The muffin thief 🥧 (54)

3.4K 704 371
                                    

🐯: නූනා මං ගිහින් කුකීව ඉස්කොලේන් අරන් එන්නද...?

🌼: අනේ ඕන නැහැ ටේ...එයා තනියමම තමයි වෙනදාටත් එන්නේ....

🐯: උනාට කමක් නැහැ මං අද අරන් එන්නම්....

🌼: ඔයාට මහන්සි වෙන්න දෙන එක හොඳ මන්දා....

🐯: ඒක මොකක්ද...මං ගිහින් එන්නම් හොඳේ....

උදේ පාන්දර නැඟිට්ට ටේහියුන්ග්ට කලින් දවසේ තමන්ගේ තුරුලේ හිටිය ජන්කුක්ව නම් ඒ ඇඳ උඩ හොයා ගන්න බැරි උනා....

කලබලෙන් කාමරේ වටේ හොයලා බැරිම තැන පහලට ඇවිත් යූනාගෙන් ජන්කුක් කොහිද ගියේ කියලා ඇහුව්වායින් පස්සේ ජන්කුක් ඉස්කොලේ ගිහින් ඇති බව යූනාගෙන් දැන ගත්ත ටේහියුන්ග් හිත නිදහසේ පැය දෙක තුනක් ගෙදර වටේ ඇවිදමින් ගෙවලා දැම්මාත් ජන්කුක්ගේ හිනාව , ජන්කුක්ගේ කටහඬ අහන්නේ නැතිව තවත් නම් ඒ ගෙදර ඉන්න එක ටේහියුන්ග්ට කම්මැලි රාජකාරියක් උනා.....

අමාරුවෙන් යූනාගේන් පර්මිශන් අර ගත්ත ටේහියුන්ග් යුන්ගි රෙන්ට් එකට අරන් තිබ්බ කාර් එකෙන් ගියේ ජන්කුක්ගේ ඉස්කොලේ ගාවට....

විනාඩි ගානක ගමනකින් පස්සේ ටේහියුන්ග් ජන්කුක්ගේ ස්කූල්  එකට ටිකක් එහාට වෙන්න කාර් එක පාර්ක් කරලා ඉස්කොලේ ගේට් එක ලඟට වෙලා හිටගෙන හිටියේ තවත් පැයකම කාලයක් ඉස්කොලේ ඉවර වෙන්න තිබ්බ නිසා....

සැරෙන් සැරේ එහෙට මෙහෙට ඇවිදමින් ඉස්කොලේ ඇතුලට ඔලුව හරව හරව හිටිය ටේහියුන්ග් ඒ පැයත් අති සාර්ථක විදිහට හෙමින් ගෙවලා දාද්දි හරියටම දොලහයි හතලිස් පහට පමණ ඉස්කොලේ අවසන් සීනූව නාද කරේ පාසල් අවසන් බව හැමෝටම දැනුම් දෙමින්.....

ඊට ටික වේලාවකට පස්සෙ ටේහියුන්ග්ගේ මුහුන මත හීන් හිනාවක් ඇදිලා ගියේ උදේ ඉදන් දකින්න ආසාවෙන් හිටිය ඒ දිලිසෙන බෝල ඇස් වල අයිතිකාරයා උන ජන්කුක් බෑග් එකේ පටි දෙකම උරහිස් දෙකේ එල්ලගෙන තවත් කෙල්ල කොල්ලො වගයක් එක්ක ඉස්සරහ ගේට් එක ලඟට ඔලුව පහත් කරගෙන එන විදිහ දැකලා....

Bratty kid     (Completed ✅)Where stories live. Discover now