At the Hospital
ජංගුක් ලිලී මලක් අරන් තනියම වීල් චෙයාර් එකත් තල්ලු කරන් ඇස් වලින් වැටෙන කදුලු නවත්තගෙන හොස්පිටල් එකට ආවේ අද එයාගේ ජිවිතේ තියෙන අවසාන පුංචිම පුංචි බලාපොරොත්තුවක් වෙනුවෙන්. ඉතින් අන්න ඒ පුංචි බලාපොරොත්තුව ඉශ්ට වෙයිද කියන ජංගුක්වත් මන්වත් කියන්න දන්නේ නෑ...
ජංගුක් හොස්පිටල් එකට ඇවිත් එයා හිතින් කාලයක් ආදරේ කරපු එයාගේ හිතේ හිටිය ඒන්ජල්ව බලන්න වෝර්ඩ් එකට ආවා. ඒත් ජංගුක්ගේ ඒ තිබ්බ සතුට නැති වෙන්න ගියේ ටික වෙලාවයි. ෆෙරෝ එදා ජංගුක් අපු වෙලා හිටිය ඇදේ නම් හිටියේ නෑ. ජංගුක් කලබල වෙලා ආයේ වීල් චෙයාර් එකත් තල්ලු කරන් එලියට ගියේ ෆෙරෝ එතැන ඉදිවි කියලා හිතාගෙනයි. ඔව් ජංගුක් හරි. ෆෙරෝ එතන හිටියා. ජංගුක්ගේ මූනට ආයේ හිනාවකින් සරසන්න එයාගේ ඒන්ජල්ට හැකියාවක් තිබුනා. ඒත් ෆෙරෝ හිටියේ තනියම නම් නෙවේ. තවත් පිරිමි කෙනෙක් එක්කයි.ජංගුක්ගේ අතේ තිබුන සුදු පාට ලිලී මල බිමට වැටුනේ එයාගේ හිතේ මේ දක්වා ඇදිලා තිබුන හීනෙත් ඒ විදියට නැති වෙලා යද්දියි.
Jungkook : ෆ්....ෆෙරෝ 🥺
ඔව් ජංගුක් එයාගේ හිත හයිය කරන් ෆෙරෝට කතා කරා. ෆෙරෝ ඒ හඩට පිටිපස්ස හැරෙද්දී දැක්කේ වීල් චෙයාර් එකක වාඩිවෙලා ඇස් දෙකේ කදුලු පුරවන් ඉන්න ජංගුක්ව.
Fero : කවුද 🤨
? : තමුසේ 😡
Jungkook : හ්...හ්‍යුන්ග්🥺
ෆෙරෝ එක්ක හිටිය පිරිමි ලමයා වෙන කවුරුත් නෙවේ යුන්ගී.ජංගුක්ගේ හ්‍යුන්ග් .
Fero : කවුද යුන්ගියා මේ. ඔයා දන්න කෙනෙක්ද
Yoongi : ඔව් මැණික. මන් එක දවසක් කාර් එකේ යද්දී මගේ කාර් එක ලගටම ඇවිත් හිගා කෑව හිගන්නෙක් 😏.
Jungkook : හ්...හ්‍යුන්ග් 🥺
Yoongi : මන් තමුසෙගෙ හ්‍යුන්ග් නෙවෙ 😡
ෆෙරෝ පැටියෝ මන් හිතන්නේ මේ අබ්බගාතයා ඔයාට කැමතියි වගේ 😏 මේ බලන්නකෝ අනේ පව් මේ හිගන කොල්ලා ඔයාට ලිලී මලකුත් අරන් ඇවිත් 😏. සල්ලි එහෙම කොහෙන් හොයාගත්තද දන්නේ නෑ හැබැයි 😌.
YOU ARE READING
ᴡᴀʟᴋ ᴡɪᴛʜ ʏᴏᴜ || ᴊɪɴᴋᴏᴏᴋ ʙʀᴏᴛʜᴇʀʜᴏᴏᴅ ||𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 √
Short Storyමාත් ආසයි ඔයාලා වගේ ජීවත් වෙන්න , හිනාවෙන්න , ආදරේ කරන්න , ඉගෙන ගන්න , ඇවිදින්න.... මේ හදවත දැන් හරිම සංවේදියි. මට බෑ තවත් දරාගන්න. මගේ හදවතට දැන් හොදටම මහන්සී. ඒක නතර වෙනවනම් කොච්චර හොදද ?? හැමෝටම එකම එක කතාවක් තියෙනවා. ඉතින් මේ මගේ නමින් ලියැවුනු...