දට හැමතැනින්ම ගහල තියන බට කරදරයක් වෙන්න ඇති නේද ...
මොනා කරන්නද මේක තමයි ජීවිතේ හැටි ...
YOU ARE READING
Write Your Own 💚YiZhan❤️✅
Fanfictionසිත්තරෙක්මි ..... අකුරු ඇහිදින ... මගෙ කතාවට ........ ❤️ මවන්නෙමි ... නේකවිද රටාවන් .... ඒ පොතේ පිටු අතර ..... 💚