" අප්පා..මට පාඩුවෙ ඉන්න දෙන්න..නැත්තං මන් පොලීසියට කියනවා..මන් මෙච්චර කල් ඉවසුවා.. "
" ඔහ්..මෙන්න මේකිට කට ඇවිත්.. "
කෙල්ලගෙ අප්පා සම්ච්චෙලේට වගේ කියද්දි ලිලී විසික් වෙලා ගියේ අප්පගෙන් හම්බුනු සැර කම්මුල් පාරට..
" උබ කටවහන් හිටපන්..නැත්තං මන් තෝව මරල ගගකට විසික් කරල පාඩුවෙ ඉන්නවා "
ලිලී බයේ වෙව්ලුවෙ අප්පාගෙ අතේ තිබුනු පිහිය නිසා..කෙල්ල ඉක්මනට අප්පව හයියෙන් ම තල්ලු කරල දාලා කාමරේට ගිහින් දොර වහගත්තෙ අප්පාගෙ කෑගැහිල්ල මැද..කෙල්ල ඉක්මනට බැලරිනා ඇදුමයි සපත්තුයි අරන් ජනේලෙන් පැන්නෙ කිසි බැලිල්ලක්..නැතුව ..කෙල්ල ෆෝන් එක පපුවට තුරුලු කරන්..වේගෙන්ම දිව්වෙ..කොහෙ යන්නද කියලා අදහසක් නැතුව ...කෙල්ල පාලු පාරක් දිගේ හයියෙන් ම දුවල නැවතුනේ..බස් නවත්තන තැනක..අතේ සල්ලිවත් නැතුව මේ මහ රෑ කොහෙ යන්නද..
කෙල්ලගෙ බය දෙගුණ උනේ ඈතින් එනවා දැක්ක බේබදු මිනිහෙක් දැකල..කෙල්ල එයාගෙ ෆෝන් එක අරන් අඩ අඩම ඩයල් කරේ එයාට මතක් උනු එකම කෙනාට..
" ටේ.. "
කෙල්ල ඉකි ගගහා කතාකරද්දි නින්දෙම්ම ෆෝන් එක ආන්ස කරපු ටේහ්යුන් සිහියට ඇවිත් ඇදේ ඉන්ද උනා..
" ලිලී..
" ටේ..අනේ එන්නකො..ම..මන් තනියම..ඉන්නෙ.. "
කෙල්ල හොඳටම අඩනවා..ටේහ්යුන් ඇදෙන් බැහල ෆෝන් එක අතේ තදකරගත්තා ..
" ලිලී..මැනික...මොකක්ද උනේ..ෂ්ෂ්..අඩන්නෙ නැතුව කියන්නකො.. "
" මන්..ගෙදරින්..ආවා..මට යන්න..තැනක්..නෑ..තා..කවුදෝ..මි..නිහෙක්..එනවා..හොඳටම ...බීලා..අනේ..ම්ම්..මට..බයයි..ටේ..එන්නකො.. "
" ලිලී..චූටි කොහෙද ඉන්නෙ..මන්..දැන්ම..එනවා "
ලිලී වටපිට බලල ඉන්න තැන කිව්වේ තමන්ට ලන් වෙන මනුස්සයා දිහා බලන ගමන්..කෙල්ල අඩන ගමන් බැලරිනා ගවුම තුරුලු කරගත්තා..
කෙල්ලගෙ රෑ ඇදුමත්..කෙල්ලට ගෙනාවෙ සීතලක් විතරක් නෙමෙයි..පාරෙ යන එන වාහන වල ඉන්න කෑදර මිනිස්සුන්ගෙ රාගී බැල්මවල්..
" සර්..කොහෙටද යන්න ඕනී.. "
ටේහ්යුන්ගෙ කලබලේ දැක්ක ටැක්සි ඩ්රයිවර් සංසුන්ව ඇහුවෙ එයාට ටේහ්යුන් ඉන්නෙ ලොකු කරදරේක වෙන්න ඇති කියලා හිතුනු නිසා..
" අනේ..ඉක්මනට යමුද..ජෙබල්.. "
" හරි ..හරි සර්..සර්ගෙ කවුරුත් එතන ඉන්නවද "
" දේ...ම්..මගෙ ගෑනු ලමයා "
" එතනනන් සර්..ලමිස්සියක්ට ඉන්න හොඳ තැනක්..නෙමේ..අනික මේ මහ රෑ.. "
ඩ්රයිවර් වේගෙ වැඩිකරන ගමන් කිව්වේ ටේහ්යුන්ගෙ අත්ලට දාඩිය දාද්දී..කොල්ලගෙ අත තියාගත්තෙ දඩි බිඩියෙ ගැහෙන පපුවට..ප්රශ්න දාහක් විතර ඔලුවට එද්දී..කොල්ල එකම දෙයයි ප්රාර්ථන කරේ...
ඒ එයාගෙ පුංචි ලිලී..පරිස්සමට ඉන්න කියලා ...
" සර් අපි ආවා.. "
ටේහ්යුන් ඉක්මනට දොරත් ඇරන් බැස්සෙ..හරි හදිස්සියකින්...
" ල්..ලිලී... "
කොල්ල බහිද්දිම වගේ ලිලී අඩාගෙනම ටේහ්යුන්ගෙ පපුවට තුරුලු උනේ කොල්ල එයාගෙ ලොකු අත් හරි පරිස්සමෙන් ලිලීගෙ පුංචි ඉනේ ඔතද්දී...
" ෂ්ෂ්..ඔක්කොම හරි..මන් ආවනෙ මැනික..කෝ අඩන්න එපා... "
ටේහ්යුන් එයාගෙ අත්වලින් කෙල්ලගෙ කම්මුල් හොයන් ගිහින් හරි පරිස්සමෙන් කෙල්ලගෙ කදුලු පිහල දැම්මා..
To be continued...
YOU ARE READING
<< The little ballerina and blind pianist 💕🍃 >>k.th✔️
Storie d'amore(සිංහල ff) Sometimes ..we have look at with heart..not eyes..because sometimes the hearts see what invisible to the eyes...💕🍃 He is blind ..but amazing pianist ..he lived alone..his parents left him..alone..because he is blind..he is heart broken...