වේලාව- ප.ව.4.21
ස්ටීව් තම නිදන කාමරේම ජනේලේට මුහුනලා ඇති ඔහුගේ ලියන මේසය අස් කරන්නට සැරසුනි
මේසය මත තිබූ තම තීන්ත පෑන, පෑන් රදවනය තුලට දැමූ ඔහු.scottish sunday mail පුවත් පතට ගිය සතියේදි පල කිරීමට ලියන ලද ලිපියන්හි කටු සටහන් සියල්ල එකතු කර මේසට මුල තිබු කුනුබක්කියට දැමුවේය.
මේසය මත තිබූ තවත් පොත්පත් කිහිපයක් එහා මෙහා කෙරූ ඔහුට හමුවූවේ ඔපෙරා සන්දර්ශනක ටිකක් පතකි.
"හ්ම්!! මේ මාහට මැතිව්ස් මීට සතිකට පෙර ලබා දුන ටිකට් නේද..ඇත්තටම මට එය අමතක වී තිබුනෙ..."
ටිකත් පත දෙපැත්ත හරවා කියවා බැලු ඔහු
"1956.04.05"
" මෙය අදයි පවත්වන්නෙ...පටන් ගන්නෙ හවස 7ට"
"සමහරවිට මෙය උදව් වේවී මගේ මනස ටිකක් සන්සුන් කරගන්න"
මීට පෙර ඔපෙරා ගායන සදහා කිසිදු අවදානයක් හා ඇල්මක් නොතිබූ ස්ටීව් සිතුවේ මේ සති අග පලකරන පුවත්පතට ලිවිය යුතු, තම මනසේ නොසන්සුන්භාවය සමග ලිවීමට නොහැකි වූ ලිපිය ලියාගැනීමට ඔපෙරා සන්දරනය උදව් වේ කියායී.
සන්දර්ශනය නැරබීමට යෑමට තීරනය කෙරූ ස්ටීව්.යලිත් ටිකට් පත මේසය මත තබා එලිමහනේ විවේකීව රෝද පුටුවේ සිටි ඔහුගේ මව වෙත ගියේය.
මව යලිත් නිවස තුලට රැගෙන ආ ඔහු තම මහලු පියා සෙමින් සෙමින් සුද්ද කර තිබු අර්තාපල් භාජනයද රැගෙන කුස්සිය තුලට ආවේ රාත්රි ආහාරය සූදානම් කිරිමටයි.
අර්තාපල් භාජනය ලිප තබා ශීතකරනයේ තිබු හැම් ස්ලයිඩ් කිහිපයක් ගෙන පිසින ලදි
*
*
*
කෑම මේසය මත තැම්බූ අර්තාපල් හා බදින ලද හැම් ස්ලයිඩ් වට්ටියෙන් වසා ගම්මිරිස් හා ලුනු කුඩු බෝතල් ඒ අසලට කර"තාත්තා....රාත්රි කෑම සූදානම් කරා මා.මවට කෑම ලබාදී ඇගේ ඖෂදත් ලබා දීමට පුලුවන් නේද..මා යම් කාරනයක් සදහා නිවසින් පිට වනවා...රාත්රි 10 ත් පසුවේවි මා එන්න.."