Jungkook's View
"යුන්බිට කොහොමද ජන්ග්කුක් දැන්?"මගෙ ළඟින් ඇවිත් වාඩිවෙලා පීඩී නිම් ඇහුවෙ මගේ අතකින් අල්ලගෙන..
පීඩී නිම්ගෙ ඉල්ලීමට හ්‍යොන්ලා එක්ක කම්පැනි එකට ආවෙ නෑවිත් බැරි හින්දා..ගෙල මුලටම හිර වෙලා ඉන්නවා වගෙයි මට දැනෙන්නෙ..
එක පැත්තකින් යුන්බි..අනිත් පැත්තෙන් මේ වීඩියෝ එක..
"වැඩි හොඳක් නෑ පීඩී නිම්..ගිය දවස් ටිකට වඩා ටිකක් කනවා.එච්චරයි..කිසිම කතා බහක් නෑ..බලාගත්ත අත බලාගෙන ඉන්නවා.."මම කිව්වෙ බර හුස්මක් පිට කරලා..
"එහෙම වෙන එක සාමාන්‍යයි ජන්ග්කුක්..ඔයාටම තේරුම් ගන්න පුළුවන් නෙ යුන්බි ඉන්න සිටුවේෂන් එක..ටික දවසක් යද්දි හැමදේම පරණ විදිහටම හරියයි.."
එහෙම වෙනවනම් කොච්චර දෙයක්ද කියලා මාත් හිතුවා..මේ ගෙවිලා ගිය දවස් ගානම මම ලෝදිය ගොඩක් මැද්දෙ පිච්චෙනවා වගෙයි කාලය ගෙව්වෙ..
අඩුවක් නැතුව යුන්බි වගේම මමත් විඳෙව්වා..
සමහර විට එයාටත් වඩා..
එයා මගේ මූණ නොබලා ඉන්න වාරයක් ගානෙ මාව මැරිලා යන්න තරම් වේදනා වින්දා..
මට මේ හැමදේකම අවසානයක් දකින්න ඕනෙ..ඉක්මනින්ම..
"අර වීඩියෝ එක ගැන මොකද පීඩී නිම්?අපිට ඒක අයින් කරන්න පුළුවන්ද..?"
මං අහද්දි පීඩී නිම්ගෙ බැරෑරුම් වුණා..අඳුරු වුණා..
"හ්ම්ම්..ඔයාට ඇත්තම කියන්න එපැයි ජන්ග්කුක්..ඒක අපි හිතපු තරම් ලේසි වෙන එකක් නෑ.."
පීඩී නිම් කියද්දි මගේ හිත ගැස්සුණා..."ඒත්..ඇයි පිඩී නිම් ඒ?"
"ඒ වීඩියෝ එක අපි ඊයෙ දකින වෙලාවට වඩා ගොඩක් ෂෙයාර් වෙලා තියෙනවා..ඊළඟ පැය විසි හතර ඇතුළත මේ වගේ දෙගුණයක්වත් ෂෙයාර් වෙයි ඒ වීඩියෝ එක.."මම බිත්තියට ඔළුව හේත්තු කරගත්තෙ එකපාරම දැනුන පීඩනයත් එක්ක..
"අපිට මේකට මොකක්ද කරන්න පුළුවන් පීඩී නිම්?"යුන්ගි හ්‍යොන් ඇහුවා..
"අපි මේ ගැන පොලිසියට පැමිණිලි කරන්න වෙයි ජන්ග්කුක්.."
"බෑ පීඩී නිම්..ඒකනම් කරන්න බෑ.."මම කිව්වා..
YOU ARE READING
Hide & Seek | Jungkook Centric | Completed
Fanfictionයුන්බිගේ රූපය ජන්ග්කුක් එක්ක පුළුල් විදිහට හිනාවුණා.. සෙනඟ අතරෙ හැංගුණා.. ආයෙත් මතුවුණා.. ආයෙමත් හැංගුණා.. ජන්ග්කුක්ගෙ තොල් අතරෙ මැවුණෙ නිරුත්සාහික හිනාවක්.. "ඔයා තවමත් ඒ සෙල්ලම කරනවා යුන්බියා.." Jungkook centric fanfiction • Mature Contents...