Part - 13

173 23 6
                                    

VegasPete Beginning of the love - 13

හිරු එළිය මඳක් හෝ නොමැති උදා කාලය,ඒත් සමඟින් ඇඳ හැලෙන මහා වර්ෂාව , තව තවත් පරිසරය බියකරු කරමින් හමා යන චණ්ඩ මාරුතය...සියල්ලම පරදවා මා අසළින් දැනෙන ඔහුගේ උණුහුම..මේ සියල්ලෙන් සිත වෙනම ලෝකයක අතරමංව තිබියදී ඔහු කළ ඇරයුම නිසාවෙන්ම මා ඔහු හා සමඟ වෙළඳසැළට ගොස් අපගේ ආහාර ද්‍රව්‍ය ගන්නට වූයේ ඔහු මා පසුපසින් මා තෝරා දෙන්නට වූ සියල්ල රැගෙන පැමිණෙන විටදී ය.

අප නිවෙසට පැමිණෙන මොහොතේදී පැවතියා වූ වැහි බර කාලගුණය තව තවත් වැඩි වූවා මිසක අඩු වන සේයාවක් හෝ නොතිබිණ.ඔහුට ප්‍රථම ඉක්මනින් නිවස තුළට දිව ගිය මා ඉක්මනින් නාන කාමරය වැඳ අඟුලු ලා ගන්නට වූයේ නැතහොත් ඔහුටද මා සමඟ එක්ව ස්නානය කිරීමට අවැසි වන බැවිනි.

මා පිරිසිදු වී අවසන්ව පැමිණෙද්දී ඔහු සයනය මතට වී නානකාමරය දෙසට සිය දෑස් යොමු කරගනිමින් සිටියේය.

උදෑසන ආහාරය පිළියෙළ කිරීම සඳහා මා මුළුතැන්ගෙය වෙතට පිය නගද්දී ඔහු නාන කාමරය තුළට වූයේ මා නළලත් මත සිය දෙතොල් තබමින්.

මා මුළුතැන්ගෙයට වී ආහාර පිසිමින් සිටියදී මුළුතැන්ගෙයට පැමිණි Vegas මා ගෙල මත සිය මුහුණ හොවා ගනිමින් සිය සීතල දෑත් මා බඳ වටා ගෙන යන්නට වූයේ මා ගෙළ ඔහුගේ තෙත් වූ සීත සිප ගැනීම් වලින් පුරවාලමින්...

හැමදාමත් මා සිහින මවමින් ප්‍රාර්ථනා කළ ඒ ආදරණීය පෙම්වතා මා අසළ කෙමෙන් කෙමෙන් මැවෙනා විට ප්‍රීතිය උතුරා යන සිතින් මා ඔහු සමඟ උදා ආහාරය පිළියෙල කරන්නට වූයේ ඔහු මා අසළටම වී රැඳී සිටිනා විටදී....

පැවතීයේ වැසි සහිත කාල ගුණයක් වූ බැවින් Vegas මා සීත ආහාර ගැනීම සඳහා සිය විරුද්ධත්වය පෑවද මා හිතුවක්කාර අන්දමින් ඔහුගෙන් අයිස්ක්‍රීම් ඉල්ලන්නට වූයේ මා හට ඇත්තෙන්ම අයිස්ක්‍රීම් කෑම සඳහා ඒ මොහොතේ ආසාවක් ඇති වූ නිසාවෙනි.

"අයිස්ක්‍රීම් ..."

Vegas මා දෙස බලන්නට වූයේ සිය ඇස් බැමි ඔසවමින්..

"ම්ම්ම්..ඔව් අයිස්ක්‍රීම් තමයි..."

"මේ වැස්සත් එක්ක...

VegasPete Beginning of the love...Where stories live. Discover now