Jungkook's View
අන්ද්වේ..යුන්බියා...
ඒ වීඩියෝ එකේ හිටියෙ යුන්බි..සිහි නැතුව..ඒ වගේම සම්පූර්ණයෙන්ම නිරුවත් කරලා..ඒ වීඩියෝ එකේ පරිසරය අඳුරු වුණත් ඒ ඉන්නෙ යුන්බිමයි කියලා අඳුන ගන්න අපහසු වුණේ නෑ..
තත්පර ගානක වීඩියෝ එකක් වුණත්..
දෙයියනේ මගෙ යුන්බි..
නිරුවත් වෙලා තිබ්බ ඒ ඇඟ පුරාම තුවාල පාරවල් තිබුණා..
මේ..මේ වීඩියෝ එක එදා රෑ..යුන්බිව රේප් කරපු දවසෙ ගත්තෙ වීඩියෝ එකක් කියලා තේරුම් ගන්න පුළුවන් වුණේ පැත්තක වැටිලා තිබ්බ යුන්බිගෙ ගවුම නිසා..
හුස්ම හිරවෙනත් එක්කම මං වටා තිබ්බ ලෝකයම කැරකෙනවා වගෙයි මට දැනුනෙ...මගේ අතින් ෆෝන් එක බිමට අතඇරෙන්න මහ වෙලාවක් ගියෙ නෑ..එතන දණ ගහගෙන අත මිට මොලවලා වේගෙන් පපුවට ගහගත්තෙ හුස්ම හිරවෙන ගතිය යන්තම් හරි අඩු කරගන්න..
ඇස් දෙක බොඳ වුණේ ගලපු කඳුළුවලට..
ඇයි..?ඇයි මේ දේවල් මෙහෙම සිද්ධ වෙන්නෙ?
ඇයි කාටවත් කරදරයක් නොකරපු අපි දෙන්නට මෙහෙම සිද්ධ වෙන්නෙ?
මම මගේ පිරිමි හිතට මෙහොතකට සමුදුන්නා..එක ගෑනු හිතක් ආරෝපණය කරගත්තා..ඉතින් මම ඇඬුවා..ඉකි ගගහා ඇඬුවා..
මේ මහ රෑ කිසි කෙනෙක් හිටියෙ නෑ මාව නවත්තන්න..මං අඬන විදිහ අහන්න..මට අඬන්න එපා කියන්න..මාව සනසන්න..මට ඒ වෙලාවෙ හිටියෙ මං විතරයි..
ආයෙත් නාද වෙන්න ගත්ත ෆෝන් එක ආන්සර් කරලා කනට ළං කර ගත්තෙ එක පිට එක වදින ඇඟිලි වලින්..
"හ්..හ්‍යොන්ග්.."මං කතා කළේ ඉකිගහන ගමන්..
"ජන්ග්කුකා..අඬන්න එපා කොල්ලෝ.."
"මට..මට බෑ හ්‍යොන්..මට..මට මැරෙන්න ඕනෙ දැන්.."
"මොනවද මේ කියවන්නෙ ජන්ග්කුක්..?විකාර කියවන්න එපා මේ වගේ වෙලාවක.."
"අ..අනේ..හ්.හ්‍යොන්..මගෙ යුන්බි..එයාට මොනා වෙයිද මේක දැනගත්තොත්..?"
"යුන්බිට දැනගන්න තියන්න එපා ජන්ග්කුකා..අපි මේක ඉක්මනට විසඳමු..මම ඒ වීඩියෝ එක ඔයාට එව්වෙත් ඔයා ඒක දැනගන්න ඕනෙ නිසා.."
"කොහෙන්ද මේක හම්බුනේ හ්‍යොන්?"
"ඔය වීඩියෝ ඒක වෙබ්සයිට් එකක තිබ්බෙ ජන්ග්කුක්..තවම ඔය වීඩියෝ එක ගොඩක් ෂෙයාර් වෙලා නෑ..ඒත් අපි පරිස්සම් වෙන්න ඕනෙ..යුන්බි ගැන කල්පනාවෙන් ඉන්න.."
"චේබල් හ්‍යොන්..කොච්චර වියදම් වුණත් කමක් නෑ,.ඒ වීඩියෝ එක අයින් කරලා දාන්න හ්‍යොන්..කොහොමහරි.."
"අපි උත්සහා කරමු ජන්ග්කුක්..පුළුවන් ඉක්මනට අපි මේක ඉන්ටර්නෙට් එකෙන් අයින් කරන්න ට්‍රයි කරමු..මොකද යුන්බි කියන්නෙ උඹේ වයිෆ් කියලා හැමෝම වගේ දන්න නිසා.."
"අනේ මගෙ කෙල්ලව බේරලා දෙන්න හ්‍යොන් මේකෙන්.."
"බය නොවී ඉන්න ජන්ග්කුකා..අපි උපරිම ට්‍රයි කරමු..හෙට කම්පැනි එකට එන්න පුළුවන්ද?අපිට එතකොට එකතුවෙලා මේ ගැන කතා කරන්න පුළුවන් නෙ.."
"හ්ම්ම්...දේහ්.."
"පරිස්සමින් ජන්ග්කුකා..යුන්බිව බලාගන්න.."
අමාරුවෙන් නැගිටගෙන මම කාමරේට ගියෙ යුන්බිව එච්චර වෙලා තනියම කාමරේ තියන්නත් හිතට බයක් දැනුන නිසා..ඇස්වලින් වැටුණ කඳුළු පිහිදදා ගිහින් මම යුන්බි නිදාගෙන හිටිය ඉරියව්වට බාධාවක් නොකර එයා ගාවින් වාඩිවුණා..
බ්ලැන්කට් එකෙන් යන්තමට මතුවෙලා තිබ්බ ඒ අහිංසක මූණ දැක්කම මාව පිච්චිලා ගියා..හා පැටියෙක් වගේ ගුලි වෙලා නිදි..මේ කිසිම දෙයක් නොදැන..
අනේ මගේ අසරණි..ඇයි මැණික ඔයාට මෙහෙම වෙන්නෙ?ඇයි මට ඔයාව පරිස්සම් කරගන්න බැරි?
මම පහත් වෙලා එයාගෙ නළලට තද හාදුවක් දුන්නෙ නින්දට බාධාවක් නොවෙන්න..
මොන දේ වුණත් මාත් එක්ක අන්තිම වෙනකම් ඉන්න යුන්බියා..මේ ජන්ග්කුක් ගාව ඉන්න..
ඔයා මගේ හුස්ම පොද..
ඔයා නැති ජීවිතයක් මට නෑ..
_________
-To Be Continued-
YOU ARE READING
Hide & Seek | Jungkook Centric | Completed
Fanfictionයුන්බිගේ රූපය ජන්ග්කුක් එක්ක පුළුල් විදිහට හිනාවුණා.. සෙනඟ අතරෙ හැංගුණා.. ආයෙත් මතුවුණා.. ආයෙමත් හැංගුණා.. ජන්ග්කුක්ගෙ තොල් අතරෙ මැවුණෙ නිරුත්සාහික හිනාවක්.. "ඔයා තවමත් ඒ සෙල්ලම කරනවා යුන්බියා.." Jungkook centric fanfiction • Mature Contents...