3 Chapter

46 10 6
                                    

Jimin : ජියා...ජියා මැණික... පැටියො ඔප්පා තරහ නෑ මේ දොර අරිනන්කො...ඔයා මොකද කරන්නෙ...

Seo yoon : මට බය හිතෙනවා ජිමින්...🥺

Seo yoon , jimin දෙන්නා මූණට මූණ බලාගත්තෙ ජියා මොනවා හරි කරගෙනවත්ද කියලා හිතුන නිසා.එයාලාට නම් මේ වගේ දේවල් ලොකු පුදුමයක් වුනේ නෑ.මොකද මේ අවුරුදු හතර පුරාවටම ඔය වගේ දේවල් නම් කොච්චරකට නම් එයාලා මුහුණ දෙන්න ඇතිද...

Jimin : බබා ඔයා ගිහින් මේ රූම් එකේ extra key එක අරගෙන එන්න...

සෝයෝන් කියන පරක්කුවට දුවලා ගියෙ කී එක ගේන්න.සෝයෝන් කී එක ගෙනාවට පස්සෙ එයාලා රූම් එක ඇතුලට ගියත් ජියා පේන්න නම් හිටියෙ නෑ.
එත් වොෂ් රූම් එකේ වතුර වැටෙන සද්දයක් ඇහුන නිසා එයාලා හිතුවා ජියා වොෂ් රූම් එකේ ඇති කියලා.

Seo yoon : ජියා...ජියා...

Jimin : ඔයා ඇතුලට ගිහින් බලන්න සෝ...

සෝයෝන් හිමින් සැරේ වොෂ් රූම් එකේ දොර ඇරගෙන ඇතුලට ගියේ ජිමින් එළියෙ ඉදන් බලන් ඉන්නකොට...සෝයෝන් වොෂ් රූම් එකට යද්දිම දැක්කෙ shower එක ළඟ වැටිලා ඉන්න ජියාව...

Seo yoon : දෙයියනේ ජියා...අනේ ජිමින්...

ජිමිනුත් කඩාගෙන බිඳගෙන වොෂ් රූම් එක ඇතුලට ගිහින් ජියාව එයාගෙ අත් අතරට අරගත්තෙ සෝයෝනුත් shower එක off කරලා ජිමින්ගෙ පස්සෙන් එද්දිමයි.ජිමින් එහෙමම ජියාව ගිහින් තිබ්බෙ bed එකෙන්.

Jimin : ජියා...මැණික...ඔප්පාව ඇහෙනවද...🥺 එයා ෆේන්ට් වෙලා සෝ...එයාව චේන්ජ් කරන්න.මම එළියෙන් ඉන්නම්.

Seo yoon : හරි. චිම් ඔයා යුන්ගි ඔප්පාට හරි කතාකරන්නකො.අපි දන්නෙ නෑ නෙ ඇයි ෆේන්ට් වුණේ කියලා...

ජිමින් ඉක්මනින් Dr.Yoongi ට call එකක් ගත්තෙ එයාලගෙ ගෙදරට පුළුවන් තරම් ඉක්මනට එන්න කියලා.

Seo yoon : චිම් හරි එන්න..

සෝයෝන් ජියාව change කරලා ජිමින්ට කතා කළා.ජිමින් රූම් එකට ගියාට පස්සෙ ජියාව අරගෙන එයාගෙ රූම් එකේ තියෙන සෙටි එකෙන් තිබ්බා.බෙඩ් එකේ තියෙන තෙත බෙඩ් ෂීට් අයින් කරලා අලුත් බෙඩ්ශීට් මාරු කරලා ජියාව ආයෙත් bed එකෙන්ම තියලා ටිකක් වෙලා ගියාම Dr.Yoongi ආවා.Dr.Yoongi කියන්නෙ ජිමින්ගෙ හොඳ යාළුවෙක්.

|| I'M ONLY YOURS ||  ~•° JJK °•~ Where stories live. Discover now