16 the end 💖

314 44 55
                                    

ටික වෙලාවකින් නම්ජුන් වගේ ම ජින් හිටියෙත් ඒ බිල්ඩින් එකේ බ්‍රිගේනියර් රජතුමා වගේ ම රැජිනියගෙ පින්තූර ඇදලා තියන බිත්තිය ඉස්සරහ ඉටිපන්දම් දල්වගෙන.

" ජින් ඔයා ලෑස්ති ද "

" ම්ම් "

ජින් බයෙන් වුනත් ස්ථීර ස්වරයෙන් මිමිණුවෙ තම පියාණන්ගෙ පින්තූරය දිහා බලාගෙන.

" රජතුමනි, ඔබේ මාලිගයට වෙන්න යන දේ ඔබ තුමාට පේනවා නම් ඔබ තුමා ඉන්න තැනකින් ඇවිත් ඔබේ පුතුගෙ උරුමය ආරක්ෂා කර දෙන්න..."

නම්ජුන් නොනවත්වා දෑස් වසාගෙන මුමුණද්දි ජින් නම්ජුන් දිහා බලං හිටියෙ ආදරේ උතුරන ඇස් වලින්. මැරිලා ඉන්න තමන්ගෙ උරුමයන් ආරක්ෂා කරන්න තරම් ආදරයක්. ජින්ට දැනුනෙ ලොකු ආඩම්බරයක්. තමන්ගෙ තේරීම ගැන.

පැයක් පුරාවට ගලාගෙන ගිය කන්නලව්ව නැවතුනෙ අවටින් ඇහෙන්න ගත්ත වේගවත් හුළං සද්දෙ වගේ ම මහ වැස්ස නිසා. ඒ කඩා හැලෙන මහ වැස්සත් එක්ක ම බිල්ඩින් එකේ එකම ආලෝකය විදිහට තිබුන නම්ජින් දෙන්නගෙ අතේ තිබුන ඉටිපන්දම් නිවිලා බිල්ඩින් එක සම්පූර්ණ අන්ධකාරෙ ගිලිලා ගියේ දෙදෙනා අතරින් වේගයෙන් ගලාගෙන ගිය දැඩි සීත සුළග යම් ඉගියක් දෙදෙනාට ම ලබා දෙමින්.

" ජූන් එයා...... ආ.......ආවා....."

" යමු "

නම්ජුන් ජින්ගෙ අතින් ඇදගෙන වැස්ස නොබලා කාස්ල් එකට දුවන්න ගත්තෙ යම්කිසි අවිශ්වාසයකුත් ලාවට වගේ හිත ඇතුලෙ තෙරපෙද්දි.

නම්ජින් දෙන්නා කාස්ල් එකට යනකොටත් කාස්ල් එකේ පාටියට ආපු හැමෝම කාස්ල් එකෙන් එළියට දුවන ගමන් හිටියෙ බයෙන් කෑහගන ගමන් කලබලෙන්.

" ජින් "

කාස්ල් එකෙන් එලියට එන මිනිස්සු දිහා බලං හිටිය නම්ජුන් පියවි සිහියට ඇවිත් තමන්ගෙ අත අල්ලං හිටිය ජින්ව හෙව්වත් එයා ඒ වෙනකොටත් කාස්ල් එක ඇතුලට ගිහින් තිබුනෙ නම්ජුන්ගෙ මුළු ඇගම සීතල කරලා.

" ජ්......ජිනී...... මැ.....මැණික "

නම්ජුන් කාස්ල් එක ඇතුලට වේගෙන් දිව්වත් එයාට දකින්න හම්බුනේ හැමතැනම පෙරලිලා තියන බඩුමුට්ටු වගේ ම තාමත් එලියට දුවමින් ඉන්න කිහිපදෙනෙක් විතරයි.

Ghost Prince 💖 ✔️Wo Geschichten leben. Entdecke jetzt