Part - 08

175 24 8
                                    

VegasPete Beginning of the love - 08

❤️ Pete....

ඔහු පැමිණ මා සයනය මත තැබුවා නොවේ...  ..මා සයනය වෙත විසි කළා යැයි කීවා නම් මා නිවැරදිය.ඔහු මින් පෙර ඉතා ආවේගශීලී හැසිරීම් මා සමඟ සිදුකළද  මා පිළිබඳව නොතකමින් මෙලෙස හැසිරී තිබුණේ නැත.එලෙස සයනය මතට මා  දැමූ ඔහු, මා ඔහු දෙස බලා සිටියදීම එය එතරම් තැකීමක් නොකර  යන්නට වූයේ මා දෙස එකඳු හෝ බැල්මක් නොහෙළමින්...

"Vegass..."

ඉදින්  ....

...මා ඔහුව අමතන්නට වූයේ මෙය මෙලෙස අවසන් කිරීමට නොහැකි වූ නිසාවෙන්...මෙතෙක් වේලා දැඩි ප්‍රේමයකින් මා සිය දෑතින් ගෙන පැමිණි ඔහුට එක්වරම කුමක් වූවා දැයි මා සිතන්නට වූයේ මීට සුළු මොහොතකට පෙරදී ඔහුගේ හැසිරීමට වඩා මේ මොහොතේ ඔහු දක්වන හැසිරීම බොහෝ සෙයින් වෙනස් ව තිබූ බැවිනි..

"Vegass...."

ඔහුගේ අවධානය වැඩි වශයෙන් මා වෙත යොමු කර ගැනීම සඳහා මා මාගේ හඬට යම් සරාගී බවක් එක් කර ඔහුට ඇමතුවද
ඔහු මා කෙරෙහි සිය දෙනෙත් මොහොතකට හෝ යොමු නොකරමින් නානකාමරය තුළට වූයේ මා රිදුම් දෙන හදවතින් ඔහු දෙස බලා සිටිනා විටදීය.

ඇත්තෙන්ම ඔහුගේ මේ හැසිරීම මට නුහුරුය.මින් පෙර කිසිම දිනෙකදී ඔහු මෙලෙස මා නොතකා හැසිරී නැත.මෙලොව ඔහුට සිටි වටිනාම පුද්ගලයා වූයේ මාය.ඉදින් එලෙස ආදරයෙන් සිටි ඔහුගේ එක් මිනිත්තුවක වෙනස් වීම පවා මාගේ ළය පුරා වේදනාවන් ගෙන යද්දී මා සිටි අයුරින්ම ඇඳෙහි වකුටු වී නිදන්නට වූයේ මාගේ කඳුළින් සයනය තෙත් වන විටදීය.

🌸🌸🌸🌸🌸🌸🌸

දැඩි නින්දේ සිටි මාගේ දෑස් විවර වන්නට වූයේ මා  දෙතොලට දැනෙන්නට වූ  වයින් වල රසය නිසාවෙනි.පුදුමය හා බිය මිශ්‍ර හැඟීමෙන් දෙනෙත් විවර කළ මාගේ දෑසට හසු වූයේ කාමරය පුරා විහිදී ඇති ඉටිපන්දම් ආලෝකයත්  මා නිදා හුන් සයනය රෝස පෙතියෙන් හැඩව තිබූ අයුරුත් ය.එමෙන්ම  මාදෙසට නෙත් යොමමින්  වයින් වීදුරුවක් අතැතිව Vegas පසෙකින් සිටින්නට විය...

"Vega...."

මා ඔහුට ආමන්ත්‍රණය කිරීමට සැරසෙනා විටදී මා දෙතොල් මත සිය ඇඟිල්ලක් තබමින් ඔහු මා වළකාලන්නට විය.

VegasPete Beginning of the love...Where stories live. Discover now