Do i love him ? 💓 (51)

3.8K 762 439
                                    

එයාපොර්ට් එකේ පැයකට වඩා වැඩි කාලයක් හිටිය ටේහියුන්ග් අවසානේ ගෙදර ආවේ අඬලාම තෙහෙට්ටු උන ස්වරූපෙන්....

රතු කර ගත්ත නහයත් , ඉදිමිලා තිබ්බ ඇසුත් එක්ක ටේහියුන්ග් ගෙදර දොරේ දාරේට වාරු වෙලා මුලු ගේ ඇතුල දිහාම බැලුවා....

වෙනදාට ඒ ගෙදර තිබ්බ සිරියාවන්තකම වෙනුවට අද ටේහියුන්ග්ට දකින්න  පුලුවන් උනේ මුස්පෙන්තු ගුප්ත ස්වාභාවයක්  විතරයි...

ජන්කුක් යන්න ගියේ ඒ ගෙදර තිබ්බ සිරියාවන්තකමත් ඒ ගමන්ම අරගෙන...

හෙමින් දොරේ දාරේ අල්ලන්ම  කෙලින් වෙලා ගැහෙන කකුල් වලින් හිට ගත්ත ටේහියුන්ග් පඩිපෙල නඟින ගමන් උඩ තට්ටුවට ගිහින් කෙලින්ම ජන්කුක්ගේ කාමරේ ඉස්සරහින් හිට ගත්තා...

🐯: අජුම්මා....

ජන්කුක්ගේ ටෙඩීයෙක්ව පපුවට තුරුලු කරන් තවමත් කඳුලු සලන අජුම්මාට ටේහියුන්ග් අඬ ගහද්දි දොර ලඟින් ඇහුන කට හඬට ගැස්සිලා ගිය අජුම්මා ඒ පැත්තට ඔලුව හැරෙව්වා....

👩: ම්..මගේ පුංචි මැණික අජුම්මාව දාලා ගියා....

ටේහියුන්ග් දිහා බලාගෙනම එහෙම කිව්ව අජුම්මා කඳුලින් බොඳ උන ඇස් එක්ක ඇඳෙන් නැඟිට්ටා...

🐯: එයා අපි හැමෝවම දාලා යන්න ගියා අජුම්මා....

තමන්ගේ ලඟ හිටගෙන හිටිය අජුම්මාගේ අතින් තමන් මීට සති ගානකට කලින් ජන්කුක් එක්ක සුපර්මාර්කට් ගියපූ පලවෙනි දවසේ ජන්කුක්ගේ කරදර කිරිම් මැද මැශින් එකක් ඇතුලේ තිබිලා අරන් දුන්න ඒ පුංචි plushiව අතට ගත්තා....

ඒ රෝස පාට plushi මාසයක් ගත උනාත් තවමත් අලුත් පිටින්ම තිබ්බා...ජන්කුක් ඒ තරමටම එයාව පරිස්සමෙන් අරන් තියාගෙන තිබුනා....

Plushi ව අත් දෙකෙන්ම මිරිකගෙන ඒක දිහාම එක එල්ලේ බලන් හිටිය ටේහියුන්ග් එයාගේ ඉස්සරහා හිටගෙන තමන් වගේම ඒ ටෙඩී  දිහා බලන් ඉන්න අජුම්මා දිහාවට හැරුනා....

🐯: මට තනියම ටිකක් ඉන්න ඕන අජුම්මා...ඔයාට පුලුවන්ද කාමරේ දොර වහගෙන එලියට යන්න....

Bratty kid     (Completed ✅)Where stories live. Discover now