5 🩸🧸

219 57 34
                                    

මෙන්න විශේශ පුවතක්..
සෝල් ****** ප්‍රදේශයේ තට්ටු නිවාස සංකීර්ණයේ පොකුණක් තුල ඉදිරිපිට තිබී නැවතත් තරුණියකගෙ අස්ථි රහිත මහසිරුරක් හමු වී ඇත. ප්‍රකට නීතීඥ වරයෙකු වූ kim seokjin නීතීඥවරයාගෙ සහෝදරිය වන ඇය සෝල් නීතී පීඨයේ ඉගෙනුම ලබන 21 හැවරදි තරුණියකි..

" කිම් සොක්ජින්ගෙ නංගිව මරලා... " බැලූ බැලූ තැන කඩයක් කඩයක් ගානෙ කතා වුනේ ඔන්න ඔය විදියට. සෝල්වලට ලඟින්ම පිහිටි තට්ටු නිවාස සංකීර්ණය ඉදිරිපිට තිබුනු පොකුනේ කලු බෑග් එකක් ඇතුලෙ මින්ජිගෙ ශරීර කොටස් පාවෙමින් තිබුනා..

උහුලන්න පුලුවන් අපරාදයක්ද.. මේ මොහොතෙ ජින්ගෙ යුංගිගෙ තත්වෙ ගැන කල්පනා කරන්න පුලුවන්ද... මොන පිරිමියටද පුලුවන් තමන්ගෙ පෙම්වතියගෙ මරණය දිහා පොලිස්කාරයෙක් විදියට බලන්න. මොන පිරිමියටද පුලුවන් නංගිව මරපු විදිය උසාවියක් අස්සෙ කියවන්න. දෙයියනේ !!!!! මේක මහ සාහසික ලෝකයක්..

ජීවොන් ලොකු බඩකුත් උස්සන් පොලොව සිපගෙන විලාප තියද්දි ජින් තාමත් පොලීසියට වෙලා බලාගත්තු අත.. කලින් දවසෙ ගෙදරට ඇවිත් අදහන දෙවියන්ට යාඥා කලේ ඉක්මනට තමන්ගෙ නංගිව තුරුල් කරගන්න ලැබෙන්න කියලා..

" ජින්.. දැන් ගෙදර යන්න. වයිෆ් තනියමනෙ... නංගිගෙ අවසාන කටයුතුවලට ලෑස්ති වෙන්න. අපි ඒ මිනිහව හොයාගමු..."

" නංගි??? ඒ මගෙ නංගි නෙවෙයි ඉන්ස්පෙක්ටර්.. කෝ මගෙ නංගි..???? එතන මගෙ නංගි හිටියෙ නෑ.. තිබුනෙ හම ගොඩකුයි ලේ බෑග් එකකුයි බෝනිකෙක්කුයි විතරනෙ..."

Commissioner මේ ජින්ට කියන දහ දොලොස් වතාව වෙන්න ඇති
ජින් දරුවෙක් වගේ.. තනතුරෙන් පහල සහ ඉහල හැමෝම බලන් හිටියේ මෙතුවක් කල් ගාම්භීර ස්වරූපයකින් මුලු උසාවියම හොල්ලපු ලෝය දිහා.. ඒ පට්ටම් බල්ලට ගියාවෙ. මොන මනුස්සයද ඉවසන්නෙ මෙහෙම දෙයක්. මින්ජිව නාඳුනන්නො පවා මේ කෙල්ල ගැන හූල්ලද්දි පණ දෙවෙනි කරලා ආදරයක් දුන්න ඒ කෙල්ලගෙම ඔප්පට දැනෙන හැඟීම විස්තර කරන්නෙ කොහොමද මම.....

Flashback :

ජින් යුංගිගෙම කීමට ගෙදර ගියේ යුංගිව තමන්ටත් වඩා විශ්වාසෙන්. මොකද ජින් දැනගෙන හිටියා පණ වගේ ආදරේ කරන කෙල්ලට යුංගි හීරිමක්වත් වෙන්න නොදෙන බව.. ගෙදර ගියත් බයටම වෙව්ලන ජීවොන් දිහා පවා ජින් බලන් හිටියෙ බයෙන්.. හරියට ගෙදර පහන නිවිලා ගිහින් වගේ.. පුටුවකට වැටීගෙන මින්ජි ගැන ලතවෙන අප්පා වගේම ජීවොන්ගෙ ඉකි බිඳුම් අස්සෙ අඬන්න බැරිකමට ශක්තියක් මවාගත්තු ජින් නංගි එනකන් මඟ බලන් හිටියත් කවුරුත් දැනගෙන හිටියෙ නෑ කෙල්ල මේ වෙනකොටත් මැරිලා ගිහින් කියලා..

THE CHAIN KILLER | ONGOINGWhere stories live. Discover now