Red tulip 🌷

185 48 46
                                    

මම පසු තැවෙනවා.. මම ගොඩක් පසු තැවෙනවා. එදා මම එයාගෙ ආදරේ පිලිගත්තනන් මට මෙහෙම විදව විදව ජීවත් වෙන්න
ඕනෙ නෑ..

මට ඇත්තටම සමාවෙන්න මම කවදාවත් හිතුවෙ නෑ ඔයා නැති අඩුව මට මෙච්චර දැනෙයි කියලා ලියෝ..

ඔයාට පුලුවන්ද ආයම අතු ටියිලිප් මල් පොකුරක් අරන් මගෙ ඉස්සරහට එන්න..

ඔයාට පුලුවන්ද මට මගෙ වැරදි හදා ගන්න අවස්ථාවක් දෙන්න..

ආයම එන්න පුලුවන්ද මගෙ ඉස්සරහට අතු ටියිලිප් මල් පොකුරක් අරගෙන..

රතු ටියුලිප්ස්

රතු ටියුලිප්ස් ආදර වර්ග අතර ප්රියතම එකක්. ඔවුන්ගේ
තද රතු පැහැයන් ආශාව, ආදරය වැනි හැඟීම් ඇති
කරයි - ඔවුන් නව, තරුණ ජෝඩු සඳහා විශේෂයෙන් ජනප්‍රිය තේරීමක් බවට පත් කරයි. ඒවාට "මාව විශ්වාස කරන්න" හෝ "මගේ හැඟීම් සත්‍ය" යන්නද අදහස් කළ හැක.

රතු ටියුලිප් මලේ තේරුම ඒක වෙද්දින් ඇයි මට ඒක තේරුම් ගන්න බැරි උනේ..

මම ඔයා එනකම් බලන් ඉන්නවා මගේ ලියෝ..

අතීතයට...

මම වෙනදා වගේම ඇහැරුනේ මගෙ එලාම් එකේ සද්දෙට වෙනකොට මම එලාම් එක ඕෆ් කරලා දාලා ලැහැත්ති වෙලා පහලට ගියේ පපා dining table එකේ වාඩි වෙලා මන් එනකන් ඉද්දින්..

ටිකකින් මම කෑම කලා එළියට එද්දින් ලෙලේ අංකල් හැමදාම වගේ කාර් එක ස්ටර්ට් කර ගත්තෙ මට යුනිවර්සිටි එකට යන්න..

" Good morning Zhan baby "

" Good morning ලෙලේ අංකල්.. "

මම එහෙම කියලා හිනා
උනා..

ඕගොල්ලො දන්නවද මන් අවුරුදු දහයෙ ඉදලා අපේ ගෙදර හිර කාරයෙක්..

මට මතක දවසක මම කොහෙවත් ගිහින්නෑ..
කොහෙවත් කිව්වට පපාගෙ බිස්නස් පාටි වලටයි , යුනිවර්සිටි එකටයි ගියා..

ඉතින් ඒක කොහෙවත් ගියෙ නෑ වගේ තමා..

මගෙ වයසෙ ලමයි මේ කාලෙ ක්ලබ් වල එන්ජෝයි කරද්දින් මම ගෙදර බිත්ති හතර අතර කොටු උනා..

මගෙ මමා අපිව දාලා ගිය දවසෙ ඉදම් පපා මාත් එක්ක දවසට වචන දහයක්වත් කතා කරේ නෑ..

My Red Tulip Where stories live. Discover now