First Star ✨️

656 69 9
                                    

මුළු ස්ටෝරි එකම දාලා තියෙන්නේ!! ✨️

"ඇයි එහෙම කරන්නේ?" ටේහ්යුන්ග් මගෙන් ඇහුවා... මට දෙන්න උත්තරයක් තිබ්බේ නෑ.. මං මොනා කියන්න ද? මං එයාට ආදරේ නෑ.. එක එයාල පිළිගන්නේ නැත්තේ ඇයි..

"මං එයාට ආදරේ නෑ.." මං අයෙත් පුරුදු උත්තරයම දුන්නා..

"බොරු කියන්න එපා බං හොසොක්!" ටේහ්යුන්ග් අයෙත් මට කෑගැහුව..

"මං එයාට කැමති නෑ ටේහ්යුන්ග් විශ්වාස කරත් මට එකයි නැතත් එකයි.. නැත්නම් මං මොන මගුලකටද එයාට නොකියා ඉන්නේ එයා මට ආදරේ කරනවා නම්.. මං එයාට ආදරෙත් නෑ කැමතිත් නෑ.." මං ටේහ්යුන්ග්ට කෑගහලා කැෆේ එකෙන් ගියෙ, නම්ජුන්ත් මං දිහා අමුතුවට බලන් ඉද්දි..

ඇයි මට කාටවත් ආදරය කරන්න බැරි කියන්න මං දන්නේ නෑ... එත් මට ඕනේ නෑ.. රිද්දගන්න බය නෙවේ මට තියෙන්නේ.. කෙනෙක් මට ආදරය කරලා දාලා ගියත් මට අවුලක් නෑ.. මං ආස නෑ.. එකයි හේතුව මං ආස නෑ.. මට කාටවත් ආදරය කරන්න ඕනේ නෑ..

ඔක්කොමත් හරි ජන්කුක්! ඇයි එයා මං වගේ කෙනෙක්ට කැමති.. එයාට හොද කෙනෙක් හම්බවෙයි.. මං එයාට ආදරය කරන්නේ නෑ... එයාට කැමතිත් නෑ..
එක මගේ කැමැත්ත නම් මාව වෙනස් කරන්න කවුරුත් නෑ නේ..!

මං දුර්වල ද? ආදරය කරන්න බැරි තරම්? ඇයි මට මාව තේරෙන්නේ නෑ වගේ හැගීමක් දැනෙන්නේ.. ඇයි මං හිර වෙලා වගේ හැගීමක් දැනෙන්නේ..

තනියම ඉන්න එක හොදයි! මොකද රිලෙෂන්ශිප් කියන්නෙම ප්‍රශ්නයක්! හැම මනුස්සයේක්‌ම ආදරය කරන්න ඕනේ කියලා දෙයක් මේ ලෝකේ නෑ නේ..

එත් ජන්කුක් පවු! මට එයා ගැන දුකයි! මං ආත්මාර්තකාමී විදියට කතා කරාට මං එහෙම නෑ..! මට තේරෙන්නේ නැති විදියට මාව හිර වෙන්නේ හැමදාම ජන්කුක් ලග! මං දැනන් හිටියා කවදා හරි! ලගදීම එයා මට එයාගේ ආදරය කියනවා කියලා! එතකොට දෙන්න උත්තරයක් මං දන්නේ නෑ!

බෑ කියන්න! ජන්කුක් පවු! මට බෑ එයාව රිද්දන්න..! ඒ නිසාම ද? කියන්න මංවත් දන්නේ නෑ..

සමහරවිට මං එයාට ආදරෙත් ඇති!
සමහරවිට එහෙම නැතිව ඇති!

𝗗𝗶𝘀𝘁𝗮𝗻𝘁 𝘀𝘁𝗮𝗿𝘀 | 𝗛𝗼𝗽𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now