" සර්... තව අතුරුදහන් වීමක්.. ලෝය කිම්ගෙ නංගිලු..."" කාගෙ කවුරු කියලද කිව්වෙ...???"
" ලෝය කිම්ගෙ නංගි.. ලෝය kim seokjinගේ..."
යුංගි ඔහේ බලන් හිටියා විතරයි. එතනින් එහා වචනයක්වත් නොකියා ටේබල් එකෙන් ඉඳගත්තු කොල්ලා ඇස් පියන් මොනාදෝ කල්පනා කලේ මෙතුවක් කල් පාක්වත් නොදැකපු පැත්තක් යුංගිගෙන් පෙනෙද්දි.. ඔව්.. කොල්ලගෙ ඇහි පිහාටු කඳුලු බිංදු දෙක තුනකින් තෙත් වෙලා.. හිනෙකින්වත් වෙයි කියලා නොහිතපු දෙයක් දැනටමත් වෙලා ඉවරයි..
" සර්.. සර් ඔයා හොඳින්ද..."
" ජින් පොලිස් ස්ටේශන් එකට ඇවිල්ලද ඉන්නෙ..??"
" ඔව් සර්.. ලෝය කිම් එක්ක එයාගෙ අප්පත් ඇවිල්ලා ඉන්නවා.."
" හ්ම්ම් අපි යමු.."
යුංගි පාක්ව පහු කරන් එතනින් යද්දි පාක් අනිත් පොලිස් නිලදාරියා දිහා බැලුවෙ " මේ මනුස්සයට මොකක්ද වුනේ " අහන්න වගේ.. විනාඩි කිහිපයකට කලින් ඔෆිස් එකම දෙවනත් වෙන්න කෑ ගහපු මනුස්සයා එක පාරම ඇස්වල කඳුලු පුරවගත්ත හැටි පාක්ටත් හරි පුදුමයි...
🩸🩸
" තමුන්.. තමුන් කව්ද කියනවා.. මාව මෙහෙට ගෙනාවෙ ඇයි?? මාව මෙතනින් එලියට එක්කන් යනව මනුස්සයෝ..."
" ටිකකින් එක්කන් යනවා.."
" ටිකකින්.. ? තමුසෙගෙ ඔලුව හොඳ නැද්ද ඕයි.. ආයිශ් .. මට යන්න දෙනවා... පිස්සු මිනිහා..!!!"
දිරුනු ලෑලි පුටුවක මහත දම්වැලකින් එතුනු තමන්ගෙ ඇඟ හොලවගන්නවත් බැරුව මින්ජි මර ලතෝනි දුන්නෙ තමන් ඉදිරියෙන් මුවහත් කියතක් වගේම ලොකු පිහියක් දිහා තොල් ලෙවකමින් බලන් ඉන්න taxi driver දිහා..
කෙල්ලගෙ ඇස් එතැනින් නොනැවති ඉරිතැලුනු කුඩා බිත්ති දෙසට යොමු වුනා.. මහ විසාල ලේ පැල්ලම් වගේම බෝනික්කොන්ට අන්දන එක එක වර්ණයේ ගව්ම් බිත්තියක් ලඟ තිබුනු රාක්කයක එල්ලලා තිබුනා.. ඒ විතරක් නෙවෙයි. අවුරුදු 5/6 විතර පෙනුමක් තියෙන හුරතල් ගැහැනු දරුවෙක්ගෙ රාමු කරපු පින්තූරයක් ඉදිරියෙන් බෝනික්කො කිහිපයක් තියලා තිබුනා..
YOU ARE READING
THE CHAIN KILLER | ONGOING
Hayran Kurguමේ කැපුම් පාරවල් , අවයව එකට වෙන් වෙලා තියෙන විදිය.. මේ හැමදෙයක්ම අනිත් murdersවලට හරි සමානයි.. - සර් කියන්නෙ මේක දාම ඝාතනයක් කියලද.. අන්න හරි.. හැබැයි.. මේක මානසික ලෙඩෙක් විසින් කරන දාම ඝාතනයක්.. 2022.06. 23 Jinshi_0811