කාර්‍යාලයෙන් පිටවී කාර්‍යාලය ඉදිරිපස පාර අයිනට වන්නට ස්ටීව් සිටියේ නෙවිල් එනතුරුයී...
"ස්ටීව්...නගින්න..."
ස්ටීව් කාරයේ ඉදිරිපස අසුනින්ම වාඩි වී නෙවිල් දෙසට පහත් වී කෙටි හා ඉක්මන් හාදුවක් නෙවිල්ගේ තොල් මත රැන්දූ ය.
එයට නෙවිල් කිසිදු පෙරලා ප්‍රතිචාරයක් නොදී ඉදිරිපසම බලා කාරය දාවනය කරන්නට විය.
"ඔබ එදා පැවසූ ඔබේ හිතවතාගේ මරනය පිලිබද ඔබ තවමත් කනස්සල්ලෙන්ද...."
"එවැන් කිසිවක් නොවේ...."
කාරය ඉතාමත් මන්දගාමීව ඉදිරියට දාවනය කල නෙවිල් පාර අයිනේ ගසක් යටට වන්නට නැවැත්වීය..
ඉතා බර සුසුමක් ඉහලට ගත් නෙවිල් කාරයේ සුක්කාන්ම තදින් අල්ලාගෙන තද කරමින් කල්පනාවක ගිලි සිටින්නට විය.
නෙවිල්ගේ හැසිරීමේ අමුතුබව දුටු ස්ටීව් කුමක් හෝ බරපතල සිත් තැවුලක් ඔහුගේ සිතෙහි ඇති බව වටහාගන්නට විය..
සෙමින් ස්ටීව් ඔහුගේ අත නෙවිල්ගේ සුක්කානම මත තිබූ අත මත තිබ්බේය...
"හැමදේම හරියාවි.....කිසිවක් බරපතල ලෙස නොගන්න...."
ඉදිරියම බලා සිටි නෙවිල්ගෙ දෑසින් කදුලු ගලා යන්නට විය ඉකියක ශබ්දයක්වත් නොමැතිව.එය ඉතා සන්සුන් හා සීතල හැඩුමක්.
ගලා යන කදුලු පිසදමා ඉදිරිය දෙස බලාන ස්ටීව්හට නෙවිල් කතා කරන්නට විය...
"ස්ටීව්.....අයිතියක් නොමැති බැදීම් අත්හැරීම වඩා සුදුසුයි නේද..."
"හ්ම්ම් මාත් සිතනවා..."
"මාවතක තනිව ගමන් කිරිමෙන් පසු කාලෙක එය සිතින් මගෑර්‍රිලා යාවිද"
"කාලය සියල්ලම විසදාවී...."
නෙවිල් එක් දෙයක්ද ස්ටීව් එක් දෙයක්ද සිතේ තබාගෙන කතා කරන්නට විය
නෙවිල් තම දෑතින් ස්ටීව් ගේ මුහුන අල්ලා මොහොතක් ඔහුගේ දෑස දෙස බලා අඩවන් දෙනෙතින් ස්ටිව්ගේ තොල්වලට පහත්විය.
රලු වූත් ගැබුරු වූත් දෙතොල්හාදුව අතරතුර නෙවිල්ගේ කදුලු අලුත්වී කම්මුලින් බේරි ආ කදුලු රස හාදුවට එකතු වන්නට විය.
*
*
*
*
හෙන්ඩර්සන් මන්දිරයේ විශාල ගේට්ටුව ලග නතර වු කාරයෙන් එලිය බැලු ස්ටීව් මොහොතක් යන්නට මත්තෙන් හෙන්ඩර්සන් මැදුර අදුනාගන්නට විය.