i'm proud to be your husband (64)

4.1K 659 661
                                    

උදේ ජනෙල් අතරින් ආව ඉර එළිය කෙලින්ම වැටුනේ ඇඳේ හෙඩ්බෝර්ඩ් එක පැත්ත වෙනුවට අනිත් කෙලවරේ නිදාගෙන ඉන්න ජන්කුක්ගේ මුහුනට....

කට උල් කර කර ටේහියුන්ග්ගේ කකුලේ මහපට ඇඟිල්ල උරමින් හොඳ නින්දේ හිටිය ජන්කුක් ඉරත් එක්ක තිබ්බ ජන්මන්තර වෛරයක් හේතුවෙන් ඉරව කවදා හරි ඒ අත් අතරට  අහු උනොත් එකපාරම ජොබ කියලා ගිල දානවා කියන අදහසින් ජන්කුක් අවසානේ ඇස් ඇරියා....

තවමත් ටේහියුන්ග්ගේ කකුලේ ඇඟිල්ල උරන ගමන් කාමරේ පූරා විහිදුන එලියට ඇස් හුරු කර ගන්න ගමන් ජන්කුක් මෙච්චර වෙලා උර උර හිටිය ටේහියුන්ග්ගේ ඇඟිල්ල අතැරලා ටේහියුන්ග්ගේ කකුලට හාදුවක් දෙන ගමන් හෙඩ්බෝර්ඩ් එක පැත්තේ  ඔලුව තියන් ඉන්න ටේහියුන්ග් දිහා බැලුවා....

තමන්ගේ කකුල් දෙකම බදාගෙන දිවත් එලියේ දාගෙන සැරෙන් සැරේ නහය උඩට උස්සන ගමන් හිනීයට ගොරවන ටේහියුන්ග්ගේ කට කොනේ වැක්කෙරිලා තියෙන කෙල ටික තමන්ගේ කකුලෙන්ම පිහිදුව ජන්කුක් ටේහියුන්ග් දිහා දිලිසෙන ඇස් වලින් බලන් හුරතලේට හිනා වෙන්න ගත්තා.....

" මගේ නේ..."

තමන්ට විතරක් ඇහෙන්න මුමුනමින් එහෙම කිව්ව ජන්කුක් ටේහියුන්ග්ගේ එලියට නිරාවරණය වෙලා තියෙන විශාල පස්ස ගැන මොහොතකට ඉරිසියා කරන ගමන් ඒක ඩුවට් එකෙන් වහලා ටේහියුන්ග්ට නොදැනෙන්න ඇඳේ කොනට බඩ ගාගෙන  ආවා.....

බිම තිබ්බ ස්නෑක්ස් පැකට් අතරින් තමන්ගේ ස්ලිපර්ස් දෙක හොයා ගත්ත ජන්කුක් ඇස් දෙක වහගෙන බෙඩ්ශිට් එක අත් අතර පොඩි කර ගන්න ගමන්  ඇඳෙන් නැඟිටින්න ලෑස්ති උනේ ටේහියුන්ග්න්ට උදේ කෑම අද තමන්ගේ අතින්ම හදලා දෙන්න ඕන කියන බලාපොරොත්තුව ඇතුවයි...

ඩෝං 💥

ඇඳත් එක්කම දෙදරලා යන සද්දයක් කාමරේ ඇතුලෙන් ඇහෙද්දි ඇඳ උඩ සැප සේ නිදාගෙන ස්ට්‍රොබෙරි වත්තක් වටේ බකට් එකක් උස්සන් උඩ පැන පැන දුවනවා  හීනේන් දැක දැක තනියම හිනා වෙමින් හිටිය ටේහියුන්ග් ඇහුන සද්දෙත් එක්ක ගැස්සිලා ඇඳෙන් ඉද ගත්තා....

🐯: ඔහ් නෝ...!!! උතුරු කොරියාව යුද්දේ පටන් අරන් ?

Bratty kid     (Completed ✅)Where stories live. Discover now