06.

689 94 6
                                    

" මං ගෙදර යනවා හලො ගොඩක් ස්තුතියි... බායි... "
මම ආධ්‍යාට ඒම මැසේජ් එකක් දානකොටම පිටිපස්සෙන් කවුද මන්දා මාව බය කරගෙන ලගට පැන්නා..

මං ඇත්තටම බය උනා... ඒත් ඒ හිටියේ ආධ්‍යා.. මං බය උනා කියල තේරුනාම එයා මාගේ කරවටේට අතක් දාලා මාව එයාගෙ ගාවට ඇදලා ගත්තා... මේ පාරේ.... යුනි එකේ ලමයි වටපිටේ ඉන්නවා.. ඒත් මෙයාට ගානක්වත් නෑ..

" බය උනාද ආ... අරගොල්ලො ගියා. මං මේ ඔයාව එක්කගෙන යන්න හිටියේ.." ආධ්‍යා ඒම කියන ගමන් මාවත් එක්කගෙන හිමින් ඉස්සරහට ඇවිදං ගියා...

මට අමුතු උනාම වටේ පිටේ කවුරුත් ලොකු වුවමනාවකින් අපි දිහා බලන්නෑ... කොමහරි පාරක් පැනලා ලස්සන චුටි අයිස්ක්‍රීම් කඩේකට අපි ආවා.
ජීනුයි කෙවිනුයි ඉදගෙන හිටීයා.. අර අනිත් ගර්ල් නම් හිටියේ නෑ...

ජීනුගෙ ෆොන් එක කෙවින් ඔබනෝ... කෙවින්ගෙ එකට එන කොල්ස් වලට ජීනු ආන්සර් කරනෝ.. මං ඒ දිහා බලං හිටියේ හිතේ අමුතු ආසාවකින්... ඒ වගේ රිලේශන් එකකුත් මරු..

ඒත් එක්කම ආධ්‍යා මගේ අත උඩට අරං එයාගෙ ෆොන් එක මගේ අත උඩින් තිබ්බා....
මං ඇස් ලොකු කරං එයා දිහා බැලුවා..
" ආ. මේක පොඩ්ඩක් අල්ල ගන්න. මං අයිස්ක්‍රීම් අරං එන්නම්.." එයා ඒම කියලා කෙවින්ටත් එන්න කියාගෙන කවුන්ටර් එක ගාවට ගියා..

මගේ ගොං මොලේට දැං නිකං මේක ඩබල් ඩේට් එකක් වගෙයි දැනෙන්නෙ.... මං පාර දිහා බලං හිටියේ අද දවසට මට මේ වෙච්චි දේවල් බර වැඩි වගේ දැනුන නිසයි.

අයිස්ක්‍රීම් ග්ලාස් හතරක් අරං දෙන්නා ඇවිත් ආපහු ඉදගත්තා.

ජීනුටයි කෙවින්ටයි එක ජාතියක් වගේම මටයි ආධ්‍යාටයි එක ජාතියක්..
මට ඉතින් රටේ නැති දේවල් හිතෙන්න ගත්තා... ඒත් overthinking කියන්නෙ මහ එපා කරපු ලෙඩක් වගේ හිතං මම අහක බලා ගත්තා..

කට්ටියම අයිස්ක්‍රීම් කන්න ගත්තා.. මාත් ඉතින් බොරු සංවරකම දාලා හිමින් හිමින් තමා ඒක කෑවෙ. ගෙදරදි නම් මම අයිස්ක්‍රීම් ටබ් එකක්ම  ටිකිස් ගාලා කනො. මෙතනදි නම් මේ පුංචි අයිස්ක්‍රීම් වීදුරුව කන්න මට පැය බාගයක් විතර ගියා.. අන්තිම චුට්ටක් කාලා ඉවර වෙනකොට තමා මම දැක්කේ මං කන විදිහ ආධ්‍යා බලාගෙන ඉන්නවා..

එයා මං දිහා බලං හිටිය නිසාම මම කට වටේට දිව යවලා පිහිද ගත්තා.
මේං ඒකටත් මෙයාට හිනා... අතක් මගේ පැත්තට අරං ආව ආධ්‍යා එයාගෙ දිග ඇගිලාලකින් මගේ කටේ කොනක ගෑවුන අයිස්ක්‍රීම් ටිකක් පිහිදලා දැම්මා.
ඉක්මනට මේසේ උඩ තිබ්බ ටිශු එකක් ගත්ත මම ඒකෙන් මුලු කටවටේම පිහිද ගත්තා..

.
.
.
.
.

කට්ටිය අයිස්ක්‍රීම් කරනකොට මට එයාලගෙ ගෙවල් ගැන පොඩි අයිඩීයා එකක් ආවා. ආධ්‍යාගෙ තාත්තා බිස්නස් කරන්නෙ. අම්මා එයාගෙ ඉස්කූල් එකේම ටිච කෙනෙක්. එයාටත් මට වගේම මහ එපා කරපු මල්ලී කෙනෙක් හිටියා...

ජිනුගෙත් පේරන්ස්ලා ගොඩක් එඩියුකොටඩ් අය... කේවින්ගෙත් පව්ලෙ හැමොම බිස්නස්... මගේ ගෙදර අයත් බිස්නස්. ඒම බැලුවම අපි හතර දෙනාම එකම මට්ටමේ වගේ පව්ල් පසුබිමක් තිබුන අය..

ඔය අතර අපේ අම්මා මට කොල් කලා.... මං විබාගෙ ඉවර වෙලා කෙලින්ම එයාලගෙ ඔෆිස් එකට එන්නම් කිව නිසා බලන්නයි එයා අරං තිබ්බෙ..

මට දැං යන්න වෙනවා...
මං බැලුවෙ ආධ්‍යා දිහා..

" ඔයා යන්නද හදන්නෙ.." මං දන්නෑ මට දැනුනෙ එයා ඒකට ඒ තරං කැමති නෑ කියලයි.. ඒත් මම ඉතින් මොනා කරන්නද මම ඔලුව වැනුවා..

"ම්... මං මෙයාව බස් එක ගාවට දාලා එන්නම් පොඩ්ඩක් ඉන්න ඈ." මෙන්න මෙයා අර දෙන්නාට ඒම කියලා මා එක්කම නැගිට්ටා.

මට නං මේ දේවල් හිතා ගන්න බෑ... මෙයා මගේ අතකිනුත් අල්ලං පාර දිගේම කෙලින්ම ආවෙ බස් ස්ටෑන්ඩ් එකට..

" ඒනං.. පරිස්සමින් යන්න හරිද......
ආපහු දවසක මිට් වෙමුකෝ.. " එයා හිනා වෙලා කියද්දි මාත් හිනා වුනා.

" හරි ඔයත්..බායි ඒනං.." මං එයාට කිවෙ එයා මගේ අත දැං එයාගෙ අත් දෙකෙන්ම අරං ඉන්න නිසා

බස් එකක් එනව දැක්ක නිසා මං අකමැත්තෙන් හරි එයාගෙ අත් අතරින් මගේ අත අහක් කරගත්තා....

" බායි ගාවු.... " එයා ආපහු හිනා වෙලා කියද්දි මම අත වනලා බස් එකට නැග්ගා

ඒ මම එයාව දැනට දැකලා තියෙන පලවෙනී වගේම අන්තිම වතාව කිවොත් හරි..

.
.
.
.
.
.
.
.
.
.
.

Dream (සිංහල GL) ✅Where stories live. Discover now