හත්වෙනි පෙත්ත

149 44 22
                                    




"මන් නිසා ඔයාගෙ ලස්සන ජීවිතේට උන අපරාදෙට සමාවෙලා මේක ගන්න මගේ මැනික..."





තේයොන් ඔහුගේ අත තැබුව ස්ටෝබෙරි මල්ල අතට හෙමින් හෙමින් ගත්ත ඔහුගේ තොල් වල නැතත් ඇස් වල අහින්සක පුන්චි සිනාවක් දිලිසෙනවා දුටු තේයොන් ඔහුගේ ඔඩොක්කුව මත තම මුහුන සගවාගෙන ඒ අඩපන උනු කෙට්ටු කකුල් ලග වැදවැටෙමින් ඉකි ගහන්න ගත්තේ , නිශ්ශබ්ද කාමරේ වෙනදා වගේම ඔහුගේ වේදනාකාරි හැඩුම් වලින් පිරෙද්දි...

තේයොන්ගේ හිතේ වසර ගනනාවක් තිස්සේ මේ විදිහට කැකෑරෙන වේදනාව තේයොන් මේ විදිහට අඩ අඩ පිට කරන හැටි ඒ බිත්ති හතරට හැගීම් තිබුනනාම් ඔවුනුත් අඩවන්න තරම්වේදනාබර උනා...

පොදි බදින් බදින බලාපොරොත්තු දිගින් දිගටම ඔහුගේ ඇස් ඉස්සරහා කැඩී ගියා... ඒ වේදනාව දරාගන්න ඔහු වැලපුනා... තමන්ගේ අතින් උන වලක්වා නොගත් ඒ අත් වැරදීම ගැන ඔහු ඔහුටම සාප කරගත්තා... වරද පටව ගත්තා... රිදව ගත්තා ඒත් හැකිවේවිද එහෙම කරලා ඔහුව සුවපත් කරවගන්න... බැහැ... කවදාවත්...බැහැ...

කම්මුල් ඉදිමෙනකන් තේයොන් ඇඩුවා... ඒ ලස්සන ඇස් රතු වෙලා කෙවෙනවා... ඔහුගේ කලිසම පවා තේයොන්ගේ කදුලු කැට වලින් තෙතබරිත වෙලා...

ඒත් ඔහු නිසොල්මන් , අතේ පිටිඅල්ලට සවි කර තිබුනු වේදනාකාරි කැනියුලාවෙන් ඔහු යැපුනා... හුලගක්වත් හරි හැටි හමන්නේ නැති විශාල කාමරේ ඔහු දවසම තනියෙන් ගත කලා... ඉර නගිනවා , ඉර බහිනවා , විහගුන් නිදහසේ තටු විහිදලා පියාබනවා... මේ හැමදෙයක්ම ඔහු තම දෑසින් දුටුවා... හරි අපූරුවට දැක්ක ඒ දේවල් ඒ පුන්චි හිතට හීන උනා... රැය පහන් නොවන නපුරු හීනෙක ඉදන් බලලා සැනසෙන ලස්සන හීනයක් උනා ඒක ඔහුට...

නිසොල්මන්ව ඉන්න ඔහුගේ පාමුල ගාව තේයොන් ඉදගෙන ඔහු බලාගත්තු අතම බලාගෙන හිස් බවකින් හුස්ම ගන්න ගත්තා... ඇස් වල කදුලු තවමත් ඉමක් කොනක් නැතිව ඔහුගේ කම්මුල් සිපගනිමින් රූටලා ගියා... තමන්ගේ හිස තවමත් ඒ පුන්චි ඔඩොක්කුවේ හොවාගෙන ඔහු යලි තමන්ගේ කුඩු උන බලාපොරොත්තු එකිනෙක එකතු කරන්න ගත්තා... බිම වැටි වැටී එකතු කලා... ඒ යලි හෙටවත් අඩුම වචනයක් හරි ඔහු පවසයි කියන බලාපොරොත්තුවයි...


His freesiaWhere stories live. Discover now