තිස් හත්වෙනි පෙත්ත( අවසන් පෙත්ත)

250 20 25
                                    

"ඔහොම ඉදගෙන ඉන්න ඕන දගලන්නේ නැතුව " බොරු තරවටු මුහුනක් මවාගත්තු ජන්කුක් බෙරීව තමන්ගේ ඉස්සරහා තිබුනු පුටුවේ වාඩිකරවලා කොල ටිහකුයි පෑනකුයි දීලා ජන්කුක් තමන්ගේ පුටුවේ වාඩි වුනේ වැඩිවෙලා හිටගෙන ඉන්න ශක්තියක් ඔහුට නොතිබුනු නිසා... පුටුවට හාන්සි වුනු ජන්කුක් ෆයිල් වගයක් වනාගෙන ඒ දිහා බලන් ඉන්නව දැක්ක බෙරී කම්මලි කමින් කකුල් දෙක වන වන හිටියේ ජන්කුක් පෙන්නනවයි කිව්ව අමුත්තා තවමත් ඇයට ජන්කුක් මුන්ගස්සුවේ නැති නිසා ටිකක් දුකින්...

"ඩඩී..." බිම් බලාගෙන ඇගිලි එක එක පටලමින් හනේවුල් ඇහුවා..

"ම්ම්"
තවමත් ෆයිල්වල සිහියෙන් ජන්කුක් ඇහුවේ ඇය දිහා නොලාමයි..

"කෝ ඔයා කිව්ව අජුස්සී..."

"ම්ම්... එයා පොඩ්ඩකට එලියට ගිහින්-"

"බෙරී හොයන්නේ තේයොන්වද..."
ජන්කුක්ගේ කැබින් එකට පෙර දැනුම්දීමක් වත් නැතිව එකවරම ෆයිල් ගොඩක් අරන් ඇතුලු වුනේ මිස්ටර් ජන්ග්...

"ආ... තේයෝන් ආවද?"

"ඔව්... ඩඩී බිසීනේ... බෙරී එනවද මා එක්ක තේයොන් අජුස්සිව බලන්න?"
ෆයිල් ටික ජන්කුක්ගේ මේසේ මතින් තිබ්බ මිස්ටර් ජන්ග් බෙරී ගාවට ඇවිදගෙන ගියේ ඇය ලොකු වුනු ඇස්වලින් ඔහු දිහා බලන් ඉද්දී... නමුත් බෙරීගේ මුහුනේ කිසිම වෙනස්කමක් ජන්කුක්ට නොපෙනෙන ලෙස ජන්ග් ඇගේ මුහුන ඉදිරියෙන් හිටගෙන ඇයව බලෙන්ම වඩාගත්තේ තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරමින් ඇය ඇගේ පුන්චී සිරුර දරදඩු කරගනිද්දී.. නමුත් ඇගේ ඒ පුන්චි උත්සහය ජන්ග් වගේ රකුසෙකුට විහිලුවක් පමනක්ම වෙද්දී අවසානවකට මේ දේවල් ජන්කුක්ට තේරෙන්න තරම් ඔහුගේ මනසේ නිදහසක් නැති වෙලා තිබුනා... ගොඩගැහිලා තිබුනු ගොනු අතරට ජන්ග් තව තව වැඩ ගිඩ කරේ ජන්කුක්ගෙ මනස අවුල්කරන්නමයි...

ආදරනීය සිනහවක් ඇදුනු වෙස්මුහුනක් පැලදගත්තු ජන්ග් ජන්කුක්ට ආයෙ වචනයක්වත් නොකියා ගියේ බෙරී මොකුත් කරකියාගත නොහැකිව ෆයිල්වලට අවදානේ දීගෙන ඉන්න තමන්ගේ අප්පා දිහා අසරනව බලාගෙන ඉද්දී...

____________________________

"කෑගැහුවොත් මතකනේ... බෙරී කැමති නෑ නේ ඩඩීට රිදෙනවට..." බයෙන් රතුවෙලා කදුලු පිරුනු ඇස් දිහා කෑදරක්ස්ම පිරුනු ඇස්වලින් බලාගෙන හිටිය ජන්ග් තමන්ගේ සීට් බෙල්ට් එක දාගන්න ගමන් බෙරී දිහා බලාගෙන හිටියේ ඉකියක්වත් පිටවෙයි කියන බයෙන් තොලෙන් තද කරන් නෑ කියන්න හිස වනද්දී...

His freesiaWhere stories live. Discover now