5th chapter 💕

539 117 14
                                    

ටේහ්‍යුන් වෙනදාට වගේ හුගාක් සතුටින් උන්නෙ..හැමදාම ..හැමමොහොතෙම..
අදුරම පේන මනුස්සයෙක්ට කොච්චරනන් දුකක් ඇතිද..සතුටින් කියලා පෙන්නන්න හැදුවත්..එයා හැමෝමටම බරක් වෙනවා නේද කියලා හිතෙද්දී..ඒ හිතේ කොච්චරක් නන් ප්‍රශ්න..කදුලු...හිරවෙලා ඇත්ද..

ඒත්..,

ටේහ්‍යුන් ඒ දේවල් මොහොතකට හිතෙන් පැත්තකට දාලා..කොල්ලට ඕනෙ ලිලී එක්ක ඉන්න පුංචි විනාඩියක් ගානෙ ජීවිතෙ විදින්න..

වෙනදට වචන දහයකටත් වඩා අඩුවෙන් කතාකරන..දවසට එකපාරක්වත් හිනා උනේ නැති..හිනාවෙන්න හේතුවක් පවා ජීවිතේටම නොතිබුනු කොල්ල..මහ හයියෙන් හිනාවෙනවා..ඇස්වලින් කදුලු පයින්නම..අහේතුකවම හිනාවෙනවා..

ලිලීගෙ හුරතල් මෝඩ කතා..දග වැඩ..කෙල්ලගෙ හුරතල් බෙලෙක් හිනාව..ඒ පුංචි ස්පර්ශයන්..ටේහ්‍යුන්ට ගේන සතුටෙ තරමක් දන්නෙ කොල්ලගෙ පාලුවෙ පිරුණු ගෙදරයි..කොල්ලගෙ පාලුවෙ ගිලුනු හදවතයි විතරයි...

ඒවගේම..,

ලිලී..කෙල්ල ඔම්මා එයාව දාලා ගියාට පස්සෙ අප්පාගෙන් හම්බුනු සැර පරුෂ වචනයි..තුවාලයි..කදුලුයි ඇරෙන්න සතුටක්..හිනාවක්..කියන දේවල් කෙල්ලගෙ ජීවිතේටම හීනයක් වෙලා තිබුනේ...

ඒත්..,

ඒ හැමදේම වෙනස් උනේ අහිංසක පියෝනා වාදකයෙක්..නිසා..කෙල්ල අදටත් දෙවියන්ට ස්තූතිවන්ත වෙනවා..එයාගෙ ජීවිතේට මේ වගේ සුර දූතයෙක් එව්වට..

" ටේ.. "

" ම්ම්..හොර කෙල්ල..දත් මැද්ද නේද..? "

" ඔව්..ඔව් තාත්තී..මැද්දා..ඊඊඊඊඉ.. "

ටේහ්‍යුන්ට කෙල්ලගෙ දග වැඩවලට හිනායද්දී..කෙල්ල ටේහ්‍යුන්ව පිටිපස්සෙන් බදාගත්තෙ ටේහ්‍යුන්ගෙ තොල්වල ලස්සන හිනාවක් ඇදෙද්දී..කොල්ලට මේ දවස් ටිකේ හුරු වෙලා..කෙල්ලගෙ උනුහුමට..ටේහ්‍යුන්ගෙ හිතටත් හොරාම කොල්ලා ලිලීගෙ උනුහුමට ලෝභකම් කරන්න අරගෙන...

ලිලී ඇස් දෙකත් ලොකු කරන් බලන් උන්නෙ ටේහ්‍යුන් ලූණු කපන විදිහ..අතවත් කපාගන්නෙ නැතුව ගානකට වගේම පුරුදුකාරය වගේ වේගෙන් කපද්දි කෙල්ල ටේහ්‍යුන්ගෙ උරහිසෙන් එබුනෙ ඇගිලිතුඩුවලින් උපරිමයෙන් ඉස්සිලා..කෙල්ල කොටයි..ටේහ්‍යුන්ගෙ උරහිස් ගාවටවත් නැ..

<< The little ballerina and blind pianist 💕🍃 >>k.th✔️Where stories live. Discover now