07.🌻

1K 105 7
                                        

දවල් වෙද්දි ඉස්කෝලෙට ආපු ළමයි තවත් පුංචි රැස්වීමකට පස්සේ විසිරිලා ගියේ සමහරක් අය බාස්කට්බෝල් ප්‍රැක්ටිස් නැවතෙද්දියි අනික් අය ගෙවල් වලට යද්දියි.

"එහෙනම් රන්දි අපි ගියා... ප්‍රැක්ටිස් ඉවර වෙලා පරිස්සමට ගෙදර පලයන්"

"හරි ශානි බායි..."

ශානිකා රන්දිමාට සමුදීලා එද්දි ගංගාවිත් එයාට අත වනලා හිනාවෙලා ආවේ ගෙදර යන්න බලාගෙන. අප්පච්චි ඒ වෙද්දිත් ඇවිත් හිටිය නිසා ගංගාවිට ටිකක් සැහැල්ලුවක් දැනුනා.

රන්දිමා චේන්ජින් රූම් එකට ගිහින් ප්‍රැක්ටිස් කිට් එකට මාරු වෙලා එළියට ඇවිත් වෝම් අප් කරද්දි එයාව පහුකරන් ගිය එයාගේ වයසෙම කෙල්ලෝ දෙන්නෙක් මොනාද කු⁣ටුකුටු ගගා රන්දිමා දිහා බල බල ගියා.

"ආ රන්දි අක්කේ.. මං හිතුවේ ප්‍රැක්ටිස් එන එකක් නෑ කියලා"

"ආහ් කොහොමද හිරුණි... එන්නැතුව බැහැනේ ඉතිං"

"මාර සීන් එකනේ අක්කේ වුණේ"

"ඇයි ආයෙත් සඳරු ශ්‍රියන්ත සර්ගෙන් ගුටි කෑවද?"

"නෑ නෑ බං අක්කේ ඉන්නවකෝ කියනකන්"

"කියහං ඉතිං"

"ඊයේ ඔයාලා ට්‍රිප් එක ගියානේ..."

"ඔව්....?"

"දහය වසරේ ට්‍රිප් එක නොගිය දෙතුන් දෙනෙක් හිටියා... එයාලා කතා වුණා ඔයා ගැන"

"මං ගැන?"

"ඔයා ගැනයි තව අක්කා කෙනෙක් ගැනයි"

"⁣ම්ම්... මොනාද එයාලා කතා වුණේ?"

"එයාලා කියනවා ඇහුණා ඔයා ලෙස්බියන් කියලා, තව අර අනික් අක්කා එක්කත් සම්බන්ධයක් තියෙනවා කියලා"

"මොන අක්කා එක්කද?"

රන්දිමාට හිරුණි කියන කතා එක්ක ආවේ පුදුම තරහක්. හිරුණි කියන්නේ තමන් එක්ක හොඳටම ෆිට් නංගි කෙනෙක් වුණත් එයාම රන්දිමාට එහෙම කියද්දි ටිකක් අපහසුවක් දැනුනා.

"ම්ම්... එයාලා කතා කරපු විදිහට තේරුනේ කොන්ඩේ ගොතලා ඉන්න කන්නාඩි දාන අක්කෙක් කියලා"

පන්තියේ කන්නාඩි දාන අය තුන්දෙනෙක් ඉන්නවා... සහන්, ගංගාවි, පවනි. පවනිගේ කොන්ඩේ කොටයි,එතකොට මේ කියන්නේ ගංගාවි ගැන කියලා තේරුණාම රන්දිමා කියන්න ගිය එකත් පැටලුනා. කේන්තියත් කොහේ ගියාද දන්නෑ.

"ගංගාවි ගැන?"

"ඔව්! අන්න එයා තමයි... ඒ කතාව ඇත්තක්ද අක්කේ?"

"පිස්සුද බං ඔය අපේ එවුන්ට ⁣අනුන්ගේ කෝප්ප හෝදනවා ඇර වෙන වැඩ නෑනේ"

එයාලගේ කතාවට එතනින් තිත තියලා රන්දිමා හිරුණි හිටපු තැනින් වෙන තැනකට ගියේ සර්ට කතා කරන්න කියලා හිතාගෙන.

"රන්දි අක්කේ!!!"

රන්දිමා සර් එක්ක තරඟවලට උවමනා දේවල් ගැන කතා කරකර ඉද්දි හිරුණි නංගි ගිරිය යටින් කෑගැහුවේ සර්වත් උඩයද්දි.

"මොකද ළමයෝ බෙරිහන් දෙන්නේ?"

"සොරි සර්... අනේ රන්දිමා අක්කේ ඉක්මනට එන්නකෝ"

හිරුණි කියන පමාවට රන්දිමා සර්ටත් කියලා දුවගෙන ඉන්ඩෝ එකේ මේන් ඩෝ එක ගාවට ආවා. සර්රුත් එයාගේ පස්සෙන්ම වැටිලා ආවේ මොකද වුණේ බලන්න. එතන හිටියේ ශානිකා! නිකන්ම නෙමෙයි දනිස් දෙකේ ලේ පෙරාගෙන. ශානිකා එහෙම ඉන්නවා දැකලා රන්දිමාගේ ඇස් උඩ ගියේ මේ වෙලාවේ මේ විදිහට එයා ශානිකාව දකින්න බලාපොරොත්තු වුණේ නැති නිසා.

"ශානිකා!! මේ මොකද මේ?"

ශානිකා තාමත් බිත්තියට වාරුවෙලා හති අරිනවා. හරියට දිග දුර ධාවන තරඟයක් දුවලා වගේ. එහෙම ඉද්දියි එයාගේ තවත් සමහරක් තුවාල හොඳටම පෙනුනේ.

"මං ගැන බලන්න නෙමෙයි බං... ගංගාවිව හොස්පිටල් ගෙනිච්චා, යමං ඒකිව බලන්න"

"ඇ-ඇයි එයාට මොකද වුණේ?"

"එව්වා පස්සේ කියන්නම් ඕයි! සර් රන්දිමාව එක්කගෙන ගියාට කමක් නැද්ද?"

ශානිකාට සර් අවසර දුන්නු සැනින්ම රන්දිමාගේ අතින් ඇදන් එයා කෙලින්ම දිව්වේ බස් හෝල්ට් එකට.

ඒ අතරේ හිරුණි... 'එහෙනම් කට්ටිය කියන කතා ඇත්ත වගේ... මොනාවුණත් රන්දිමා අක්කා හොඳ කෙල්ල' එයා හිනාවෙවී ආයේ ප්‍රැක්ටිස් පටන්ගන්න ගියා.

................................................

හායි 🙂🤘

මොකද්ද ඒ වුණේ???? 😮

කොටයි තමයි සමාවෙන්න... ඉස්සරහට දිග කොටස් තියෙනවා... ඒ හින්දා අවුලක් කරගන්න එපා 🙂❤️😂

තැන්කූ අනේ කියවනවට 🥺🥺🥺

පරිස්සමින් ඉන්න ❤️❤️❤️

Nerdy Girl🌻 || GL Story || (COMPLETED ✅)Where stories live. Discover now