සයුරිටත් වඩා දැන් රන්දිමා ගංගාවිත් එක්ක එකතුයි වගේ. විද්‍යාව සංගමේ නිසා එයාලා තවත් එකමුතුයි. එක එක ප්‍රොජෙක්ට්ස් කරද්දි පවා ගංගාවිට ඒවා රන්දිමා එක්ක කරන්න වුණේ ගුරුවරු හිතාමතාම රන්දිමාගේ පසුබෑම නිසා එයාව ගංගාවි එක්ක තියලා එයාගේ වැඩකටයුතු කලින්ට වඩා දියුණු වෙයි කියලා හිතලා දෙන්නව එකට දාන නිසා.
"ගංගා... ඔයා ට්‍රිප් එක යනවද?"
"බලමු රන්දි.... ගෙදර අයගෙන් අහලා බලන්න වෙනවා ඉස්සෙල්ලා"
ළඟදිම යන අනුරාධපුර ට්‍රිප් එක ගැන ගංගාවියි රන්දිමායි කතා කර කර ඉද්දි ශානිකායි සයුරියි ආවේ කරට අතත් දාගෙන කපල් එකක් වගේ.
"අප්පටසිරි.... සයුරි මුං දෙන්නා බලහංකෝ... අපිව දැන් ගානක්වත් නෑ"
"ඒකතමයි... ඔහොම යමුකෝ... ශානිකා අපිට ඉස්සරහට තව හොඳ හොඳ ඩ්‍රාමා බලන්න පුළුවන් වෙයි වගේ"
"ඕ.. ඒ ගැන නම් මටත් සාධාරණ සැකයක් එනවා"
ශානිකායි සයුරියි දෙන්නම තරඟෙට රන්දිමාවයි ගංගාවිවයි කිච කරද්දි ඒ දෙන්නම අහක බලාගත්තේ තවත් අහන් ඉන්න බැරි නිසා.
"ආන් ආන් ඕකනේ බැරි.... ඇයි ලැජ්ජයිද ආ?"
"ශානිකා තෝ මගෙන් දැන් කනවා හරිද"
"මොනාද? රයිස් එකක්?"
"මගෙන් අහගන්නෙපා"
ශානිකා තවත් විහිළු කරද්දි විහිළුව දරාගන්නම බැරිතැන ශානිකාගේ ටයි එකෙන් ඇදලා දැම්මේ එයා තවත් කියවන්න කලින්.
"සයුරි.... උඹ යනවද ට්‍රිප් එක?"
"ඕ.... ඔන්න මමයි ශානිකායි එක ශීට් එකේ හොඳේ"
"යකූ දැන් කවුද බොගේ බොක්ක මමද නැත්තන් මේ ටින් බෙලෙක්කෙද?"
"ඒ මේ මගේ සුදාට ටින් බෙලෙක්කේ කියාගෙන එන්න එපා හරිත"
"අනේ මේ තියාගන්න ඔයාගේ සුදා හහ්"
සයුරි ශානිකා නිසා ගංගාවි එක්ක රණ්ඩු වෙද්දි රන්දිමා ඇස් උඩ දාන් බලන් හිටියේ සයුරිට මොකෙක් වැහිලද කියලා. ඒ අස්සේ ශානිකා හැංගෙන්න බිත්තර කටු හොයනවා. මොන ලැජ්ජාවක්ද ඉතිං නේ.
YOU ARE READING
Nerdy Girl🌻 || GL Story || (COMPLETED ✅)
Non-Fiction"ඉතිං..... දැන් චූටිට කොහොමද?" "කවුද චූටි?"😳 ........................................................ "කරුණාකරලා මට මෙහෙම පස්සෙන් ඇවිත් කරදර කරන එක නතර කරන්න. ඔයා කොහොම කිව්වත් මම ඔයාට කැමති නැහැ!" "හ්ම්... ඒකත් එහෙමයි නෙහ්...." 😏 "ආාාහ්!!!! රන්දි...