Third Person View
"කුක්..මං ඔයාට බ්‍රේස්ලට් එකක් හැදුවා.."යුන්බි කිව්වෙ ජන්ග්කුක්ගෙ අතට රෙදිපටිවලින් හදපු හුරුබුහුටි බ්‍රේස්ලට් එකක් පලන්දන ගමන්..
"චින්චා..කුමාවෝ යුන්බියා.."ජන්ග්කුක් කෙල්ලගෙ කම්මුල් දෙකෙන් මිරිකුවා..
"ඔයා මට මොනවද ගෙනාවෙ කුක්?"
"මං මගේ යුන්බිට ගෙනාවා...කිස් එකක්.."කියපු ජන්ග්කුක් කෙල්ලගෙ නළලට හාදුවක් දුන්නා..
"ආයිෂ්..කුක්..කිස් ඔට්ටු නෑ..මට තෑග්ගක් ඕනෙ..."යුන්බි කිව්වෙ නළලත් අතින් පිහිදාගන්න ගමන්..
"හරි හරී..අපෝ මල වාතේ.."කියපු ජන්ග්කුක් කෙල්ලගෙ අතින් පොඩි ටෙඩී කෙනෙක් තිබ්බා..
"කුමාවෝ..කුමාවෝ..කුක්...සරන්ගේ..."යුන්බි ජන්ග්කුක්ගෙ බෙල්ල බදාගෙන කොල්ලාගෙ කම්මුලකට තදින් හාදුවක් දුන්නා..
"යාහ්..ඔච්චර තදට මාව ඉඹින්න එපා යුන්බියා..හ්‍යොන්ලා හිනාවෙනවා..කම්මුල් රතු වෙලා තියෙනකොට.."
"එහෙනම් මම මේ පැත්තටත් කිස් එකක් දෙන්නම්.."කියපු යුන්බි තවත් තදින් ජන්ග්කුක්ගෙ අනිත් කම්මුලත් සිපගත්තා..ජන්ග්කුක් යුන්බිව ඇදලා අරගෙන කිති කවන්න ගත්තෙ යුන්බි මහ සද්දෙන් හිනාවෙනකොට..
හිනාවෙලා වැඩිකමට හතිදදා යුන්බි ජන්ග්කුක්ගෙ උරහිසට ඔළුව තියාගත්තෙ කොල්ලාගෙ අතට තමන්ගෙ අතත් පටලගෙන..
"කුක්.."
"වේ?"
"ඔයා කොච්චර කාලයක් මාත් එක්ක ඉන්නවද කුක්?"යුන්බි ඇහුවෙ ඒ ඉරියව්ව වෙනස් කරන්නෙ නැතුව..
"අන්තිම හුස්ම වෙනකම්.."ජන්ග්කුක් කෙල්ලගෙ අත තොල් අතරට හිරකරගත්තා..
ආයෙත් දෙන්නා අතර තිබ්බෙ තරමක නිහැඬියාවක්..ජන්ග්කුක් යුන්බි දෙන්නම ගිනි ගන්න බෝලයක් වගේ ඉර බැහැගෙන යන විදිහ බලාගෙන හිටියෙ වශීවෙලා වගේ..
"යුන්බියා.."
"ම්ම්?"
"ඔයා කොච්චර කාලයක් මාත් එක්ක ඉන්නවද?"ජන්ග්කුක් ඇහුවා..යුන්බි කොල්ලාගෙ ඇස්වලට එබුණෙ ආදරණීය විදිහට..
YOU ARE READING
Hide & Seek | Jungkook Centric | Completed
Fanfictionයුන්බිගේ රූපය ජන්ග්කුක් එක්ක පුළුල් විදිහට හිනාවුණා.. සෙනඟ අතරෙ හැංගුණා.. ආයෙත් මතුවුණා.. ආයෙමත් හැංගුණා.. ජන්ග්කුක්ගෙ තොල් අතරෙ මැවුණෙ නිරුත්සාහික හිනාවක්.. "ඔයා තවමත් ඒ සෙල්ලම කරනවා යුන්බියා.." Jungkook centric fanfiction • Mature Contents...