දවසක් එයා ඒයාගෙ පරණ ෆොටෝ එකක් ස්ටේටස් දැම්මා යාලුවෙක් එක්ක.. ඒකත් girl කෙනෙක් එක්ක...... ඒක බර්ත්ඩේ විෂ් එකක්....... එයා එතන අර ගර්ල්ගෙ ඉන වටේට අත දාලා ලං කරං හිටියේ.... දැංට වඩා ඒ කාලෙ එයාගෙ කොන්ඩෙ ගොඩක් කොටයි. ඒ වගේම ටිකක් සැර පාටයි....
හැබැයි නියම ටොම්බෝයි කෙනෙක් වගේ... මට මතකයි ඒ ගැන එයා මට කලින් කියලා තිබ්බා.. එයා ඔලෙවල් කාලෙ කොල්ලෙක් වගේමලු හිටියේ. ඒත් ගෙදරින් ආස උන නැති නිසා එයාට කොන්ඩෙ ටිකක් හරි වවන්න උනා කියල එයා මට කිවා....
ඒ අතර
මං ඒ පික් එක දිහා ගොඩක් වෙලා බලං හිටියා. එයා ඒ ගර්ල්ව අල්ලං ඉන්න විදිහ දැක්කම නොදැනිම මගේ හිතට පොඩි දුකක් දැනුනා.. ඒ ඔක්කොටම වඩා මම ෂොක් උනේ එයාගෙ ඊලග ස්ටේටස් එකට පාස් උනාම.දෙයියනෙ..... එයා අපේ ස්කූල් එකට එහා පැත්තෙ ඉස්කූල් එකේ... ලේසියෙන්ම කියනො නම් අපි දෙන්නම අගනුවර හොඳම ගල්ස් ස්කූල් දෙකට ගිහින් තියෙන්නේ....
මං ශොක් වෙච්චි පාර එයාට ඒකට රිප්ලයි කලා... " අනේ ඔයා ***** ද... කියලා..." එයා කලේ ඒකට හිනා උන එක.... මට එවෙලෙ හීතුනා එයාගෙ අදහස් වෙස්ටන් ටයිප් වෙන්න අපි දෙන්නම ගිය ඉස්කොලත් අනිවාර්යයෙන්ම බලපානව කියලා.
මොකද අපේ ඉස්කොල ගත්තම බහුතරය අපි වගේ වෙනස් විදියට හිතන ලමයි තමා හිටියේ...
.
.
.
.
.
.
.
.
.
.ඔය අතර අපිට යුනි එකේ පිසිකල් එක්සැම් එකකට එන්න උනා...
මං එදා ඒ තරං සතුටෙනුත් නෙවෙයි ආවෙ. මොකද මට යාලුවො කියලා ජාතියක් නෑනෙ.... කොටින්ම අපේ ඉස්කොලෙන් යුනි සිලෙක්ට් උන අයත් පොතේ ඇලිලා ගැලිලා කටපාඩම් කරන සෙට් එකේ ටිකක්.. ඒම වෙන්නත් එපායෑ.
මොකද මම කරපු ස්ටීම් එකෙන් අයිලන්ඩ් ටොප් සෙට් එක තමා අපේ යුනි එකට ගන්නෙ...මං කලිනුත් යුනි එකට ස්පෝට්ස් ප්‍රැක්ටිස් වලට ඇවිත් තිබුන නිසා මං පාර හොයං කැන්ටින් එකට ඇවිත් පැත්තකින් වාඩි උනා.. සැහෙන්න ලමයි ඇවිත්.... මහ ඝෝෂාව එක්ක නිදහසේ වැඩක් කරගන්නත් නෑ..
ඒ අතර මට කොල් එකක් ආවා...
ආ... ඒ මට යුනි එකෙන් හම්බ උන ටිකක් වෙනස් පිරිමි ළමයෙක්.. මං එයාව කවදාවත් දැකලා නෑ. ඒත් එයා මට සමහර දාට කොල් කලා..මට තේරුන එකම දේ එයාගෙ කටහඩ ගෑනු ළමයෙක් වගේ කියන එක විතරයි.
YOU ARE READING
Dream (සිංහල GL) ✅
Teen Fictionහදවත හයියෙන් ගැහුන එක දවසක් .... Girl Love Story (one sided love) University Life Don't Copy ©️ 2022.07. 15 By- bear 🐻