" මිස්.සෙක්‍යොන් අපි දැං ඈංගල් එක වෙනස් කරමු. "
" ම්......කොහොමද "
කාස්ල් එකෙ ගුප්ත ගතියට ගැලපෙන විදිහටම අලු දුඹුරු පැහැ ගත් විලුඹ දක්වා දික් වුනු ගව්මකින් සැරසිලා සෙක්‍යොන් හිටියෙ කාස්ල් එකේ ප්‍රධාන දොර ළග. ෆොටෝ ග්‍රැෆර්ගෙ කට හඩත් එක්ක සෙක්‍යොන් ලගට ආව ගෑනු ළමයා සෙක්‍යොන්ට එයා ඉන්න විදිහ වෙනස් කරන්න උදව් කලේ ෆොටෝ ග්‍රැෆර්ට අවශ්‍ය විදිහට.
කාස්ල් එකේ ප්‍රධාන දොරෙන් ඇතුලට යන විදිහට සෙක්‍යොන් හැරුනෙ අමුතුම අලංකාරයක් එ තුළින් කියා පාමින්.
" අහ්........ගුඩ් "
" එහෙනං අදට ශුට් එක ඉවරයි "
" ඕ....... ඒක නං හොදයි..... මටත් ගොඩක් මහන්සි "
" ඉතිං සෙක්‍යොන් ඔයා මේක ගන්නවද "
" මගෙ මැනේජර් මේකෙ අයිතිකාරයා එක්ක කතා කළා. තාම සෙට්ල් නැ.........."
මිස්ට් හ්වොන් ළගින් වාඩි වුන සෙක්‍යොන් මිමිනුවෙ විශාල භුමිය පුරා විහිදිලා තියන කාස්ල් එක දිහාට ඇස් යොමු කරන ගමන්.
--------------------------
" කෝ කකුල තියන්න "
නම්ජුන් හිටියෙ ජින්ව තමන්ගෙ රූම් එකෙ ඇද උඩ ඉන්දවලා ජින්ගෙ කකුල් වලට රෝද සපත්තු දාන ගමන්. ජින්ගෙ කකුල් දෙක ළග දණ බිම තියලා වාඩිවෙලා ඒ සියුමැලි කකුල්වලට නම්ජුන් සපත්තු දෙක දැම්මෙ ජින්ට රිදෙයි කියල බයෙං වගෙ.
නම්ජුන් තමන්ට සපත්තු දාන දිහා ජින් බලං හිටියෙ ගොඩක් ආසාවෙන්. නම්ජුන් හිටිය විදිහට ජින් හොදින් ම රස වින්දෙ නම්ජුන්ගෙ කඩවසම් මූණ.
" හරි නැගිටිමු "
තමන්ගෙ උරහිසෙ තිබුන ජින්ගෙ අත අල්ලලා ඉස්සරහට ගත්ත නම්ජුන් එයත් නැගිටින ගමන් ජින්වත් නැගිට්ටෙව්වෙ ගොඩක් පරිස්සමෙන්.
" ඔයා ඔහොම ඉන්න........ මාත් දාගෙන එන්නම්......."
" හ්ම්ම්ම් "
ජින්ව දොර ගාවින් හිටවලා නම්ජුන් ඇවිත් අනිත් රෝද සපත්තු දෙක දාගත්තා.
නම්ජුන් නැගිටලා ජින් ලගට යනවත් එක්කම ජින්ගෙ බැලන්ස් එක නැතිවෙලා ගියෙ ජින්ගෙ එක කකුලක් රොද සපත්තු නිසා එයාටත් හොරෙන් ඉස්සරහට යද්දි. ඒ වුනත් ඉක්මන් වුන නම්ජුන් වැටෙන්න ගිය ජින්ගෙ සිහින් ඉනෙන් අත දාලා තමන්ගෙ පැත්තට වැටෙන විදිහට ඇදලා ගත්තෙ ජින්ගෙ ඇස් නම්ජුන්ගෙ ඇස් කෙළින් නවතිද්දි.
" ප්‍රශ්නයක් නෑනෙ ජිනී "
" නැ ........... නැ ජූනි....... අපි යමු "
නම්ජුන්ගෙ හඩින් හරි සිහියට ආපු ජින් නම්ජුන්ගෙ අතත් අල්ලගෙන ටිකක් ඈත් වුනෙ මද නොසන්සුන් ගතියකින්.
කාමරෙන් එළියට ආපු නම්ජින් දෙන්නා කොරිඩෝ එකේ රෝද සපත්තු පදින්න පටන් ගත්තෙ ජින් නම්ජුන්ගෙ පිටිපස්සෙ ඉදන් නම්ජුන්ගෙ උරහිසෙන් තදින් අල්ල ගනිද්දි.
නම්ජුන්ට කවදාවත් නොදැනුනු සතුටක් දැනෙද්දි එයා හයියෙන් හිනා වුනෙ නම්ජුන් ඒ සතුට දැකලා ලොකු සතුටක් ලබද්දි. කොරිඩෝ එකේ රෝද සපත්තු පදිද්දි වෙන්දට හිමින් ඇවිත් දැනෙන නොදැනෙන ගානට ඇගේ දැවට්ලා යන හුළග අද නම්ජින් දෙන්නගෙ සතුටට තව තවත් රුකුලක් වුනේ වෙන්දට වඩා වේගවත් වෙන ගමන්.
මේ දෙන්නා මේ විදිහට ලොකු සතුටක් ලබද්දි තවත් කෙනෙක් ඈත තියා ජින්ගෙ සතුටින් පිරිලා තියන මූණ දිහා බලං ඉදලා ගියෙ වචන කිහිපයක් සිහින්ව මුමුණමින්
" උරුමය පැමිණිලා........... නිදහස ළගයි පුතුනි........ "
____________________________
🌸가위🌸