සෙනසුරාදා අලුයම මෙල්රෝස් දුම්රිය පොලෙන් බැසගත් ස්ටීව් හා ඔහුගේ මාපියන් දුම්රිය පොල අසලින්ම කුලීරථයක් ලබාගෙන නැගනියගේ නිවස වෙතට අවේ ය.
ප්‍රමානයෙන් කුඩා නිවසක් වු එම නිවසේ ඔවුන් තිදෙනා සදහා ඉඩකඩ සකසා ගැනීම ඉතා අසීරු විය..
මවටත් පියාටත් එක් කමරයක් අස්කර සකස් කර දීමෙන් අනතුරුව..ස්ටීව්හට සිටින්නට තැනක් වෙනමම සොයන්නට වීමය වූයේය.
ජේම්ස් නැතිනම් ස්ටීව්ගේ මස්සිනාහට අයිතිව තිබෙන දැනට වසා ඇති කඩ විදීයේ කඩකාමරයේ නවාතැන් ගැනීමට ජෙම්ස් ස්ටීව් ට ඉඩ ලබාදුනි.මේ මොහොතේ ඔහුට එයත් වටිනා දෙයක් විය.සවස් කාලය වනවිට සියල්ල අස්පස් කරගෙන රාත්‍රි ආහාර ගෙන කඩ කාමරය වෙතට ස්ටීව් ආවේය..
එනවිට රැගෙන ආ කෝපි ප්ලාස්කුවත් පොත් කිහිපයක් දමාගෙන ආ මල්ලත් පසෙකින් තබා චිමිනි ලාම්පුව දල්වන්නට විය.
විමිනි ලාම්පුව මේසය මත තැබූ ඔහු මේසය මතින් ගෙන ආ පොත් අඩුක් කර දැම්මේය
ස්ටීව් මේසයේ ලාච්චුව හැර බැලුවේ නිකමට මෙනි...ලාච්චුව තුල තිබූ ඉටිපන්දම දැක එය ස්ටීව් අතට ගත්තේ නිවිල් සිහිකරගෙනම...
පෙරදා රාත්‍රියේ ඔහු තමාගේ දිව් රැක ගැනීමට උමතු වූවෙකු මෙන් හැසිරුනු අකාරය මතක් වි ස්ටීව් ගේ සිතේ විරහා වේදනාව යලි අලුත් විය...
සියල්ල මතුපිටින් ඇත්හැර දැමූවද නෙවිල්ගේ ප්‍රේමයත් පහසත් ඉල්ලා ස්ටීව්ගේ හදවත හඩාවැටෙන්නට විය
ලා චිමිනි ලාම්පු එලිය පමනක් වැටි තියෙන් කරුවල කාමරේ තනිවූ ස්ටීව් අතැති ඉටිපන්දමත් දල්වා මේස කකුල දිගේ රෑරා විත් පොලව මත් හිදගත්තේ...හදවතේ ඇවිලෙමින් තිබූ ප්‍රේම ගින්න නිවීමට දෑසේ කදුලැලි ගැලීමට ඉඩදෙමින්..
දැල්වූ ඉටිපන්දමේ දියර අතදිගේ වක්කරමින් සටීව් හඩන්නට වූයේ...සමාජශාලාවේ උඩුමහලේ කාමරයේ ඔවුන් ගෙවූ අනුරාගී හෝරාවන්ගේ මතකය යලි යලිත් අලුත් කරගමින්....
කෙතරම් හැඩූවත් ඉදිකටු තුඩු දහසින් පමන එකවර පපුව හාරවන්නාක් මෙන් වූ වේදනාව බිදකටත් ස්ටීව්ගේ හදවතින් අඩුවූයේ නැත..
මුලු රාතියම හඩමින්.නෙවිල්ගේ රුව මතක් කරමින් සුසුම්ලමින් හිටි නෙවිල්ට පොලව මතම හිස මේසය හේත්තු වී අලුයම යාන්තමට මෙන් ඇස් පියවුනේ ගමන් විඩාබරටමය...
*
*
*
පිටත කඩ වීදියේ ඝෝශාවත් සමග අවදී වූ ස්ටීව් කාමරයේ ඇතුලතින් ඇති කරාමයෙන් යන්තම් මුව සෝදාගෙන අතපය හිරි අරිමින් කඩ කාමරයේ දොරෙන් එබී බැලුවේය.සෑම කඩයක්ම විවෘත කිරීමට සූදානමින් මිනිසුන් සියල්ල හරි කඩිසරකමින් වැඩ..
ඇස් එහෙ මෙහෙ යැවූ ස්ටීව්ට දැකගන්නට ලැබූනේ ඉරුනු බාච්චු කමිසයක් ඇදගත් කොලුගැටයෙක් පත්තර බෙදමින් සිටින බව..
විගස සාක්කුවට අතදමා පසුම්බිය ගත් ස්ටීව්
"මේ..කොලුවා..පත්තරයක් ලබාදෙන්න..හෝයි...මේ මෙහෙ.."
"පත්තර ලබාදෙන්නෙ කලින්ම මුදල් ගෙවා ඇති අයටයි"
"මා දෙගුනයක් මුදල් ලබාදෙන්නම් කරුනාකර මට පත්තරක් දෙන්න.."
කහගැහුනු දත් ඇන්ද විලිස්සා සිනාසුනු කොලුවා පැවසුවේ තුන්ගුනයක් මුදල් අවැසි බවයි.
මේ මොහොතේ කුඩා කොලුවෙක් සමග වාදයක් තබාගැනීමට අවශ්‍ය නොවූ ස්ටීව් එම මුදල් ගෙවා පුවත්පත අතට ගත්තේය...
මුල් පිටුවේම යටින් තිබූ පුවත් නෙත වැටුනු ස්ටිව්ගේ හිසට අකුනක් වැදෙනවාක් මෙන් දැනුනි
බොදවූ දෙනෙත් විගස පිහදමා යලිත් දෑස් විසාල කරමින් පත්තරය එබුනේ...ඇස් යම් මුලාවක වැටී ඇති බස සැක කරමිනි..
1956.8.21 ඉරුදින ස්කොටිශ් සන්ඩේමේල් පුවත්පත
" සිකුරාදා රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් ප්‍රසිද්ද ව්යාපාරියකකු හා දෙශපාලකයකු වූ හෙන්ඩර්සන් මහාතාගෙ එකම පුතු වූ නෙවිල් හෙන්ඩර්සන් මියගොස් ඇත
වැඩි විස්තර 5 පිටුවට"වෙව්ලන දෑතින් පත්තර අල්ලාගෙන සිටි ස්ටීව් වෙව්ලන දෙතොලින් පුවත දෙපාරක් කියවා පත්තරය විසිකර දමමින් ඔහුගේ පපුවත් අල්ලාගෙන දොරමුල කඩාවැටෙන්නට විය..
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
✒️Luna🌙