Sorry 🌼

253 60 6
                                    

හ්..හියුන්ග්..

කුක්.ඔයාට අමාරුවක් නැ නේද?කොහෙ හරි රිදෙනවද?

යුන්ගි අහද්දි ජන්ග්කුක් නෑ කියන්න ඔලුව වැනුවා.දෙන්නාම ඇස්වල කදුලු පුරවන් හිටියේ ඒවා වැටෙන්න නොදි හිරකරගෙන.

මට මොකක්ද වුනේ හියුන්ග්.ඇ..ඇයි ඒ මිනිස්සු?

ඒක හිතන්න එපා.අපි එයාලාව හොයාගමු ඉක්මනට...දැන් විවේක ගන්න.අපි ඊට පස්සේ රෑට කන්න යමු.

යුන්ගි කියපු දේට ඔලුව වනපු ජන්ග්කුක් යුන්ගිගේ අත අල්ලගත්තා.

යන්න එපා හියුන්ග්.මාත් එක්ක ඉන්න.මාව දාලා යන්න එපා මට බයයි.

ජන්ග්කුක් ගේ ඇස් වලින් කදුලු වැටෙද්දි කලබල වුන යුන්ගි ජන්ග්කුක්ගේ ඇස් වල කදුලු පිහලා ඔලුව අතාගෑවා.

මම යන්නේ නෑ කුක්.ඔයාව මෙහෙදි හම්බෙයි කියලා මම හිතුවේ නෑ.ඒත් ඔයාව කවදාහරි හම්බුනාම ඔයාගේ මේ අල්ලගත්ත අත අතාරින්නේ නෑ කියලා මම මගේ හිතටම පොරොන්දු වුනා.ආයේ ඔයාට මගෙන් ඈතට යන්න දෙන්නෙ නෑ කුක්.තේරුනාද?හියුන්ග් ඔයා ලග ඉන්නේ ඒ නිසා බය නැතුව ඇස් පියාගන්න.විවේක ගන්න දැන්..

යුන්ගි ජන්ග්කුක් ගේ ඩුවට් එක පොරවලා එයාගේ ඔලුව අතගාද්දි ජන්ග්කුක් හිමිට එයාගේ ඇස් පියාගත්තා.

හ්..හියුන්ග් සමාවෙන්න.මම..මම ඔයාව දාලා ආවේ තරහකට නෙමෙයි..මම ඔ--

ශ්ශ්..කුක් මම දන්නවා ඔයා එහෙම කරේ අපි ඔක්කොගෙම හොදට.ඔයාගේ ලියුමේ වැඩි දෙයක් නොතිබ්බත් ඔයාව ආශ්‍රය කරපු මට ඔයා මේ හැමදේම කරේ ආයේ මට කරදරයක් වෙයි කියලා බය හිතුන නිසා කියලා මට තේරුම් ගන්න අමාරු වුනේ නෑ.ඒකයි අපි ඔයාගේ අප්පාගෙන් ඔයා ටිකක් ඈත් වෙනකන් හිටියේ..ඒත් කුක්..දැන් කොහොමද ඔම්මා අප්පාගේ තත්වේ?

ඔම්මා මීට අවුරුදු දෙකකට කලින් නැති වුනා හියුන්ග්.එයා වැඩට ගිහින් දවසක්ම ගෙදර ආවේ නෑ.අපි පොලිසියත් එක්ක හෙව්වා ඒත් ආරංචියක් තිබ්බේ නෑ.ඔම්මා අතුරුදන් වෙලා දවස් දෙකකට පස්සෙ ඔම්මාගේ බොඩි එක ගමක පොඩි ඇලක තිබිලා හම්බුනේ.තුවාල මුකුත් තිබ්බේ නෑ හැමෝම කිව්වේ ඔම්මා Suicide කරන් කියලා මොකද සාක්ෂි මුකුත් තිබ්බෙත් නෑ අනික ඔම්මා ඒ දවස් වල ගොඩාක් ලොකු පීඩනයකින් හිටියේ අප්පාගේ වැඩ නිසා.ඒත් මම දන්නවා මගේ ඔම්මා එහෙම කරගන්න තරම් දුර්වල නෑ කියලා.මොනාහරිම දෙයක් වෙලා තියෙනවා..

