change 🌀 (49)

4.2K 748 505
                                    

(MORNING 🌄 )

උදේ පාන්දර නැඟිට්ට ටේහියුන්ග් සම්පුර්ණයෙන්ම ෆුල් ඩ්‍රෙස් කරලා කාමරේන් එලියට ආවේ breakfast  එක අරන් ඉක්මනින් වැඩට පිටත් වෙන්න....

ටේහියුන්ග් කාමරෙන් එලියට ඇවිත් පඩිපෙල ලගඳි ජන්කුක්ගේ කාමරේ පැත්තට ඔලුව හැරෙව්වේ ජන්කුක් එලියට ඇවිත්ද කියලා බලන්න උනාත් ඒ කාමරේ දොර වහලා තියෙන විදිහ දැක්ක ටේහියුන්ග් හිතුවේ ජන්කුක් මේ වෙනකොටත් පහලට ගිහින් ඇති කියලා.....

ඊට ටිකකින් ටේහියුන්ග් බෝල ඇස් දෙක දිලිසගෙන තමන්ට ලඟ තියෙන හුරතල්ම හිනාව දාන ගමන් හිනා වෙන ජන්කුක්ගේ ඒ අහිංසක මුහුන බලාපොරොත්තුවෙන් කුස්සියට ඇතුල් උනාත් අද ටේහියුන්ග්ට ඒ මුහුන කුස්සියේ මේසේ උඩ නම් දකින්න බැරි උනා....

ලීසාත් අජුම්මාත් එකිනෙකාගේ මුහුනවල් නොබලා තම තමන්ගේ වැඩ කර ගනිද්දි ඒ දෙන්නාටම greet  කරපූ ටේහියුන්ග් වෙනදාට ලීසා ගාව තිබ්බ පුටුව වෙනුවට එයා හැමදාම ඉද ගත්ත ජන්කුක්ගේ එහා පැත්තේ පුටුවෙන් වාඩි උනා....

ටේහියුන්ග්ගේ කෑම පිඟාන මේසේ උඩින් තිබ්බ අජුම්මා කලින් රාත්‍රීයේ උන සිද්දියෙන් පස්සේන් ටේහියුන්ග් එක්ක හරියට මුහුන දිලා කතා නොකර ආයේම කිචන් කවුන්ටර් එක පැත්තට හැරුනේ ජන්කුක්ගේ කෑම ටික ලෑස්ති කරන්නයි....

තමන්ගේ ඉස්සරහා දුම් දාන කෑම පිඟාන තිබ්බාත් ගෑරුප්පුව අතේ ගුලි කරන් හිටිය ටේහියුන්ග් හැම තප්පරේම කුස්සියට ඇතුල් වෙන දොර දිහා බැලුවා...

වෙනදාට මේ වේලාවට කෑම මේසේ ඉදගෙන පුංචි බන්ඩිය ඉස්සරහට නෙරලා එනකන් කැම කන ජන්කුක් අද කුස්සියේ නැති වෙද්දි ටේහියුන්ග්ට දැනුනේ අමුතු විදිහේ පාලුවක්....

කලින් දවස් වල ජන්කුක්ව ගනන් නොගෙන උදේ කෑම වේල අර ගත්තාත් ජන්කුක්ගේ හුරතල් වැඩ වලට ටේහියුන්ග්ද රහසින් හිනා උනා....

නමුත් අද ?

පැය භාගයක්ම ටේහියුන්ග් ජන්කුක් එනකන් මඟ බලාගෙන ඉදලා අවසානේ කෑම එක නිවුනායින් පස්සේ කන්න ගත්තේ තවත් බලන් හිටියොත් එයාට වැඩට යන්න පරක්කු වෙන නිසා....

Bratty kid     (Completed ✅)Where stories live. Discover now