( ලමයි.. මේක ටිකක් සිඟිති වගෙ ඇති. ගනන් ගන්න එපා. මොකද මේක මම කොරියන්වලින් දැම්මොත් ගොඩක් අයට තේරෙන්නැති නිසයි ඉන්ග්ලිශ්වලින් දැම්මෙ..)කාමර දෙකකින් සමන්විත ඔහුගෙ කුඩා නිවසේ ඉරිතැලුනු බිත්තියක් මත අලවා තිබුනු කඩදාසිය දිහා ඔහු බලන් හිටියේ යාන්තමින් මුව ඇඳුනු අමුතු හිනාවකුත් එක්ක.. ජන්ග්ගුක් එහෙමත් නැත්නම් සෝල්වල අමුතු ගින්නක් පතුරන සාහසිකයා නොහොත් දාම ඝාතකයා දැනටමත් අහිංසක ජීවිත දෙකකට මෙලොව තියෙන බයානකම විදියෙ මරණයක් දීලා ඉවරයි. යාන්තම් අවුරුදු විස්සට පය තබපු , අවුරුදු 20 මුල් අදියරේ ගත කරන හරි සියුමැලි ලස්සන අහිංසක ගැහැනු ලමයි ගොදුරු කර ගන්නෙ ඔහුගේම දුවට බෝනික්කො සාදන්නටනම්
ඔහුට පුලුවන්කමක් තිබුනා...
එක මිනීමැරුමකට යොදවත වොන් දහස් ගනනින් තමන්ගෙ දුවට බෝනික්කෙක් නෙවෙයි බෝනික්කො දහයක් නැත්නම් ඊටත් වැඩියෙන් අරන් දෙන්න.. ජංගුක් කියන්නෙ රහස් සියගනනක එකතුවක්. මේ ලෝකෙ කවුරුත් නොදන්න.. දවසින් දවස මුඩුක්කු සංකීර්ණයෙ ගෙවල් එකින් එක අඩු වෙන නිසා ඉතිරිව තිබුනු ජංගුක්ගෙ නිවස ඇතුලෙ වෙන සාහසික සිද්දීන් වගේම ඔහුගෙ හිතෙ තියෙන හැඟීම් ලෝකෙට හෙලි නොව්නු අපරාධනම් එමටයි. දවසක ඔහුම කියාවී.. ලෝකයම ජංගුක් කියන දාම ඝාතකයව දැනගනීවී.. ඒත්..වරදක් නොකර දහදුක් විදලා මැරිලා ගිය අහිංසක ජීවිත දෙකට විතරක් නෙවෙයි.. ඉදිරියටත් දුක් විඳලා මැරෙන්න ඉන්න අහිංසක තරුණ ජීවිතවලට ඔවුන්ගෙ ආත්මවලට නිදහසක් දෙන්න පුලුවන් වේවිද..
❌❌❌
සොක්ජින් මින්ජි ඉදිරියෙන්ම කාර් එක නවත්තලා කෑ ගැහුවෙ මින්ජි ලඟින් හිටපු මිනිස්සු පවා කෙල්ල දිහා අමුතු විදියකට බලද්දි.. අවුරුදු 20-25 කියන්නෙ තරුන වයස... තරුන වයසෙ අපි කවුරුත් කැමති නෑ අනික් අය ඉස්සරහා හෑල්ලු වෙන්න.. ලැජ්ජ වෙන්න.. ඉතින් ඒ දැනෙන ලැජ්ජාව මින්ජිට හොඳින්ම දැනුනා..
YOU ARE READING
THE CHAIN KILLER | ONGOING
Fanfictionමේ කැපුම් පාරවල් , අවයව එකට වෙන් වෙලා තියෙන විදිය.. මේ හැමදෙයක්ම අනිත් murdersවලට හරි සමානයි.. - සර් කියන්නෙ මේක දාම ඝාතනයක් කියලද.. අන්න හරි.. හැබැයි.. මේක මානසික ලෙඩෙක් විසින් කරන දාම ඝාතනයක්.. 2022.06. 23 Jinshi_0811