ENDLESS LOvE PART 02 🌧️❤️

80 22 23
                                    

Endless Love
Part 02
💝Jeffree 💝

වර්තමානය..🌸
@Hospital

Yibo's pov

අපි....ආයෙත් හම්බෙයි නේද.. නේද මගේ ශාන් මැනික....මට ඉක්මනින් ඔයාව බලන්න ඔනේ.ඒත් මට නැගිටින්න බෑ නේ. මැනික ඔයා ඔතන ඉන්නවා කියලා මං දන්නවා. මං ඇහැරෙනකන් ඔයා ඔතනම ඉන්නවා නේද..

Pov End...

"පේශන්ට්ගෙන් තාම වෙනස් විදිහේ ප්‍රතිචාරයක් ලැබුනේ නැද්ද නර්ස්"

"මේ දවස් දෙකේම කලින් තිබ්බා වගේම තමයි ඩොක්ටර් හැබැයි එයාගෙන් කදුලු එන එක නම් නැති වුනා."

"හ්ම්ම්ම්ම්.. අපි බලමු "

"ප්ලීස් ඩොක්ටර් මගේ දරුවට කොහොමද දැන්.. ඩොක්ටර් ඔයාලට බැරි නම් කියන්න මං මගේ පුතාව වෙන රටකට ගිහින් හරි හොද කරගන්නයි මට ඔනේ.."

"සර්..ඔහොම කලබල වුනා කියලා යිබෝ හොද වෙන්නේ නෑ වෙන රටකට ගියත්. මං හිතන්නේ තාත්තා ගිහින් යිබෝ එක්ක ටිකක් කතා කරන්න පේශන්ට මේ වෙලාවේ ඔන වෙන්නේ එයාගේ ආදරේ කරන අය.."

"ඩොක්‍ටර් මං දැන් දවස් දෙකක් මගේ පුතා එක්ක කතා කරා. ඒත්....ඒත්..."

"එයා ආදරේ කරන කෙනෙක් නැද්ද නැත්තන් යාලුවො එහෙම..."

ඩොක්ටර් අහපු දේ නිසා යිබෝගේ පපාගේ මූන වෙනස් වෙන්න ගත්තා.. කලකිරිමකින් සහ පසුතැවිමකින් මෙන් ඔහු අසරන ලෙස යිබෝ දිහා දොරේ කවුලුවෙන් ඔහු බලා සිටියා...

"හරි..හරි ඩොක්ටර් මං දන්න එයාගේ ලගම යාලුවෙක් ඉන්නවා මං කොහොම හරි එයාව එක්කගෙන එන්නම්..."

"වික්ටර්..වික්ටර් ..."

"ලොකු සර්.."

"වික්ටර්ට මතකයිද යිබෝගේ කොලේජ් එකේ එයාගේ යාලුවව.."

"ජෙෆ්රි..."

"අහ්.. අන්න හරි පුළුවන් ඉක්මනින් එයාව කන්ටැක්ට් කර ගන්න පුළුවන් ක්‍රමයක් බලන්න.. එයාව කන්ටැක්ට් කර ගත්තු ගමන් පුළුවන් නම් ඉක්මනින් එයාට මෙහෙට එන්න කියන්න... මගේ පුතා වෙනුවෙන්.. මගේ පුතා වෙනුවෙන් මං ඕන දෙයක් කරනවා වික්ටර් අනිවාර්යයෙන් ඔයා එයාව හොයා ගන්න ඔනේ..."

ENDLESS LOvE🌧️❤ [Yizhan FF ❤💚] (ONGOING)Where stories live. Discover now