Weird jungkook 👀(66)

3.5K 623 366
                                    

(After two years)

එදා ටේහියුන්ග් තකහනීයක්ම නිවාඩු දාලා ජන්කුක්වත් අරන් ශොපින් ගියේ දැන් මාසෙකට විතර ඉස්සෙල්ලා ඉදන් ක්ලොසෙට් එකෙ ඇඳුම් පුරවලා තිබ්බාත් අදින්න එක ඇඳුමක්වත් නැහැ කිය කිය නහයෙන් අඬන ජන්කුක්ගේ කන්කරච්චලේන් බේරෙන්නයි....

කාර් එකේ යන අතරමඟදිත් මං වෙනුවෙන් හුඟාක් සල්ලි වියදම් කරන්න එපා කියන ජන්කුක්ම ආයේ ටිකකින් මට ඇඳුමක් නැහැ කියලා විලාප තියද්දි ටේහියුන්ග්ට හිතුනේම මේ ඔක්කොම වලින් මිදිලා කෑලේකට ගිහින් භ්‍රමචාරි ජිවීතයක් ගත කරන්න.....

ටිකකින් රංගනේ යෙදිලා හති වැටුන ජන්කුක් ශටර් එකට ඔලුව තියන් පාර දිහා ඔහේ බලාගෙන ගියේ තමන්ගේ අඬවැඩියාව ටේහියුන්ග්ටත් කරදරයක් කියලා ඒ මුහුනේන්ම පේන්න ගත්ත නිසා....

විනාඩි ගානක්ම හරිම සංසුන් බවක් ඒ කාර් එක පූරා පැතිරුනාත් ජන්කුක් තවමත් ඉන්නේ කාර් එක ඇතුලේ නේ....

🐰:  පම්කින් ස්ටොප්....!!!

ශටර් එකට ඔලුව ගහගෙන හිටිය ජන්කුක් එකපාරම කෙලින් වෙලා ටේහියුන්ග්ගේ බාහුවකටද අතින් ගහන ගමන් කෑගහද්දි ඒ සද්දෙට කලබල වෙමින් මහපාරේම බ්‍රෙක් එක පෑගෙන්න ගිය ටේහියුන්ග් ඉක්මනින් සංසුන් වෙලා කාර් එක සයිඩ් එකකට වෙන්න නැවැත්තුවා....

🐯: මං කී පාරක් කියලා තියෙනවාද ඔයාට කාර් එක ඩ්‍රයිව් කරද්දි බෙල්ල මිරිකන් වගේ කෑගහන්න එපා කියලා....

🐰: එන්න එන්න අපි යමූ....

ටේහියුන්ග් ජන්කුක්ට ටිකක් සැර කරාත් ටේහියුන්ග්ගේ බණ ටේහියුන්ග්ටම තියා ගන්න කියලා නොකියා හැගෙව්ව ජන්කුක් කාර් එකෙන් දඩිබිඩියේ බැස්සා...

ජන්කුක් මොකක් දැකලාද මෙච්චර උඩ පනින්නේ කියලා තවමත් හරි අවබෝධයක් නැති උන ටේහියුන්ග් බැද ගත්ත බෙරේ ගහන්නත් එපැයි නේ කියලා ඔලුව දෙපැත්තට වනන ගමන් කාර් එකෙන් බැස්සෙ ජන්කුක් අනිවාර්යයෙන්ම මේ යන්නේ කෑම කඩයක් හොයාගෙන කියලා හිතලා....

Bratty kid     (Completed ✅)Where stories live. Discover now