ආහ් ....
මොකද්ද ඒ .. ඉබ්බගෙන් නේද ඇහුනෙ ...
මන් එහෙමම ආපහු කාමරේට ගිහින් බලද්දි මේකා තාම තෙත ඇදුම් පිටින් ඇද උඩට වෙලා ගැහෙනවා ... තොල්පටත් නිල්පාට වෙලා .... මට බය හිතුනා ... මොකද මන් දැකලා තියනවා සීතල උහුලන්න බැරිව ෆිට් එක හැදුන අය ඕන තරන් ....
යිබෝ .. යීබෝ ඔයාට මාව ඇහෙනවද ...
මන් එයාගෙ කම්මුල් වලට තට්ටු දදා සිහිය ගන්න හැදුවත් එයාගෙ කම්මුල් සීතලට ගල් වෙලා කට ඒ වගෙම හන්දි ලොක් වෙලා තිබුනා ...
මන් එහෙමම එයාගෙ ඇගට ඇලිලා තිබුන සුදුපාට ආර්ම් කට් එක එයා කෙදිරිගාද්දිම ගලවලා දැම්මා ... සීතල හින්දමද කොහෙද එයා තව තව ගුලිවෙද්දි මන් එයාගෙ කලිසමත් එක්ක බොක්සර් එකත් ගලවලා දැම්මා ..
එයාගෙ නිරුවත ඉස්සරහා මට කිසිම දෙයක් දැනුනෙ නෑ ... මොකද මම චූටි පොකර් කියන චරිතෙන් ඈත් වෙලා ආපහු ඩොක්ටර් ජාන් කියන චරිතෙට පන දීලා උන්නා ....
ලෙඩ වෙනවා කියන එක කෙනෙක් අසරණම තත්වෙට ඇදලා දානකොට ඒ අසරණ කමින් ප්රයෝජන අරන් තමන්ගෙ ආසාවන් ඉශ්ට කරගන්න මානසිකත්වයක් කිසිම ඩොක්ටර් කෙනෙක්ට තිබුනෙ නෑ .... කොටින්ම කිව්වොත් ලෙඩ උන කෙනෙක්ගෙ නිරුවතක් කියන්නෙම ඩොක්ටර් කෙනෙක්ට කාමයක් වෙනුවට හෙදකමක් නැතිනම් වෙදකමක් උපදින තැනක් උනා ... ඉතින් මේ වෙලාවෙත් ඩොක්ටර් කෙනෙක් විදියට එයාව සනීප කරන එකෙන් එහාට කිසිම දෙයක් ගැන මගෙ අවදානයක් ලැබුනෙ නෑ ...
එහෙමම ටවල් එකෙන් එයාව පිහිදාපු මම එයාගෙ තිබුන ගනකම්ම පිජාම එක එයාට අන්දවල බ්ලැන්කට් එකෙන් එයාව හොදට කවර් කරා ... කාමරේ ඒසී එක වෙනුවට හීටර් එක ඔන් කරපු මම සර්විස් බෝයි කෙනෙක්ට කෝල් එකක් දාලා පේන් කිලර්සුයි සපෝස්ටියකුයි තමෝමීටර් එකකුයි ඉල්ලගත්තා ...
එයා තදින් හුස්ම ගන්නවා ... වතුරට වැටුන වෙලෙ එයාගෙ මාංශපේශි වලින් එලියට දාපු ඔක්සිජන් ආපහු ඒ මට්ටමටම දුන්නෙ නැත්තන් ක්රෑම්ප් එන්න පුලුවන් හින්දා මමත් උස කොට්ට දෙකක් තියලා එයාට හුස්ම ගන්න ඉඩ හදලා දුන්නා ....
YOU ARE READING
Write Your Own 💚YiZhan❤️✅
Fanfictionසිත්තරෙක්මි ..... අකුරු ඇහිදින ... මගෙ කතාවට ........ ❤️ මවන්නෙමි ... නේකවිද රටාවන් .... ඒ පොතේ පිටු අතර ..... 💚