"තමුන් පාඩුවේ ඉන්නවා.. මේ ඔක්කොම ඔහේගේ වැරදි.. මේකීගේ ඔම්මා එක්කම මේකීවත් වල දාන්නෙ නැතුව හදාගන්න ගෙනාවා"
ඒ කිව්ව දේට මට දොර ඉබේම ඇරුනා...
"මොකක්ද ඔම්මා ඔයා කිව්වේ??"
..................
"ඔව්ව්ව් උබ මගේ ළමයෙක් නෙමෙයි.. මට උබෙන් වැඩක් නෑ.. උබව මෙච්චර කල් බලාගත්තට උබෙන් ඉල්ලුව පොඩි දේවත් කරන්න බෑ"
"අප්පා මොනාද මේ ඔම්මා කියන්නේ?? මන් ඔයාලගේ ළමයෙක් නෙමෙයි නිසාද මට මෙහෙම සලකන්නේ??"
"ඇයි අපි උබට කන්න බොන්න දෙන්නෙ නැද්ද??"
"කන්න බොන්න දෙන එකද ඔම්මා ආදරේ කියන්නේ?"
"ඇති ඕක.. උබල දෙන්නම ඕක නවත්තගන්නවද??"
"ඇයි තමුසෙට රිදෙනවද??"
"මට කියන්න කෝ මගේ ඔම්මා?? එයා කෝ?? අප්පා කෝ මගේ ඔම්මා??"
"ඒකී මැරුනා.. එදා ඒ උන ඇක්සිඩන්ට් එකෙන් ඒකී යන්නම ගියා.. ඒත් ඒකීට උබව අරන් යන්න බැරිවුනා.. කොහෙද මන් මේ මිනිහට කිව්වා උබව කොහේ හරි ගිහින් දාමු කියලා.. දැන් පේනවද මේකීගේ මුරණ්ඩුව??"
තවත් ඔම්මා කියන දේවල් අහන්න ඉන්න තරම් මානසික මට්ටමක් මට තිබ්බේ නෑ.. මන් දෙන්නාගේ කියවිල්ල මැද්දෙන් ගෙදරින් එලියට ආවේ ඔලුව හැරුන අතේ යනවා කියලා හිතාගෙන.. පාරේ මිනිස්සු වැඩ ඇරිලා ඒ මේ අත යනවා.. ඒ අස්සෙන් කදුලු බේරෙන ඇස් එක්ක මන් ඉස්සරහටම ගියේ මගේ ඔම්මව හොයාගන්න..
"ඔයා මැරිලා නෑ. ඔයා ඉන්නවා.. මට දැනෙනවා.. ඔයාට ඇයි බැරි මාව ඔයා ළගට ගන්න.."
YOU ARE READING
Mr. Cheater 🤐
Fanficලියවිලා තියන ආදරයත් හිතේ ඇති වෙන ආදරත් වෙනස් වෙන්න පුලුවන්ද?? The characters are built at the discretion of the author and no real character building is done through the story.