"සයුරි තෝවනම් තියන්න වටින්නෑ ඕයි... ඇයි ඊයේ ආවේ නැත්තේ? කිව්වෙවත් නෑ මට"
"සොරි සුදූ.... ඊයේ හදිස්සියේ අත්තම්මලාගේ ගෙදර යන්න වුණා එයා ලෙඩවෙලා කියලා ආරංචි වුණ නිසා, කියන්න වෙලා තිබ්බේ නෑ බම් මං දැනගත්තෙත් ඊයේ මලපාන්දර"
"හරි හරි කමක් නෑ.. අත්තම්මට අවුලක් නෑනේ?"
"ටිකක් පපුවේ අමාරුවක් තියෙයිලු... වෙන ප්‍රශ්නයක් නෑ"
"හ්ම්... ඉක්මනට හොඳවෙයිනේ"
ගංගාවි ඉස්කෝලේ ගාව බස් හෝල්ට් එකේ ඉඳන් සයුරි එක්ක ආවේ පොඩි කතාවකුත් දාගෙන. එන මගදි ගංගාවි ඊයේ වුණ සිද්ධිය සයුරිට කිව්වම සයුරිගෙන් හම්බුනෙත් ඊයේ ශානිකාගේ ප්‍රතිචාරෙට සමාන එකක්.
මුළු දවසෙම රන්දිමාව හම්බෙන කොච්චර ට්‍රයි කළත් ඒ වැඩේ හරි ගියේ නැත්තේ ගංගාවිගේ උද්යෝගයක් නැති කමයි රන්දිමා මොන වෙලේ බැලුවත් හිටියේ පන්තියෙන් එළියට පැනගන්න බලාගෙන හිටපු නිසයි. ස්තූති නොකළොත් හිතට හරිනෑ වගේ හිතුන නිසා හවස ඉස්කෝලේ ඉන්න තීරණේ කළේ රන්දිමාට ප්‍රැක්ටිස් තියෙන නිසා.
පැවිලියන් එකයි ග්‍රව්න්ඩ් එකයි ගාවම තිබුණ ඉන්ඩෝ එකේ හරි හරියට සෙල්ලම් කරපු රන්දිමා පැය දෙකකට පස්සේ එක අතකින් බෑග් එක එල්ලන් අනික් අතින් ෆේස් ටවල් එකකින් මූණ පිහිදාන ගමන් එළියට ආවා. ඒ පැය දෙකේම පැවිලියන් එකට වෙලා නිවි හැනහිල්ලේ ඉන්ඩෝ එක අස්සෙන් ඇහෙන සපත්තු ලිස්සන හඬත් එක්ක ගංගාවි පොතක් අරන් බලන්න ගත්තේ වෙන කරන්න වැඩකුත් නැති නිසා. අට වසරේ විතර ළමයි ටිකක් හිනාවෙවී එන සද්දේ ඇහිලා ගංගාවි ඔලුව උස්සලා බැලුවේ රන්දිමා එනවද කියලා බලන්න. එතකොට එයා දැක්කේ දාඩිය පෙරාගෙන ඒ ළමයි ටිකට පිටිපස්සෙන් තව යාළුවෝ දෙතුන් දෙනෙක් එක්ක හිනාවෙවී එන රන්දිමාව. මොහොතක් ඇස් පිල්ලම් නොගහා හිටියේ සාමාන්‍යයෙන් රන්දිමාව මෙහෙම දකින්නේ නැති නිසා. එයා පැවිලියන් එක ගාවින් යද්දිම දුවලා ගිහින් රන්දිමාව නතර කරගත්තේ රන්දිමා මේ මොකෙද්ද මේ කියන්න වගේ ගංගාවි දිහා බලද්දි.
"ඇයි?"
රන්දිමා ගහන්න වගේ අහද්දි ගංගාවි ආයෙත් ඊයේ වගේ වචන පටලගන්නැතුව උත්තර දෙන්න වග බලාගත්තා.
![](https://img.wattpad.com/cover/317267296-288-k978479.jpg)
YOU ARE READING
Nerdy Girl🌻 || GL Story || (COMPLETED ✅)
Non-Fiction"ඉතිං..... දැන් චූටිට කොහොමද?" "කවුද චූටි?"😳 ........................................................ "කරුණාකරලා මට මෙහෙම පස්සෙන් ඇවිත් කරදර කරන එක නතර කරන්න. ඔයා කොහොම කිව්වත් මම ඔයාට කැමති නැහැ!" "හ්ම්... ඒකත් එහෙමයි නෙහ්...." 😏 "ආාාහ්!!!! රන්දි...