💖 *හන්තානෙට පායපු හද*💖
- දඟකාරයෙකුට අසීමාන්තිකව ආදරය කළ රුවැත්තිය ඇයයි -
Episode 0️⃣1️⃣
*****************************
" පූජාට සීනිද.....?"
ඉරෝෂ් එකපාරටම කියපු කතාව නිසා හැමෝම ඉරෝෂ් දිහා බැලුවහැමෝම
" මොකක්....සීනි.....ඇයි එහෙම කියන්නේ.....?"🙄
නෙතුලි ඉරෝෂ්ගෙන් ඇස් ලොකු කරගෙන ඇහුවා.
" ඇයි බං......මේකි හැමදාම ලෙක්චර්ස් ආවොත් ඉස්සෙල්ලාම යන්නේ වොෂ් රූම්......."
ඉරෝෂ් එහෙම කිව්වම නෙතුලිට මනමාල හිනාවක් ආවා.
" ඒ ඉරෝෂ් ඔයා හිතන් ඉන්න විදිය තමයි...."
නෙතුලි එහෙම කිව්වේ කවුරුත් නො දන්න රහසක් තමන් විතරක් දැනගෙන ඉන්නවා වගේ ආඩම්බරෙන්.
" හා...එහෙනම් ඒ කියන්නේ මෙතන අපි නොදන්න.....උ/බ විතරක් දන්න මොකක් හරි සීන් කෝන් එකක් තියෙනවා නෙතුලියෝ....එහෙම නේද....?"
එහෙම ඇහුවේ මෙච්චර වෙලා මීයට පිම්බා වගේ හැමදේම අහගෙන හිටපු කාවිංග.
" ඒකට ඇයි ඔයාලා මං විතරක් අල්ලගන්නේ...ඒක මේහ් මෙයත් දන්නවා...."
නෙතුලි තමන් ළඟම හිටපු නිම්නාගේ අතට ඇඟිල්ලකින් ඇනලා එහෙම කිව්වේ.
" උ/බ/ලා විතරක් ඔව්වා තනියම හිතේ තියන් ඉන්නේ නැතුව අපිටත් කියාම්....පිරිමි වුනාට මොකද අපිත් ආසයි ඕපාදූප වලට....."
" මේකයි.....උ/බ/ලා කියනවා වගේ අපේ පූජාට ඇති සීනියක් නෑ......ඒකී ඔය ආපු ගමන් වොෂ් රූම් එකට රිංගන්නේ ඒකිගෙ සපුමල් කුමාරයාට පේන්න හැඩවෙන්න....."
නෙතුලි එහෙම කියනකොට එතන හිටපු කාවිංගයි ඉරෝෂුයි ඇස් බෝල දෙක ලොකු කරගෙන මූණට මූණ බලාගත්තේ පූජාගේ සපුමල් කුමාරයා කවුද කියලා තමන්වත් දැනගෙන හිටියේ නැති නිසයි.
" මොනවා...ඒ කියන්නේ ඒකිට කොල්ලෙක් ඉන්නවද....ය/කෝ මෙච්චර ළඟින් ඉඳලත් අපි ඒක දන්නේ නෑනේ.....කවුද බං පුජා වගේ ලස්සන කෙල්ලෙක්ගෙ හිත දිනාගත්ත වාසනාවන්තයා.....අපේ සෙට් එකේ එකෙක්ද.....එහෙමත් නැත්නම් ජේෂ්ඨ උත්තමයෙක්ද....?"