" ජිනී මෙහෙ එන්න හැංගෙන්න "
ගාඩ්න් එකට එන ගමන් හිටිය නම්ජුන් ගාඩ්න් එකෙ හිටිය සේවකයො දැකලා ජින්වත් ඇදගෙන ම ළග ම තිබ්බ උණ පදුරට මුවා වුණා.
" ජූනි...... මොකද්ද එයාලා ඒ කරන්නෙ ?"
සෙක්‍යොන්ගෙ අණත් එක්ක ස්ට්‍රැචුස් පැත්තකින් ගොඩ ගහලා තියන දිහා බලන ගමන් ජින් මිමිණුවෙ නම්ජුන්ගෙ කන ගාවට ලං වෙලා.
" මං දන්නැ ජිනි.... ඒත මට හිතෙන්නෙ අපේ අම්මා හදන්නෙ කාස්ල් එක සම්පූර්ණ කනපිට ගහන්න..... ඔයාට බෑද මොනා හරි කරන්න....."
" ම්ම්...... පුළුවං "
ගාඩ්න් එකේ ස්ට්‍රැචුස් උස්සං එහෙ මෙහෙ යන අය දිහාත් ජින්ගෙ අත් දිහාත් නම්ජුන් බැලුවෙ යම් අදහසක් හිතේ තියාගෙන.
ඒ එක්ක ම කඩියො වගේ වැඩ කර කර හිටිය සෙක්‍යොන්ගෙ සේවකයො ටික ස්ට්‍රැචුස් හිටිය හිටිය තැංවල අතෑරලා කෑගහන ගමන් දුවන්න ගත්තා.
සෙක්‍යොන් පවා පුදුමෙන් වටපිට බැලුවෙ තමන්ගෙ සේවෙකයො එච්චර බය වෙන්න තරං වුන දේ මොකද්ද කියලා.
ඒ වෙලාවෙ තමා සෙක්‍යොන් දැක්කෙ එයාට පිටිපස්සෙන් තිබ්බ දිග හෝස් බටේ අහස උඩ පාවෙන විදිහ.
නම්ජුනුත් ජින් ළගට වෙලා ජින් අත් එහෙ මෙහෙ කර කර කරන දේ දිහා බලං ඉද්දි සෙක්‍යොන් කෑ ගහගෙන කලන්තෙ දාලා බිම වැටුනෙ ඒ කෑගැහිල්ල ඇහිලා ජහ්වත් කාස්ල් එකෙන් එළියට දුවං එද්දි.
-----------------
🌸가위🌸
සුට්ටයි 😗👉👈
YOU ARE READING
Ghost Prince 💖 ✔️
FanfictionMy second story 🙂💖 Top : Joon Bottom : Jin Mature Content