12th chapter 💕

493 101 32
                                    

" ලිලී..පරිස්සමෙන් මැනික..මෙ කැලේ ලොකුයි වගේ..?? "

" ඔව් ටේ..ඒත් මට..පුංචි කාලෙ ආපු පාර තාම මතකයි..ඔයා මගෙ අත හයියෙන් අල්ලන් ඉන්න.. "

" අනෙ..අනෙ මගෙ පණ්ඩිත කෙල්ල පරිස්සමෙන් .. "

" ටේගෙ පුංචි ලිලී මල..හරි දක්ෂයි..හුම් "

" දේ..දේ මගෙ පණ්ඩිත ලිලී මල.. "

ලිලී දැක්කෙ රූස්ස ෆයින් ගස් අස්සෙන් නගින දුම..ඉතින් කෙල්ලට තේරුනා කෙල්ල ආපු පාර හරියි..කියලා ලිලී හිමින්ම පරිස්සමෙන් ටේහ්‍යුන්ගෙ අතින් අල්ලගෙන ඒ පැත්තට ගියා..

දෙන්නම උන්නෙ ලස්සන පුංචි ගම්මානයක් ඉස්සරහට වෙලා..ලිලී මොහොතකට නිශ්ශබ්ද වෙද්දී..ටේහ්‍යුන් එයාගෙ අත අරන් ආවෙ කෙල්ලගෙ කම්මුලකට..

" ලිලී..මැනික.. "

" ටේ..අපි ඇවිත්..එන්න යමු.. "

ලිලීගෙ සතුටින් පිරුණු කටහඬ ඇහෙද්දි ටේහ්‍යුන්ටත් දැනුනෙ හරි අහිංසක සතුටක්..කොල්ලත් ලිලීගෙ අත අල්ලගෙන ලිලීගෙ පස්සෙන්ම ඇදුනා...

කෙල්ලට හම්බුනේ වයසක හැල්මොනි කෙනෙක් ..

" මේ..නෝනා කවුද ..?? "

" හැල්මොනි..මම රොසලින් හැල්මොනිගෙ මිණිබිරී...එයා ඉන්නවද..?? "

" දෙවියනේ..ඇත්ත නේන්නන්..රොසලින් හැමවෙලේම කියන පොඩි ඒකිනෙ මේ..රොසලින් කිව්වා වගේම රූප සම්පත්තියක් ඇති දරුවෙක්නෙ.. "

ලිලීනන් කරේ ලැජ්ජාවෙන් හිනා උනු එක..ඒත් ටේහ්‍යුන්ගෙ ඇස් දුකින් පිරුනා..කොල්ලට හිතුනෙ මටත් ඒ ලස්සන දකින්න ඇත්නම් කියලා..

" එතකොට මේ කොලුවා කවුද?.. "

" මේ මගෙ මහත්තය ..හැල්මොනි.. "

" අනෙ..ඔය දරුවො දෙන්නන් මවල තියෙන්නේ ඔය දෙන්නටමයි..ආත්මෙන් ආත්මෙ පතාගෙන එන බැදීම් නොවැ ඉතින්..

දරුවනේ...මගෙ පස්සෙන් ආවනන්.. "

දෙන්නම ගල් වෙලා ඉද්දි ඒ හැල්මොනි හිනාවෙවී ගියෙ පස්සෙන් එන්න කියාගෙන..ලිලී වගේම ටේහ්‍යුනුත් රතුවෙලා උන්නෙ..ටේහ්‍යුන්ට හරි සතුටුයි ලිලීට එයාව ගැලපෙනවා කිව්වම..කොල්ලට ඉතින් මල් හතයි...

" රොසලින්..රොසලිනෝ..මෙහෙ වරෙන්කො... "

" මොකද ..බන් කෑමොර දෙන්නේ..මේ එනවා.. "

රොසලින් හැල්මොනි කෑගහන ගමන් එයාගෙ ලස්සනට හදලා තිබුනු මැටි ගෙයින් එලියට ආවත්..එයා ගල් උනේ හිනාවෙවී ඉන්න ලිලීව දැකල..

" හැල්මොනීඊඊඊඉ.. "

" අනෙ මගෙ දෙයියනේ ..මගෙ කෙල්ලගෙ ලොකු දැන්.. "

ලිලී අඩාගෙනම එයාගෙ හැල්මොනිට තුරුලු වෙද්දී ටේහ්‍යුන්ට ඇහුනා ඒ කටහඩේ තියෙන ආදරෙ..සතුට වගේ දුක..තමන්ගෙ කෙනෙක් හම්බෙනවා කියන සතුට ටේහ්‍යුන්ට මවාගන්න පුළුවන් උනා...

දෙන්නගෙ සිප වැලද ගැනීම් ඉවර උනාම..හැල්මොනි උගුර පාදල ටේහ්‍යුන්ව පෙන්නුවා..ටේහ්‍යුන්ටත් දැනුනා දැන් එයාට තමා අවදානය ආවේ කියලා...

" හැල්මොනීඊඉ..ඒ මගෙ ස්වාමිපුරුෂයා.. "

" හම්නෙ ඒ ලැජ්ජාව..ආත්මෙන් ආත්මෙ පතාගෙන එනවා කියලා කියන්නේ අරුමයක් නෙවේ..

ඉතින් ඉලන්දාරියා ..මගෙ මිණිබිරීව හොඳට බලාගන්නවා නේද..?? නැත්තං මන් වේවැලෙන් පාරක් දෙන්නෙ පස්ස පැත්ත රත් වෙන්ඩ .. "

හැල්මොනිගෙ කතාව ඇහෙද්දි කොල්ල දඩිබිඩියේ ඔලුව හෙල්ලුවේ මිනිබිරියි හැල්මොනියි දෙන්නම සද්දෙන් හිනාවෙද්දී..ටේහ්‍යුන් සුපුරුදු පරිදි රතුවෙලා ගියේ එයාගෙ දග ලිලී මලගෙන් මදිපාඩුවටත් එක්ක දැන් හැල්මොනිගෙනුත් හම්බෙන නිසා...

" මැනික..ඔයාගෙ හැල්මොනි වස පාටයි.. "

" ආනී..එයා තමා හොඳම..අපි යමු ඇතුලට..මේ කටුමැටි බිත්ති ගෙවල්..මැටි ගහල හදන්නෙ..හරිම සීතලයි ඇතුල..මෙහෙ හරිම නිස්කලංකයි නේද ටේ..නගරෙ වගේ තෙරපීම්..සද්ද බද්ද නැතුව "

" ම්ම්හ්..ඒකනම් ඇත්ත ලිලී..හරිම නිශ්ශබ්දයි..ඒවගේම සංසුන්.. "

ලිලී ටේහ්‍යුන්ගෙ කම්මුලක් සිපගත්තත්..එකපාරටම ගැස්සුනෙ ගේ ඇතුලින් ඇහුනු කෑගැහිල්ලට..

" ආ..හා ඔය කුරුලු ජෝඩුව ඇතුලට ආවනන්..හොඳ නැද්ද..?? "

" හැල්මොනීඊඊඊඉ ..හුම් "



To be continued...
මට කම්මැලී..😪💔
බාල්දියක් පෙරලන්න බැලුවේ ..🙂👍

<< The little ballerina and blind pianist 💕🍃 >>k.th✔️Where stories live. Discover now