ඩොක්ටර් අන්තිම වතාවට කිව්ව කරුණු ගැන ටේහියුන්ග් නැවත නැවතත් සිහිපත් කරා....
" මං එයාට ආදරෙයි ද ? "
ටේහියුන්ග්ගේ මුලු මනසම වෙලාගෙන තිබ්බේ ඔය වාක්‍ය විතරයි....
රැයක් දවාලක් නැතුව ටේහියුන්ග් ඒ දේම පමණක් හිතන්න ගත්තා...එයා හිටියේ අතරමං වෙලා....කොයි තරම්වත් වයසින් පරිනත උනාත් තමන්ගේ හිතට දැනුන ඒ ලස්සන හැඟීම නොතේරෙන්න තරම් ටේහියුන්ග් හිටියේ ආදරේ කියන වචනේත් සමඟ අතරමං වෙලා...
ඔය සිතුවිල්ලත් එක්ක ටේහියුන්ග් දවස් දෙකක කාලයක් ඇඳ උඩම ගෙවලා දැම්මා...
එත් එක්කම මොන දේ කරන්නත් අසනීප හොඳ කරගෙන ඉන්න ඕන කියන කාරණේ තේරුම් ගත්ත දඩබ්බර ටේහියුන්ග් තමන්ට නියමිත වෙලා තිබ්බ බෙහෙත් ටික ඒ ඒ ආදාල වේලාවට අදිමදි නොකරම පාවිච්චි කරා.....
තමන්ගේ අත් දෙක ඔලුව පිටිපස්සෙන් තියන් ඇඳ උඩ ඇලවිලා ඉන්න ගමන් ටේහියුන්ග් යලිත් වතාවක් ජන්කුක්ගේ ලස්සන හිනාව මතක් කරා...
ජන්කුක් හිනා වෙද්දි ඒ නහය හැකිලෙන විදිහ , ඒ බෝල ඇස් තරු කැට වගේ දිලිසෙන විදිහ , හුරතල් කට හඬින් සද්දෙන් හිනා වෙන විදිහ , හැම සතුටු හිතෙන මොහොතකම අත්පුඩි ගගහා උඩ පනින විදිහ....
මේ හැමදේම ටේහියුන්ග් මතක් කරා.....
ජන්කුක් ටේහියුන්ග්ගේ මනසේ හැම තප්පරේම වගේ සැරිසැරුවා....නමුත් පිලිගන්න අකමැති උනාත් ටේහියුන්ග්ගේ හදවතේ ජන්කුක් වෙනුවෙන් ලොකු ඉඩක්ද වෙන් වෙලා තිබ්බා.....
ඒ අතරතුර පුංචි හුරුබුහුටි චන්ඩි පැටියාව මතක් වෙන හැම සැරේම ටේහියුන්ග්ගේ ඇස් අඩුවක් නොවෙන්නම තෙත් උනා....හැම සැරේම ඒ දේ සිද්ද උනා...
නමුත් ඒ සේරම දේවල් ලස්සන මතකයන් විතරයි කියලා දැනුන තැන ටේහියුන්ග්ගේ පපුව මිරිකුනා....යමක් පපුව මත හිර වෙලා තියෙනවා වගේ දැනුනා...කවදාවත් එලියට ගන්න බැරි විදිහේ බර දෙයක් ඒ හදවත ඇතුලේ හිර වෙලා තිබුනා......
හැමදාම වගේ ටේහියුන්ග් වහගෙන ඉන්න ඇස් අඟින් ආයේත් පාරක් කඳුලු වැල් රූටලා ගිහින් කොට්ටේ තෙත් කරා....කාත් කවුරුත් නැති ජන්කුක්ගේ කාමරේ තනි උන ටේහියුන්ග් ජන්කුක්ගේ මතකයන් ඇතුලේ අතරමන් වෙන ගමන් තවමත් ජන්කුක්ගේ සුවඳ පිරිලා තිබ්බ කොට්ටේ උඩ තමන්ගේ ඇස් වලට පිරෙන කඳුලු බිංදු වලට නිදහසේ ගලාගෙන යන්න ඉඩ දුන්නා....
YOU ARE READING
Bratty kid (Completed ✅)
Fanfiction🐯: ෆක් ජන්කුක්....!!!!! 🐰: මං පක් ජන්කුක් නෙමෙයි...මං ජියෝන් ජන්කුක්.... හුරතල් කොල්ලෙක්ගේ දඟ වැඩ වලින් පීඩා විදින දඩබ්බරකාර කොල්ලෙක්ගේ අසරණ ජිවීත කතාව.....😜 Top tae...⬆️ Bottom kook...⬇️ Age gap...🚫 Funny nd fluffy...🍡 DON'T COPY MY WORK ⛔