සමාවෙන්න කුක්..ඔම්මාට වුනදේට කනගාටුයි.ඒත් පරණ දේවල් වුනා.අපි දැන් ගැනයි හිතන්න ඕන..එතකොට අප්පා...ඒතකොට ඔයා බිස්නස් භාරගත්ත එක..

අවුරුදු හතර ඉවර වුන ගමන් අප්පා බිස්නස් මට භාර දුන්නත් එයා තමා මාව පාලනය කරේ.ඒත් අප්පා කරපු එක වැඩක් නිසා මට වෙනස් වෙන්න හිතුනා.

ඒ මොකක්ද ?

අප්පා මට වඩා අවුරුදු 4ක් වැඩිමල් කෙල්ලෙක්ව මැරි කරා.මට තිබ්බ කේන්‍තියටම අප්පා මං ලවා පාලනය කරපු දේවල් මට ඕන විදිහට කරන්න ගත්තා.මොකද මට තවත් අප්පා ගැන හැගිමක් තිබ්බේ නෑ.එයාගේ බිස්නස් රැකගන්නම ඕන කියලා දෙයක් මට තිබ්බේ නෑ ඉතින් මම මට ඕනි විදිහට ඒක පාලනය කරා.හැබැයි ඒකෙන් තවත් ඒක දියුනු වුනා.කම්පැනි එකේ හැමෝම ගොඩාක් ආසාවෙන් වැඩ කරන්න ගත්තේ මං එයාලට නිදහස දීපු නිසා වෙන්න ඇති.ඒත් අප්පා නිතරම විරුද්ධ වුනා.රන්ඩු වුනා.ඉතින් ඒ නිසාම මම මගේම කියලා ගෙදරකට පංදිචියට ගියා එයාලගෙන් ඈත් වෙලා...

හ්ම්..එක අතකට ඒක හොදයි කුක්.කොහොමත් ඔයා ඒ පවුලට ගැලපෙන්නෙ නෑ.

හ්ම්..ඔව්.ඉතින් හියුන්ගේ වැඩ කොහොමද ?

ඒවාත් සාමාන්‍යයි.ජින්ට ආයේ කොරියාවට එන්න ඕන වුන නිසා අපි මෙහෙට ආවා.අපි මෙහෙට අපේ ස්ටූඩියෝ එක මාරු කරා.දැන් මාස 5ක් 6ක් වගේ.අපි අපාර්ට්මන්ට් එකක ඉන්නේ.ජින්ලාගේ ගෙදර ගාවම මගේ ගෙදර ඒ නිසා ගොඩාක් වෙලාවට අපි එකට..ජින් හියුන්ග්ට ආයේ ප්‍රැක්ටිස් පටන් ගත්‍තා.එයා සෝලෝ ආටිස් කෙනෙක් වෙන්න ඇග්‍රිමන්ට් සයින් කරපු නිසා.ඉතින් ඒ කම්පැනි එකේම Producing වලට මාවයි ජුන්වයි ගත්තා.ඉතින් ඒ වැඩයි ස්ටූඩියෝ එකේ වැඩයි කරගෙන ඉන්නවා දැන්.

හියුන්ග් අපේ හට්සුකොයි?

ආ..සමාවෙන්න කුක්..හට්සුකොයි දැනට අවුරුද්දකට කලින් නැතිවුනා.එයා ටිකක් අසනීපෙන් හිටියේ.අපි උත්සාහ කරා එයාව බේරගන්න ඒත්...

හ්ම්..කමක් නෑ හියුන්ග්.එයා හියුන්ග් ගාව සතුටින් ඉන්න ඇති හිටිය කාලේ...

දැන් ඇති කතා කරා.කෝ ටිකක් නිදාගන්න...

යුන්ගි කියද්දි හිනා වෙලා ඔලුව වනපු ජන්ග්කුක් ඇස් දෙක පියාගත්තා.

...........
🌼❤️

You And IWhere stories live. Discover now