ආස වෙයිද දන්නේ නෑ.. ඒත් අද ඉදන් තියෙන්නේ ජේකේගේයි සැලීගෙයි ආදර කතාව.. ආදරය හැමෝටම එක වගේ හම්බුනේ නෑ.. අපිට ආදරය කරන කෙනාට අකමැත්තෙන් හරි ආදරය කරන්න වුනා.. ජේකේ කියන්නේ කොච්චර සෙල්ලක්කාර දරදඩු කොල්ලෙක් වුනත් එයාගේ අප්පා ඉස්සරහා වගේම ඔම්මා ඉස්සරහා ගොඩක් හුරතල් අහින්සක කොල්ලෙක්.. ඒ එයාගේ ඇත්ත චරිතේ.. පවුලේ අය වෙනුවෙන් ඕනේම දෙයක් එක තප්පරෙන් එයාට කරන්න පුලුවන්.. මේක කතාවක් වුනත් ඇත්ත ලෝකෙත් මෙහෙම චරිත ඕනේ තරම් ඇති...
"ඔප්පා... මේක ලස්සනද?"
අද ජේකේ සැලී එක්ක ආවෙ එයාගේ ඩ්‍රෙස් එකේ ෆයිනල් ෆිටෝන් එකට..
හ්ම්ම් ඔව්ව් ලස්සනයි සැලී... ගොඩක්.. මේ දවස් ටිකකට ඔයා මට මෙච්චර ළං වුනා.. ඔයා මෙච්චර හොද කෙනෙක් උනේ කොහොමද?? මට මගේ ඉයුන් ගැන ඔයාට කියන්න ඕනේ වුනත් ඔයාගේ අහිංසකකම ඉස්සරහා මට බයයි ඒක කියන්න... ඔයා කොහොම ලස්සන ආදරණීය වුනත් මට කවදාවත් මගේ ඉයුන්ගේ තැන ඔයාට දෙන්න බෑ..
"හ්ම් ඔව්ව් ලස්සනයි"
"එන්නකෝ ඔයත්..."
මන් නැගිටලා ගියේ සැලී ළගට.. එයා මගේ අතින් අල්ලා හැරුනේ කණ්නාඩිය පැත්තට..
"වාව්... මැඩම් ඔයාලා දෙන්න එකට ඉද්දී ගොඩක් ලස්සනයි"
හ්ම්ම් ඔව්ව්ව් අපි දෙන්න ගැලපෙනවා ඇති.. ඒත් මට ඔහොම ඉන්න ඕනේ ඔයා එක්ක නෙමෙයි.. ඒත් මන් කොහොමද ඒක ඔයාට කියන්නේ...
YOU ARE READING
Mr. Cheater 🤐
Fanfictionලියවිලා තියන ආදරයත් හිතේ ඇති වෙන ආදරත් වෙනස් වෙන්න පුලුවන්ද?? The characters are built at the discretion of the author and no real character building is done through the story.