After two months
Author pov"ජන්කුක්!! ඔයා අදුනන කෙනෙක් ඇවිත්!!" ජන්කුක් උදේ යුනිවර්සිටි යන්න එයාගේ පොත් ටික ලෑස්ති කරලා පහලට එද්දී ජන්කුක් ගේ ඔම්මා ජන්කුක්ට කතා කරා.. ජන්කුක් ඉක්මනට පහලට දුවගෙන ආවෙ සමහරවිට මීට මාස දෙකකට කලින් රට ගිය හොසොක් වෙන්න ඇති කියලා... සතුටෙන් හිනා වෙලා..
එත් එතැන හිටියේ වෙනත් තරුණයෝ දෙන්නෙක්! ඒ දෙන්නා ලිවින්ග් රූම් එකේ අමුත්තන්ට වෙන් වුනු සෝෆා එකේ ඉදන් හිටියා...
"කවුද?" ජන්කුක් ඒ දෙන්නා ලගට ඇවිදගෙන යන ගමන් ඇහුවේ ඒ දෙන්නව තමන් නාදුනන නිසා..
"ජ්යෝන් ජන්කුක්?" ඒ දෙන්නම නැගිට්ටත් එතැන හිටිය උස කෙනා ජන්කුක් ගෙන් ඇහුවා.. ඒ දෙන්නම කොරියන් කියලා තේරුනත් කතා කරපු කෙනා දිගු කාලයක් පිට රටක ජිවත් වෙලා වගේ එයාගේ කටහඩේ තිබුනේ වෙනස් ඇක්සන්ට් එකක්..
"ඔව්.." ජන්කුක් ඒ කෙනා දිහා පුදුමෙන් බලන් කිව්වා..
"මං කායි! මේ ඉන්නේ සුහෝ.. අදුනන්නේ නැතිව ඇති අපිව ඔයා.. එත් අපි ඔයාව අදුනනව." කායි සිනහා මුසු මුණෙන් කිව්වා.. එත් එයා ලොකු දුකක් හංගාගෙන හිටියා..
"අදුනා ගන්න ලැබුණු එක සතුටක්.. ඉදගන්න.." ජන්කුක් සීට් දෙක පෙන්නලා කිව්වා..
"නෑ නෑ.. ආපු කාරණය කියලා යන්න ඕනේ.. ඊලග ෆ්ලයිට් එකේ අපි යනවා ඇමෙරිකා ආයේ.. මෙහෙ එන්නේ නෑ.." එයා සිනහ මුසු මුහුණෙන් කිව්වේ සාක්කුවේ තිබිලා රෝස පාට ලියුම් කවරයක් එලියට ගෙන..
"මේක හොසොක් දෙන්න කිව්වා.." ජන්කුක් ගේ ඇස් ලොකු වෙද්දී කායි දුන්නා..
"කියවන්න.." කායි එක අතටම දුන්නේ ජන්කුක් එක ඉක්මනින් ගලවල ලියුම එලියට ගද්දි..එකේ තිබ්බේ හොසොක් ගේ වෙඩින් කාර්ඩ් එකේ ලියුම... මොහොතකින් ජන්කුක් ගේ ඇස් වල කදුළු පිරුණේ ජන්කුක් තත්පර ගානකදී හොදටම අඩන්න ගද්දි... හොසොක් ඒ වෙඩි කාර්ඩ් එකේ කොනක ලියල තිබ්බ දේ ජන්කුක් දැක්කා..
You cant change the alignment of the stars <3
"එච්චරයි!සමාවෙන්න ජන්කුක්.. අපි යන්නම්.." සුහෝ ටිකක් වෙලා ජන්කුක්ව බදාගෙන ඉදලා ගෙදරින් එලියට ගියෙ හරියට ගුඩ් බායි එකක්වත් නැතිව...
"හොසොක් බොරු කරා!" සුහෝ කායිව බදාගෙන මිමිනුවා..
"එයා බොරු කරා! ජන්කුක් එයාව හෙව්වේ නැත්නම් හොදයි! එහෙම වුනොත් එයාට කවදාවත් එයාව හම්බවෙන එකක් නෑ.." කායි සුහෝට උත්තර දුන්නා..
"ලබන ආත්මෙදි එයාල මේ universe එකේ නැතිව මීට වඩා හොද තැනක ඉපදෙයි! එදාට දෛවයට එයාලව වෙන් කරන්න බැරි වෙයි! දෙවියන් උනත් මේආත්මෙදි වගේ හොසොක්ව එයා ලගට ඇරගෙන ජන්කුක් ගේන් ඈත් නොකර ඉදි!" සුහෝ කදුළු අතරින් මිමිනුවා..
"එත් එයාලට මේ ආත්මෙදි බැරි වුනා.. තරු වල පිහිටීම වෙනස් කරන්න.."
The end of Their Story ✨️
තේරුණා ද??
එහෙනම් හොදයි!
නැත්නම් අහන්න..!කමෙන්ට් කරන්න.. ❤️❤️
තැන්ක්ස් ෆොර් රිඩින්ග්!
YOU ARE READING
𝗗𝗶𝘀𝘁𝗮𝗻𝘁 𝘀𝘁𝗮𝗿𝘀 | 𝗛𝗼𝗽𝗲𝗸𝗼𝗼𝗸 √
FanfictionIt was all meant to be..You can't change the alignment of starts Jungkook ✨️