He is gone 🖤 (50)

4.2K 749 555
                                    

MORNING  🌄

උදෑසන හයයි තිහට  පමණ  නින්දෙන් අවදි උන ටේහියුන්ග් අඬ නින්දේන්ම තමන්ගේ ඇඳේ ඉඩ තියෙන පැත්ත අත ගෑවේ තමන් හොයපූ ඒ පුරුදු උණුහුම එයාට නොලැබුන නිසා....

🐯: කුකී...?

ටේහියුන්ග් තමන්ගේ ගැඹුරු මෝනින් වොයිස් එකෙන් ජන්කුක්ගේ නම අමතලා හිමින් ඇස් අරින්න සූදානම් උනේ ටේහියුන්ග් ඉන්නේ ඇඳේ තනියම කියලා තේරුන හින්දා....

හෙමින් තමන්ගේ ඇස් දෙක අතින් පිහිදමින් ඇඳෙන් කෙලින් උන ටේහියුන්ග් හෙඩ්බෝර්ඩ් එකට හෙත්තු වෙලා තමන්ගේ වම් පැත්තට ඔලුව හැරෙව්වේ ජන්කුක්ව බලාපොරොත්තුවෙන් උනාත් ඒ මොහොතේ ඇඳේ තනි වෙලා හිටියේ ටේහියුන්ග්නුත් ටේහියුන්ග් පෙරවගෙන හිටිය ඩුවට් එකත් විතරයි.....

සමහරවිට පාන්දර ජන්කුක් තමන්ගේ කාමරේට යන්න ඇති කියලා හිතපූ ටේහියුන්ග් ඇඳ පාමූල තිබ්බ සෙරප්පු දෙක කකුල් දෙකෙ දවටගෙන එහෙමම බාතෲම් එකට ගියා....

විනාඩි ගානක් ගෙවීලා ගිහින් තිබ්බා......

DING DONG 🔔

ටේහියුන්ග් උදේ වැඩ සේරම කරගෙන තවමත් ඔෆිස් යන්න වේලාව තියෙන නිසා පිජාමා එකට වෙනින් ඇඳුමක් ඇදගන්න ගමන් කාමරේ දොර ලඟට එනවත් එක්කම මැන්ශන් එකේ සිනූව නාද උනේ කවුරු හරි අමුත්තෙක් ඇවිත් ඇති බව ටේහියුන්ග්ට හඟවලා.....

🐯: අජුම්මා ඔයා කුස්සියට යන්නකෝ..මං බලන්නම්....

උදේ පාන්දරම ගෙදරට එන අමුත්තා ගැන සැක ඇති උන ටේහියුන්ග් දොර ලඟට ඇවිදගෙන යමින් හිටිය අජුම්මාට එහෙම කියලා හෙමින් පඩිපෙල බැස්සා....

: ගුඩ් මෝනින් ටේහියුන්ග්ගා...

ටේහියුන්ග් වැඩිය නොහිතාම දොරේ අඟුල් ඇරලා දොර ඇරියාත් එයාගේ ඇස් විශාල උනේ දොර ඉස්සරහා දත් ටිකම එලියේ දාගෙන හිනා වෙලා ඉන්න පුද්ගලයාව දැකල....

🐯: ය්..යුන්ගි හියුන්ග්...??

ටේහියුන්ග් දොර ඉස්සරහා ඉන්න යුන්ගි දිහා තවමත් පුදුමෙන් ඇස් ලොකු කර ගන්න ගමන් බලන් ඉද්දි අඩියක් ඉස්සරහට තිබ්බ යුන්ගි එහෙමම ටේහියුන්ග්ව බදා ගත්තා....

Bratty kid     (Completed ✅)Where stories live. Discover now