💖 *හන්තානෙට පායපු හද*💖
- දඟකාරයෙකුට අසීමාන්තිකව ආදරය කළ රුවැත්තිය ඇයයි -
Episode 0️⃣2️⃣
******************************
දෙසැම්බර් මාසේ කිට්ටු නිසා හන්තානෙට දැඩි සීතලක් දැනෙමින් තිබුනා.
කොච්චර සීතල වුනත් පූජා මේ රෑම නාලා ඇඳට ආවේ මේ දැන්. පූජා ඇඳගෙන හිටපු රෝස පාට ස්විටර් එක නිසා කෙල්ලගෙ මූණට වෙනදා නැති මොකක්දෝ ලස්සනක් අද ඇවිත් තිබුනා.
පූජා ශමින්කට කෝල් එකක් ගත්තේ කන්න කලිනුයි. සාමාන්‍යයෙන් කොහොමත් කෙල්ල ශමින්කට කන්න කලින් හැමදාම වගේ කෝල් එකක් ගන්නවාමයි.
ශමින්ක කෑවට පස්සෙයි කෙල්ල ගොඩක් වෙලාවට රෑට කෑවේ.
📱 " හෙලෝ....පූජා ඉතින්....."
📱 " ඉතින් තමයි.... මොකෝ ශමින්ක ඔයාට අද කෝල් එකට ආන්සර් කරන්න ගොඩක් වෙලා ගියේ....."
වෙනදා නම් පූජා කතා කරපු ගමන්ම ශමින්ක කෝල් එකට ආන්සර් කරත් අද නම් ශමින්ක පූජාගේ කෝල් එකට ආන්සර් කරේ ගොඩ වෙලාවක් රින්ග්ස් ගියාට පස්සෙයි.
📱 "අනේ සොරි පූජා......ෆෝන් එක චාර්ජ් එකේ තිබුනේ......"
📱 " හාකෝ....ළමයා ෆෝන් එක චාර්ජ් එකට ගහලා මොකද කර කර හියියේ ඉතිම්....."
📱 " ආහ්.....මමද.....අද මැච් එකනේ ඕස්ට්‍රේලියාවත් එක්ක....ඉතින් ඉතින් අද කොල්ලා දවසෙම පිස්සා වගේ මැච් එකේ...."
ශමින්කට කොහොමත් මැච් එකක් තිබ්බොත් කෑමක් බමක් පාඩමක් ඕනෙම නෑ.
📱 " හා....එහෙමද මහත්තයෝ.....දැන් ඔය මැච් බලන්නේ.....ආපු නැති ඒවගේ නෝට් ටික කම්ප්ලීට් කරලද......?"
ශමින්ක ගේ අම්මාට අසනීප වෙලා හිටිය නිසා පහුගිය දවස් ටිකේම ශමින්ක්ට හරියට ලෙක්චර්ස් එන්න බැරි වුනා.
📱 " නෝට් නම් තව ටිකක් තියෙනවා පූජා...."
📱 " ඒකනේ ශමින්ක.....බලන්නකෝ...ඔයා නම් කොච්චර කිව්වත් හැදෙන ළමයෙක් නම් නෙමෙයි......මීට පස්සෙ නම් මම ඔයාට නෝට් දෙන්නේ නෑ ශමින්ක....මගෙන් ඉල්ලන්නත් ලෑස්තිවෙන්න එපා....."😡