💖 *හන්තානෙට පායපු හද* 💖
- දඟකාරයෙකුට අසීමාන්තිකව ආදරය කළ රුවැත්තිය ඇයයි -
Episode 0️⃣3️⃣
******************************
ඊයේ රෑ වැස්ස නිසාමද මන්දා අද උදෙත් හරියට හන්තානේ පුංචි එංගලන්තයක් වගේ. ඒ තරම්ම උදේ තිබුනේ උහුලගන්න බැරි තරම් තද සීතලක්.
නෙතුලියි පූජායි ලෑස්තිවෙලා කැම්පස් යන්න බෝඩිමෙන් එළියට බැස්සා විතරයි නෙතුලිගේ ෆෝන් එක රින්ග්ස් වුනා.
" පොඩ්ඩක් ඉන්න නෙතුලි....කවුද කවුද දන්නේ නෑ මේ උදේ පාන්දරම කතාකරන්නේ...."
පූජා නෙතුලිට එහෙම කියලා ෆෝන් එක අරගෙන ෆෝන් එකේ ස්ක්රීන් එක බැලුවා. කතා කරන්නේ ශමින්ක.
" මොකද මේහ් මෙයා කවදාවත් නැතුව මේ වෙලාවේ කෝල් ගන්නේ"
පූජා එහෙම හිත හිතාම ශමින්කගෙන් එන කෝල් එකට ආන්සර් කරා.
📱 " හෙලෝ පූජා..... ඔයා කොහෙද ඉන්නේ...... තාම කැම්පස් ගියේ නෑ නේද......?"
ශමින්ක එහෙම ඇහුවේ හරිම කලබලෙන් වගේ. ඇත්තටම පූජාත් බයවුනා ශමින්ක ඒ අහපු විදියට. ඒ තරම්ම කලබලයක් ශමින්කගේ හඬේ තිබුනේ.
📱 " මායි නෙතුලියි කැම්පස් යන්න එළියට බැස්සා විතරයි ශමින්ක..... ඇයි ඔයාට මුකුත් ප්රශ්නයක් නෑ නේද...? ඔයා හොඳින් නේද ශමින්ක...."
📱 " නෑ නෑ පූජා..... මං තාම හොඳින් ඒත් ඉස්සරහට කොහොම වේවිද දන්නේ නෑ....."
ශමින්ක විහිලුවට වගේ කිව්වා.
📱 " අනේ ශමින්ක..... උදේ පාන්දරම ඔය වගේ ජරා කතා කියන්න එපා...... හරි හරි දැන් කියන්නකෝ ඇයි කතා කළේ කියාලා....."
📱 " අද කැම්පස් යන්නේ නැතුව මාත් එක්ක මාත් එක්ක පොඩි ගමනක් යමුද පූජා....."
ශමින්ක එහෙම ඇහුවාම පූජාටත් ගොඩක් පුදුම හිතුනා. මොකද ශමින්ක මීට කලින් කවදාවත් තමාට මේ වගේ යෝජනාවක් කරලා තිබුනේ නැති නිසා.
📱 " මොකක්...... කැම්පස් කට්කරලා ඔයත් එක්ක ගමනක් යන්න..... හා දැන් කොහෙද කියන්නකෝ ඔය යන්න හදන්නේ......"