ඔය අතර මං දැක්කා අපේ අර කොල්ලො සෙට් එක ලයිබ්රි එකෙන් එලීයට ගිහින් තියෙනවා.
ආධ්‍යාගෙ යාලුවත් කා එක්කද මන්දා කන්න යන කතාවක් කියලා තිබ්බ නිසා මෙන්න මෙයා මාවත් ඇදගෙන ලයිබ්රි එකෙන් එලියට ආවා.
" ඉන්න.. බෑග් එක.." මං එයාව නතර කරගන්න ගමන් ඇහුවෙ මගේ බෑග් එක ලයිබ්රි එකේ කවුටර් එකට දිලා තිබ්බ නීසයි..
එතකොට තමා මෙන්න මෙයා හොඳ සිහියට ඇවිත් තිබ්බෙ.. " ආ...... අයියෝ මට අමතකත් උනානෙ... ඔයා මොකද කරන්නෙ.. ලයිබ්රි ඉන්නවද නැත්තං අපි එක්ක කන්න යනවද...." එයා මගෙන් අහන්නෙ හරියට මාව බලාගන්න එක එයාගෙ වගකීමක් වගෙයි...
මං දන්නෑ මාත් ඒකට මාරම විදිහට ආස කලා...
" ඒ ගාව්ල්... ආධී... මේ එනවකො ෆොටෝ එකක් ගහන්න......" අපි දෙන්නා කතා කර කර ඉන්න අතර අර කොල්ලො ටික අපිට කතා කලා..
මෙයා මාව ඇදගෙන එතනට ගියා..
" ඒ. හොඳ ෆොන් එකක් තියන එකෙක් දීපංකෝ..." එතන හිටියේ ඔක්කොම දුරපැතිවලින් ආව කොල්ලො ටිකක්... එක කොල්ලෙක් ඒම කියනකොට ආධ්‍යා ෆොටෝ එකට මගේ බෙල්ල වටේට අත දාගෙන පිටිපස්සට වෙලා ඉන්න ගමන් අනිත් අතෙන් එයාගෙ ෆොන් එක අරං අර කොල්ලට දුන්නා....
මං ෆොටෝ එකට හිටිය විදිහ මට මතක නෑ... කොහොම මතක තියෙන්නද කොල්ලො අතර මගෙ පිටිපස්සට ඇවිත් මගේ බෙල්ල වටේට අතක් දාලා මෙයා මාව බදාගෙනනෙ ෆොටෝ එකට හිටියේ..
එක කොල්ලෙක්ටවත් මගේ ඇගේ ගෑවෙන්නවත් දුන්නෑ.... මෙයා මාව චුට්ටක් උරහිසෙන් අල්ලලා පැත්තකට ගත්තා...
මෙයා මේ කරන දේවල් වලට මාව තව ටිකකින් ගල් වෙලා මැරෙනෝ.. මගේ පපුව එකසිය ගානෙට ගැහෙනෝ. එහෙට මෙහෙට වේවී ෆොටෝ දෙක තුනක් ගැහුවම මෙයා මාව ඇදගෙන පැත්තකට ගියා..
" ඒ... සිතී... අපි දෙන්නගෙ එකක්.." මෙං මෙයා එයාගෙ ෆොන් එක දුන්න කොල්ලට කෑ ගහලා කිවා... හම්මේ මං දැං මැරෙයි....
ඒ වෙනකොට මට නිකමට තේරිලයි තිබ්බෙ මට එයා ගැන පොඩි ක්‍රශ් එකක් ඇති වෙලා කියලා.... ක්‍රශ් එකක් එක්ක ෆොටෝ එකක් ගහන පලවෙනී අවස්ථාව....
එයා ඒකෙත් මගේ පිටිපස්සෙ ඉදං මගෙ බෙල්ල වටේට අත දාගෙනයි හිටියේ... අව්ලෙන් ඉන්න බැරි නිසා මාත් බොරුවට හරි මගේ මොඩ පහේ හිනාව දාලා හිනා උනා.
YOU ARE READING
Dream (සිංහල GL) ✅
Teen Fictionහදවත හයියෙන් ගැහුන එක දවසක් .... Girl Love Story (one sided love) University Life Don't Copy ©️ 2022.07. 15 By- bear 🐻