"හොසොක් හ්යුන්ග්! මං දන්නවා ඔයා මට ආදරේ නෑ.. එත් මට එක අවස්ථාවක් දෙන්න බැරි ද?" පහු වෙන්දා ජන්කුක් මට හන් රිවර් එක ලගට කතා කරලා මගෙන් අහපු දෙය..
අවස්ථාවක් දෙන්න!? මටත් අවස්ථවක් තියෙයි ද කියන්න මං දන්නේ නෑ..එහෙම එකේ ඔයා මගෙන් අවස්ථවක් ඉල්ලන එක හරිම නපුරු දෙයක් නෙවේ ද ජන්කුක්! හරි ඔයා දන්නේ නෑ නේ! කමක් නෑ ජන්කුක්! සමාවෙන්න..! මං මෙහෙම නරක වුනාට..
"හ්යුන්ග් ප්ලීස් උත්තරයක් දෙන්න.." උත්තරයක් දෙන්න උත්තරයක් නැතිව උත්තරයක් හොයන මගෙන් ජන්කුක් උත්තරයක් ඉල්ලනවා! වචන මතකත් නැති මගෙන් ඔයා ඉල්ලන්නේ මට දෙන්න අපහසුම දෙය කියලා ඔයා දැනන් හිටියා නම් ඔයා කවදාවත් එහෙම අහන එකක් නෑ ජන්කුක්!
"හ්යුන්ග්!" එයා මගේ අතකින් අල්ලන්න හැදුවත් මං එයාට අල්ලන්න දුන්නේ නෑ.. චුටිම බලාපොරොත්තුවක් වත් දෙන්න බෑ මට..
"හ්යුන්ග් ප්ලීස්! මං අල්ලන්නේ නෑ ඔයාව!" ජන්කුක් ඇස් දෙකෙන් වැටෙන කදුලු බින්දු පිහිදලා මට කියද්දී මට ඕනේ උනා ඒ ඇස් දෙකෙන් වැටෙන කදුළු පිහිදාන්න.. එත්! මං ඒ තරම්වත් වටින්නේ නෑ...
"හ්යුන්ග් එක අවස්ථාවක්!!" එයා මගෙන් ආයෙත් ඉල්ලුවා.. ඇයි යන්නේ නැත්තේ ජන්කුක්!! ඇයි යන්නේ නැත්තේ!! මෙච්චර මං රිද්දලත් ඇයි යන්නේ නැත්තේ!! ඇයි තාමත් මාත් එක්ක ඉන්නේ!! යන්න!! ප්ලීස්!!
"ජන්කුක්!" මං අන්තිමට මගේ කටහඩ අවදි කරා.. "ජන්කුක් ඔයාට බෑ ජන්කුක්, එක පේලියට තියෙන්නේ නැති තරු එක පේලියට තියන්න..." මං එයාට කිව්වේ එච්චරයි! එයා තෙරුන් ගනී! සමහරවිට!
මං එතනින් ගියෙ අයෙත් ජන්කුක් දිහා හැරිලාවත් බලන්නේ නැතිව... සමහරවිට මගේ ඇස් දේකට පිං නැතිව ඇති ජන්කුක් ඔයා වගේ කෙනෙක්ව ආයේ දකින්න! සමාවෙන්න මේ පවුකාරයට!
ඇත්තටම ඔයාට බෑ ජන්කුක් කවදාවත් ලං නොවෙන තරු ලං කරන්න...
YOU ARE READING
𝗗𝗶𝘀𝘁𝗮𝗻𝘁 𝘀𝘁𝗮𝗿𝘀 | 𝗛𝗼𝗽𝗲𝗸𝗼𝗼𝗸 √
FanfictionIt was all meant to be..You can't change the alignment of starts Jungkook ✨️